විදේශ රාජ්‍යයන් සමග ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් ඇතිකරගන්නා ගිවිසුම් අහෝසි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සැලසුම් සකස් කරයි (SBS සිංහල/ වාර්තා)

China Australia

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතාවයට පටහැනි හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් නම් විදේශ රාජ්‍යයන් සමග ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් ඇතිකරගන්නා ගිවිසුම් අහෝසි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සැලසුම් කරයි.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

මේ පිළිබඳව නිල ප්‍රතිඥාවක් ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison විසින් අද (27/08) ලබා දුන්නේය.
Prime Minister Scott Morrison and Victorian premier Daniel Andrews (AAP)
رئيس الوزراء الأسترالي سكوت موريسون ورئيس حكومة فيكتوريا دانيال أندروز Source: AAP

විදේශ රාජ්‍යයන් සමග ප්‍රාන්ත රජයන් ඇතිකරගන්නා ගිවිසුම්

දැනට පවතින නීතිය අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් හට කිසියම් විදේශ රාජ්‍යයක් සමග ගිවිසුමකට එළඹීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අනුමැතිය අවශ්‍ය නොවේ.

ඇතැම් විදේශ රටවල් මෙයින් පටු වාසි ලබාගෙන ඔස්ට්‍රේලියාවේ ජාතික අවශ්‍යතාවයට පටහැනි අයුරින් ක්‍රියා කර ඇති බව මෑත කාලීනව අනාවරණය විය.

ඒ අනුව එම ක්‍රමය සංශෝධනය කිරීමට අගමැති Scott Morrison ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය යෝජනාවක් ගෙන ඒමට නියමිතය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

ඒ අනුව යම් ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයක් හෝ නගර සභාවක් හෝ රජයේ විශ්ව විද්‍යාලයක් හෝ යම් විදේශ රටක් සමග ගිවිසුමකට එළඹෙනවානම් එම ගිවිසුම් නියාමනය කිරීම සඳහා මෙම යෝජිත බලතල වලින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට බලය ලබා දෙයි.

මෙම යෝජනාව ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය හා චීන රජය අතර මතභේදාත්මක වෙළඳ ගනුදෙනුවද අහෝසි වනු ඇත.

"මෙය පැහැදිලි පරීක්ෂණයක්. විදෙස් රාජ්‍යයන් සමග අපගේ ප්‍රාන්ත රජයන් හෝ නගර සභා හෝ විශ්ව විද්‍යාල හෝ ඇතිකරගන්නා ගිවිසුම් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විදේශ කටයුතු ප්‍රතිපත්තියට පටහැනි නම් ඒවා අහෝසි වනවා" යනුවෙන් අගමැති මොරිසන් පැහැදිලි කළේය.
Victoria virus
Victorian Premier Daniel Andrews (AAP) Source: AAP

වර්තමානයේ සියලුම ගිවිසුම් සමාලෝචනයකට ලක් කෙරේ

මෙම යෝජිත නීති යටතේ විවිධ විදේශ රටවල් 30 ක් සමඟ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයන් හෝ නගර සභා හෝ විශ්ව විද්‍යාල හෝ ඇතිකරගත් වර්තමාන ගිවිසුම් 130 කට වැඩි ප්‍රමාණයක් සමාලෝචනයට ලක් කෙරේ.

අදාළ ගිවිසුම් හා පවත්නා සියලු විධිවිධාන අනාවරණය කළ යුතු මහජන ලේඛනයක් (public register) ස්ථාපිත කෙරේ. පසුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය විසින් ඒවා සමාලෝචනය කරනු ඇත.

එවිට ඔස්ට්‍රේලියාවේ විදේශ සබඳතාවලට අහිතකර යැයි සලකන්නේ නම් හෝ විදේශ ප්‍රතිපත්තියට පටහැනි නම් දැනට පවත්නා ගිවිසුම් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය හට අහෝසි කළ හැකිය.
Australian Foreign Minister Marise Payne
Australian Foreign Minister Marise Payne Source: AAP

විදේශීය බලපෑම්

විදේශීය රාජ්‍ය ඔස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ වලට මුල්‍ය ආධාර ලබා දී අනිසි බලපෑම් සිදු කළ බවට වසර 2017 දී මහත් ආන්දෝලනයක් ඇතිවූ නිසා විදෙස් රාජ්‍යයන් වලින් ලැබෙන සියලුම දේශපාලන මුල්‍යාධාර තහනම් කිරීමට එවකට සිටි ඔස්ට්‍රේලියානු අගමැති Malcolm Turnbull හට සිදුවිය.

ඒ අතර ඔස්ට්‍රේලියානු දේශපාලනයට බලපෑම් කිරීම සඳහා වෙනත් රාජ්‍යයන් වෙනුවෙන් වැඩ කරන ඕනෑම කෙනෙකු සඳහා නව මහජන ලේඛනයක් පිහිටුවීය.

එමෙන්ම ඔස්ට්‍රේලියාවට විදෙස් ආයෝජන ලබා ගැනීමේදී අනුගමනය කරන නීතිද දැඩි කිරීමට පසුගිය වසරේදී වත්මන් ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් පියවර ගත්තේය.

ඩාවින් වරාය 99 වසරකට බදු දීම පිළිබඳ ආන්දෝලනාත්මක ආයෝජන ගනුදෙනුව නිසා එලෙස විදෙස් ආයෝජන නීති දැඩි කෙරුණි.

කෙසේනමුත්, එම ගිවිසුමේ දෙපාර්ශවය අතර වෙළෙඳ ගිවිසුම් බැහැර කර ඇති බැවින් ඩාවින් වරාය බදු දීම පිළිබඳ ගිවිසුම මෙම නව බලතල යටතේ සමාලෝචනය නොකරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය වන Marise Payne, ABC රූපවාහිනියට පැවසුවාය.

වානිජ අංශ සහ රජය සතු වෙළෙඳ අංශ සමග ඇතිකරගන්නා ගිවිසුම් මෙම නව බලතල වලින් බැහැර කෙරේ.

හමුදා විද්‍යාල වැනි විදේශීය රජයක ආයුධ නොවන්නේ නම් එම තත්ත්වය විදේශ විශ්ව විද්‍යාල සඳහා ද අදාළ වෙයි.
Sinhala infographic - How to where a mask
Source: SBS

Share
Published 27 August 2020 1:11pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends