COVID-19 සීමාවන් සමග ඇති වූ ආර්ථික පරිහානිය හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියානුවන් මිලියන 3ක් පමණ සිය Superannuation ගිණුමෙන් මුදල් ගැනීම සිදු කොට තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආර්ථික විශේෂඥයින් පවසන්නේ සිය Superannuation ගිණුමේ තත්වය සමාලෝචනය කිරීමට මෙය හොද අවස්ථාවක් බවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුල විරැකියාව 7.5 දක්වා ඉහල මට්ටමකට ළඟා වී ඇති අතර මෙය 1988 වසරින් පසු ඔස්ට්‍රේලියාව තුල උද්ගත වූ දරුණුතම විරැකියා ප්‍රතිශතයයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
The Australian Prudential Regulation Authority හි දත්ත පෙන්වා දෙන්නේ මේ වන විට ඕස්ට්‍රේලියානුවන් මිලියන 3.1ක් සිය මූල්‍ය අවශ්‍යතා සඳහා Superannuation ගිණුමෙන් මුදල් ලබාගෙන ඇති බවයි. මේ අතර ඕස්ට්‍රේලියානුවන් හට මුල්‍ය තීරණ ගැනීම සඳහා නොමිලයේ විවිධ භාෂා මගින් උපකාර කිරීමට Services Australia පියවර ගෙන තිබේ.
රැකියා අහිමි වූ, සුදුසුකම් සපුරාලන ඕස්ට්‍රේලියානුවන් , සුදුසුකම් සහිත ස්ථිර පදිංචි කරුවන් සඳහා මෙන්ම සිය රැකියාවේ ලැබෙන කාලය සහ කුඩා ව්‍යාපාර සඳහා වන පිරිවැටුප 20%කින් අඩු වූ පිරිසට ජනවාරි 1 වැනිදායින් පසු කොරෝනා වෛරසය හේතුවෙන් ලබාදෙන මුල් නිදහස් කිරීමේ ක්‍රමය සඳහා ප්‍රවේශ විය හැකි බව මූල්‍ය තොරතුරු සේවා නිලධාරි Justin Bott පවසයි.
තාවකාලික සංක්‍රමණිකයින් හට ජූලි මාසයට පෙර එක වරක් පමණක් සිය Superannuation ගිණුමෙන් $10,000 ක් ගත හැකි අතර ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට 2020/21 මූල්‍ය වර්ෂයේදී තවත් ඩොලර් $10,000 ක් ලබා ගත හැක.
කෙසේ නමුත් COVID-19 ඔස්ට්‍රේලියාව තුල ව්‍යාප්ත වීමට පෙර, විශේෂ හේතුන මත Superannuation ගිණුමෙන් මුදල් ලබාගැනීමට පැවති හැකියාව තවමත් තාවකාලික විසා හිමියන්ට පවතින අතර ඕස්ට්‍රේලියාවෙන් ස්ථිර වශයෙන් පිටත්ව යාමට බලාපොරොත්තු වන නවසීලන්ත වැසියන් සඳහා එම හැකියාව නොපවතින බව මූල්‍ය අයිතිවාසිකම් නීති මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර් Jen Lewis පවසයි.
මූල්‍ය අර්බුදයක සිටින පුද්ගලයින්ට සහ සති 39 ක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ඇතැම් Centrelink දීමනා ලබාගෙන ඇති වයස අවුරුදු 55 ට වැඩි පිරිසට මෙම Superannuation ගිණුමෙන් මුදල් ලබාගැනීමට හැකියාව පවතී.

