කොරෝනා වෛරසය පාලනය කිරීමේ කාර්යය ඉතා අපහසු වීමට බොහෝ හේතු පවතින අතර කොරෝනා වෛරස රෝග ලක්ෂණ වෙනත් උණ ඇතුලු අනෙකුත් වෛරස වල රෝග ලක්ෂණ හා සමාන වීම එය පාලනය කිරීමේ කටයුතු සඳහා ප්‍රධාන බාධකයක් වේ.
University of South California හි සමීක්ෂකයින් පිරිසක් කොරෝනා රෝගීන් 55,000ක් අනුසාරයෙන් මේ පිළිබඳව කල සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණ පහත දැක්වෙන පරිදි නිශ්චිත අනුපිළිවෙලකට අනුව මතුවන බවයි.
1. උණ
2. කැස්ස
3. ඔක්කාරය සහ / හෝ වමනය
4. පාචනය
මෙම රෝග ලක්ෂණ මතු වීමේ අනුපිලිවෙල සෙසු ශ්වසන රෝග හේතුවෙන් මතුවන රෝග ලක්ෂණ වලට වඩා තරමක වෙනස් අනුපිළිවෙලක් ගන්නා අතර මෙම තත්වය කොරෝනා වෛරසය හඳුනාගැනීම සඳහා තරමක පහසුවක් ගෙන දෙන බවද එම පර්යේෂකයින් පෙන්වා දී තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
කෙසේ නමුත් කැස්ස ඇති වීම ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ පළමු රෝග ලක්ෂණය වන අතර මේ වනවිට කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමග වෛරසයේ මුල් අවධියේදී මෙම රෝග ලක්ෂණ වෙන් කොට හඳුනාගැනීමට තරමක අපහසුවක් මතුව ඇතැයිද එම පර්යේෂකයින් සඳහන් කොට තිබේ.
එමෙන්ම මේ වන විට පවතින තත්වය මත මෙම කොරෝනා රෝග ලක්ෂණ අනුපිලිවෙල පිළිබඳව අවබෝධයෙන් සිටීම ඉතා වැදගත් වන බව University of South California හි ඖෂධ සහ ජීව විද්‍යා ඉන්ජිනේරු මහාචාර්ය Peter Kuhn අවධාරණය කොට තිබේ.
ඕස්ට්‍රේලියානු සෞක්‍ය දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වලට අනුව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 42% කට කැස්ස පැවතී ඇති අතර 30% උණ තත්වයක් පැවතී තිබේ.
මෙම COVID-19 වෛරසය Middle East Respiratory Syndrome (MERS) සහ Severe Acute Respiratory Syndrome (SARS) වෛරසයට වඩා තරමක වෙනස් ක්‍රියාවලියක් හඳුනාගැනීමටද සමීක්ෂකයින් සමත්ව ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ COVID-19 වෛරසයෙන් මුලින්ම ඉහල ආමාශ ආන්ත්‍රයික පත්‍රිකාවට බලපෑම් සිදුවන අතර ඉන් පසුව එහි බලපෑම පහල ආමාශ ආන්ත්‍රයික පත්‍රිකාවට සිදු වන බවයි.ඇතැම් රෝගීන්ට පාචනය ඇති වීමට පෙර වමනය හෝ ඔක්කාරය ඇති වීමට මෙය හේතු වන අතර මෙම තත්වය මීට ප්‍රතිවිරුද්ධ අයුරින් සෙසු ශ්වසන අබාධ වලදී සිදු වන බව ඔවුන් පෙන්වා දී තිබේ.

Victoria Increases COVID-19 Testing As Government Considers Easing Coronavirus Lockdown Restrictions Source: Getty Images AsiaPac
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
චීනයේ කොරෝනා රෝගීන් 55,924 දෙනෙකු යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදු කොට ඇති අතර දරුණු සහ සාමාන්‍ය යන රෝගී අවස්ථා දෙකෙහිදීම මෙම රෝග ලක්ෂණ අනුපිලිවෙල වෙනස් නොවන බව සමීක්ෂකයින් අවධාරණය කර සිටී.
මේ අනුව කොරෝනා වෛරස රෝග ලක්ෂණ අනුපිළිවෙලින්
1. උණ
2. කැස්ස
3. උගුරේ අමාරුව, හිසරදය හෝ මාංශ පේශි කැක්කුම ඇතිවීමේ සම්භාවිතාව
4. ඔක්කාරය / වමනය
5. පාචනය
ඉන්ෆ්ලුවෙන්සා වෛරස රෝග ලක්ෂණ අනුපිළිවෙලින්
1. කැස්ස හෝ මාංශ පේශි කැක්කුම
2. හිසරදය
3. උගුරේ අමාරුව
4. උණ
5. වමනය / ඔක්කාරය හා පාචනය ඇතිවීමේ සම්භාවිතාව
University of NSW හි ජ්‍යෙෂ්ඨ වෛරස අධ්‍යන විද්‍යාඥාවරියක වන Sacha Stelzer-Braid පෙන්වා දී ඇත්තේ මෙම සමීක්ෂණ ප්‍රතිඵල පූර්ව පර්යේෂණයන්ට අනුකුල වන බවයි.
ඇය සඳහන් කොට ඇත්තේ වෛරසය වැළඳුනු විට ශරීරය ප්‍රතිශක්තිය සඳහා ප්‍රතික්‍රියා කිරීම මගින් උණ වැළඳෙන අතර වෛරසය නාසය ඔස්සේ පෙනහලු වෙත ගමන් කරද්දී කැස්ස හටගන්නා බවයි. එමෙන්ම ඉන් පසුව මෙම වෛරසය පුද්ගල ශරීරයේ අමාශ ආන්තරායික පද්ධතියේ සෛල වලට ඇතුලු වීම මගින් පාචනය තත්වයක් ඇති වන බවද ඇය සඳහන් කොට තිබේ.
කෙසේ නමුත් මෙම දත්ත රෝහල් ගත කල රෝගීන් අනුසාරයෙන් ලබාගෙන ඇති අතර කොරෝනා රෝගලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණයේ කරුණු අඩංගු නොවන බවද ඇය අවධාරණය කොට තිබේ.

Source: AAP
කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණය උණ තත්වය වීම මත බොහෝ පොදු ස්ථාන වල සිදුකෙරෙන උෂ්ණත්ව පරීක්ෂාව ප්‍රයෝජනවත් ක්‍රියාවලියක් වන අතර උණ රෝගය පවතින පුද්ගලයින් වහාම රෝග පරීක්ෂාව සිදුකරගැනීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා කටයුතු කලයුතු බව සමීක්ෂකයින් සඳහන් කොට තිබේ.