Mobile App stores සම්බන්ධව නව විමර්ශනයක් සිදු කිරීමට ඔස්ට්‍රේලියාව සූදානම් වෙයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
Australian Competition and Consumer Commission හෙවත් ඔස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිසම විසින් මෙම විමර්ශනය සිදු කිරීමට යන බව සඳහන්.

Confiscan aparatos electrónicos de trabajador vinculado a confinamiento en Australia del Sur. Source: Pixabay
Mobile apps වෙළෙඳපොළ විමර්ශනය
Mobile apps වෙළෙඳපොළ වලින් Mobile app එකක් download කරගන්නා විට ඒවායේ දත්ත එකතු කිරීමේ වැඩපිළිවෙල සහ කොන්දේසි පිළිබඳ පාරිභෝගික්යින්ව නිසි පරිදි දැනුවත් කරනවාද යන්න පිළිබඳ මෙම විමර්ශනය සිදු කෙරේ.
Mobile apps වෙළඳපොලවල් පරීක්ෂා කිරීමේ කොටසක් ලෙස ඔස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිසම සාකච්ඡා පත්‍රිකාවක් නිකුත් කර තිබේ.
Mobile apps වෙළෙඳ පොළේ ප්‍රධානතම වෙළඳපොලවල් දෙක ලෙස කටයුතු කරන්නේ Apple App Store සහ Google Play Store ය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
2019 වසරේදී Apple App Store වෙතින් බිලියන 30.6 ක apps වර්ග පාරිභෝගිකයින් විසින් download කරගෙන ඇති අතර බිලියන 84.3 ක apps වර්ග Google Play Store වෙතින් download කරගෙන තිබේ.
ඒ අනුව ලෝකය පුරා ජංගම දුරකතන හිමිකරුවෝ සතියකට වරක් ඩොලර් බිලියන 1.5 ක් පමණ Mobile apps වර්ග download කිරීමට වියදම් කරන බවද සඳහන්.
මේ අතර Apple App Store සහ Google Play Store වැනි Mobile apps වෙළඳපොලවල් වෙත දිනපතා Mobile apps 4000 ක් පමණ එකතු කෙරෙන බවද වාර්තා වේ.

Source: Pixabay
පාරිභෝගිකයින් ගේ දත්ත එක් රැස් කිරීම
Mobile apps වෙළෙඳපොළේ තරගකාරීත්වය ඉහළ දැමීමට මෙන්ම එම කර්මාන්තය දියුණු කිරීමට ඔස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිසමට අවශ්‍ය සේම Apple, Google සහ අනෙකුත් Mobile apps සපයන්නන් Mobile apps වලින් පාරිභෝගිකයින් ගේ දත්ත එක්රැස් කරගන්නේ කෙලෙසදැයි සොයා බැලීමට ද උනන්දු වේ.
පාරිභෝගිකයින්ගේ දත්ත විවිධ හේතු මත එකතු කරගත හැකිවේ.
Download කරගන්නා Mobile app එකේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට, පර්යේෂණය කිරීමට සහ වැඩි දියුණු කිරීමට හෝ පාරිභෝගික අත්දැකීම් අනුව ඒවා සකස් කිරීමට යන හේතු මත එලෙස පාරිභෝගිකයින්ගේ දත්ත එකතු කරගැනේ.
නමුත් එය ෆේස්බුක් වැනි ඩිජිටල් මාධ්‍ය සමඟ සහ පරිශීලකයෙකුට ඉලක්කගත වෙළඳ දැන්වීම් සැපයීම සඳහාද බෙදා දිය හැකිය.
"එකතු කරන ලද දත්ත ප්‍රමාණය සහ වර්ග පිළිබඳව පාරිභෝගිකයාට සෑම විටම ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දත්ත එකතු කිරීම පිළිබඳ පාලනයක් ද ඔවුන්ට නිරතුරුවම ලැබෙන්නේ නැහැ." යනුවෙන් අධ්‍යනයක් පෙන්වා දී ඇතැයි ඔස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිසම අද (08/09) පැවසීය.
"එලෙස දත්ත එකතු කිරීමේ අවදානම් පිළිබඳවද එම අධ්‍යනය සොයාගෙන තිබෙනවා. දත්ත වැරදි ලෙස හැසිරවීම, වෙනස් කොට සැලකීම සහ බැහැර කිරීම, ආරක්ෂාව නැතිවීම මෙන්ම ව්‍යාපාර කෙරෙහි පාරිභෝගික අවිශ්වාසය ඇති වීම වැනි අවදානම් ඒ අතර වෙනවා" යනුවෙන්ද ඔවුහු වැඩි දුරටත් පැහැදිලි කළහ.
මෙම ප්‍රතිචාර සමග ඔස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිසම විසින් ඉදිරිපත් කළ අදාළ සාකච්ඡා පත්‍රිකාව ඔක්තෝබර් 2 දක්වා විවෘත වේ.
2021 මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg වෙත මෙහි අවසන් වාර්තාව සහ නිර්දේශ යැවීමට අපේක්ෂා කෙරේ.

. Source: SBS Sinhala