Adelaide pedestrians Source: AAP Image/Kelly Barnes
හදිසි වෛද්‍ය ප්‍රතිකාර හෝ වෛද්‍ය ප්‍රවාහනය සඳහා, තම නිවස විකිණීම වැළැක්වීම සඳහා, අවමංගල්‍යයක් සඳහා හෝ යැපෙන්නෙකුගේ මරණයට අදාළ වියදම් හෝ ප්‍රතිකාර හා සම්බන්ධ වියදම් සඳහා මුදල් අවශ්‍ය අයට විශ්‍රාම ගැනීමට පෙර මෙලෙස මුදල් ඉල්ලුම් කල හැක. Superannuation ගිණුමට කලින් ප්‍රවේශ වන්නන් සඳහා $10,000ක් ගැනීමට හැකියාව පවතින අතර දැඩි මූල්‍ය දුෂ්කරතා හෝ අවුරුදු 60 ට පිරිසට හැර අනෙක් පිරිස සඳහා සියයට 17 ත් 22 ත් අතර බදු අය කෙරේ.
ඇතැම් අවස්ථාවලදී බංකොලොත් වීමට වඩා Superannuation මුදල් කලින් ලබාගැනීම සාර්ථක වුවද අවසාන තීරණය ගැනීමට පෙර හොදින් සිතා බලන ලෙස Jen Lewis අවධාරණය කර සිටී.
කෙසේ නමුත් වර්තමානයේදී වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින්ට හෝ යුවලකට සාමාන්‍ය ලෙස සිය විශ්‍රාම දිවිය ගතකිරීම සඳහා වසරකට $27,902 සිට $40,380 පමණ පුදලක් අවශ්‍ය වන බව Association of Superannuation Funds of Australia (ASFA) වාර්තා පෙන්වා දෙයි.
එහෙත් 2017-18 වාර්තාවන්ට අනුව ඕස්ට්‍රේලියානු සංක්‍යාලේඛන කාර්යාංශය සඳහන් කරන්නේ විශ්‍රාම යන විට කාන්තාවන්ගේ Superannuation ගිණුමේ ඩොලර් 45,000 ක් සහ පිරිමින්ගේ Superannuation ගිණුමේ ඩොලර් 65,000 ක් පමණක් පවතින බවයි.
ඔබ Superannuation ගිණුමෙන් කලින් මුදල් ලබාගැනීම සිදු කළහොත් එමගින් ඔබේ විශ්‍රාම ඉතිරිකිරීම සැලකිය යුතු ලෙස පහත වැටෙන අතර ඔබ වයස 50 දී $10,000 ක් ගත හොත් ,වයස 65 පමණ වන විට $25,000 ක හෝ $30,000ක අලාභයක් ඔබට හිමිවිය හැකි බව පර්ත් හි මූල්‍ය උපදේශකයෙකු වන Dan Hewitt පවසයි.

Mzee wakiume afanya usafi Source: Getty Images
Dan Hewitt වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කලින් මුදල් ලබාගැනීම මගින් විශ්‍රාම ගිය පසු වැදගත් රක්ෂණ හිමිකම් අහිමිවීමේ හැකියාවක් පවතින අතර ඔබේ Superannuation ගිණුම වසා දැමුව හොත් හෝ $6,000 කට වඩා අඩු මුදලක් පැවතුනහොත් ඔබට ජීවිත රක්ෂණය හෝ සම්පුර්ණ සහ ස්ථිර අබාධිත රක්ෂණය අහිමිවීමට හැකියාව ද පවතින බවයි.
කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව තුල කෙටි කාලයක් පමණක් සිටිපිරිස සිය Superannuation ගිණුමෙන් මුදල් ලබාගැනීම සිදු නොකළ යුතු බවද Dan Hewitt කියා සිටි.
සාමාන්‍යයෙන් කාන්තාවන් $157,050 ක මුදලක් සහ පිරිමින්ට $270,710 ක් මුදලක් සහිතව විශ්‍රාම යන බවට ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙයි, නමුත් විශ්‍රාම යාමට අසන්න සෑම කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක් අයකුට Superannuation ගිණුමක් නොමැති බව හෙළිව තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
තම දරුවන් හෝ පවුලේ සාමාජිකයෙකු රැකබලා ගැනීමේදී වසර ගණනාවක් පඩි රහිත නිවාඩු ගැනීම හේතුවෙන් ඇතැම් කාන්තාවන් තම Superannuation ගිණුමෙන් කලින් මුදල් ලබාගැනීම සිදු කරන බව Griffith Business School හි අධීක්ෂණ හා මූල්‍ය සැලසුම් පිළිබඳ කථිකාචාර්ය Whitley Bradford පෙන්වා දෙයි.
හවුල්කරුවකු සිටින අය සඳහා රජයේ සම-දායකත්වය හෝ සුභසාධන දායකත්වය මගින් අතිරික්ත ඉතුරුම් උත්පාදනයක් සිදු කළ හැකි ක්‍රම පවතින් අතර කුඩා ව්‍යාපාර හිමිකරුවන් හෝ ස්වයං රැකියාලාභීන් බොහෝ විට තම Superannuation ගිණුමට මුදල් වෙන්කිරීම සිදු නොකරන බව Whitley Bradford පවසයි.
කුඩා ව්‍යාපාර හිමිකරුවන් සහ ස්වයං රැකියාලාභීන් සෙසු සේවකයින් මෙන් තම Superannuation ගිණුමට මුදල් වෙන්කිරීම සිදුකලයුතු අතර උදාහරණයක් ලෙස %32.5 බදු ගෙවන සේවකයකු හට $25,000 ක් පමණ Superannuation ගිණුමට බැර විය හැකි බව ඇය පෙන්වා දේ.

Woman on swing in garden Source: Getty Images/Leren Lu
අඩු බදු අනුපාතයක් ඇති පිරිස, වසරකට ඩොලර් 18,000 ක් උපයන පිරිස, බදු ගෙවීමෙන් පසු Superannuation ගිණුමට මුදල් යෙදවිය හැකි අතර රජයේ සහයෝගයටද සුදුසුකම් ලැබිය හැකි අතර එය බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකි බවද ඇය පෙන්වා දෙයි.
පවතින වසංගතය අතරතුර විවිධ වංචාකරුවන් Superannuation ගිණුම් මගින් මුදල් ලබාගැනීමේ ප්‍රවනතාවයක් ඉස්මතුව ඇති අතර එම වංචාකරුවන් ඕස්ට්‍රේලියානු බදුකරණ කාර්යාල නිලධාරියකු හෝ වෙනත් අයුරකින් පෙනී සිටිමින් පෞද්ගල්ක තොරතුරු ලබාගන්න බව Super Consumers Australia හි අධ්‍යක්ෂ Xavier O’Hollaran පවසයි.
2019 වසරේදී ඉංග්‍රීසි කතා නොකරන පසුබිම් සහිත පුද්ගලයින් ඉලක්ක කරගනිමින් මෙම වංචාසහගත ක්‍රියා 90%කින් ඉහල ගොස් ඇති අතර එමගින් වී ඇති පාඩුව ඩොලර් මිලියන 14ක්.
තායි ප්‍රජාව මෙම වන්චාවන්හි ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇති අතර මෙම ප්‍රජාව තේරුම් ගන්නා භාෂාවකින් කතා කරන පුද්ගලයින් මෙම වංචා සිදු කොට ඇති විශ්වාස කෙරේ.
බොහෝ ඕස්ට්‍රේලියානුවන් හට තම Superannuation ගිණුම සම්බන්ධයෙන් දැනුමක් නොමැති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීම වැදගත් වේ.

Source: Getty Images/Hybrid Images
ඔබේ භාෂාවෙන් නොමිලේ මූල්‍ය තොරතුරු සඳහා, 131 202 ඔස්සේ Services Australia හි මූල්‍ය තොරතුරු සේවාව අමතන්න.
ඔබගේ තොරතුරු සොරකම් කර ඇත්නම්, 1800 595 160 අංකයෙන් IDCARE අමතන්න.