කොරෝනා වසංගතයට ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකක් පමණ චීන ප්‍රජාවට දොස් පවරන බව නවතම මත විමසුමකින් හෙළි වෙයි (SBS සිංහල/ වාර්තා)

The COVID-19 pandemic has seen a spike in racism.

The COVID-19 pandemic has seen a spike in racist incidents. Source: AAP

ඔස්ට්‍රේලියාවට කොරෝනා වසංගතය පැමිණීමට සහ එය ඔස්ට්‍රේලියාව තුළ ව්‍යාප්ත වීමට චීන ජාතිකයන් මූලික වශයෙන් වගකිව යුතු බව ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකක් විශ්වාස කරන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

මේ අතර කොරෝනා වයිරස් වසංගතයට සම්බන්ධ ජාතිවාදයට එරෙහිව සටන් කිරීම සඳහා තවත් බොහෝ දේ කිරීමට ඇති බවට ඉල්ලීම් රාශියක් ලැබී ඇත.
Coronavirus
Source: Getty Images

ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකක් චීන ජාතිකයින් ට චෝදනා කරයි

ආසියානු ඕස්ට්‍රේලියානු සන්ධානය (Asian Australian Alliance) වෙනුවෙන් Essential Media විසින් මෙම මත විමසුම පවත්වන ලදී.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ නැගීමට පටන් ගත් නිසා පසුගිය අගෝස්තු මුලදී ඔස්ට්‍රේලියානුවන් 1,010 ක් සහභාගී කරගනිමින් මෙම සමීක්ෂණය කරන ලදී.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

"බොහෝ කොරෝනා ආසාදිතයින් ඔස්ට්‍රේලියාවට ගෙන ආවේ චීන ජාතිකයන් විසිනි" යනුවෙන් ප්‍රකාශයක් එම සමීක්ෂණයේදී අදාළ සහභාගී වූවන්ට පෙන්වා ඇති අතර එයට සහභාගී වූ පිරිසෙන් 31% ක් එය "නියත වශයෙන්ම" හෝ "බොහෝ විට" සත්‍ය යැයි විශ්වාස කළහ.

අදාළ ප්‍රකාශයේ සත්‍යතාව පිළිබඳව තමන්ට සැකයක් ඇති බව තවත් 16% ක් කියා සිටි බව වාර්තා වේ.

තවද එම ප්‍රකාශය අසත්‍ය බවට සමීක්ෂණය සඳහා සහභාගී වූ පිරිසෙන් 53% ක් ප්‍රකාශ කර ඇත.

කොරෝනා වයිරසය චීන ප්‍රජාවන් සහ පවුල් තුළ පැතිරීමට වැඩි ඉඩක් ඇති බවට තවත් ප්‍රකාශයක් එම සමීක්ෂණයේදී ප්‍රදර්ශනය කෙරුණි.

එය සත්‍ය බවට 21% ක පිරිසක් විශ්වාස කළ අතර තුනෙන් දෙකක් එම ප්‍රකාශය අසත්‍යයක් ලෙස ප්‍රතික්ෂේප කළහ.

තුනෙන් දෙකක් එම ප්‍රකාශය අසත්‍යයක් ලෙස ප්‍රතික්ෂේප කළහ.
Corona racism
Source: AAP Image/ Joel Carrett

සමීක්ෂණයේ ප්‍රතිඵල අනපේක්ෂිතයි

මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල පිළිබඳ වද වන නමුත් එය අපේක්ෂිත එකක් නොවූ බව ආසියානු ඔස්ට්‍රේලියානු සන්ධානයේ වික්ටෝරියානු කැඳවුම්කරු Molina Asthana පැවසුවාය.

කොරෝනා වසංගතය ආරම්භ වූ දා සිට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ආසියානු සම්භවයක් සහිත ජනතාවට එරෙහිව කොරෝනා වයිරසය සම්බන්ධ සිදුවූ වර්ග වාදී සිදුවීම් 500 කට අධික සංඛ්‍යාවක් තම සංවිධානයට ලැබුණු බව ඇය SBS පුවත් සේවයට පැවසුවාය.

එම ක්‍රියා නිරන්තරයෙන් ඉහළ යමින් පවතින බවත් ඒවායේ අඩුවීමක් එතරම් දැක නැති බවත් ඇය පෙන්වා දුන්නාය.

කොරෝනා වසංගතය මධ්‍යයේ වැරදි තොරතුරු පැතිරීම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බවත් ඒ හරහා චීන විරෝධී හා ආසියානු විරෝධී හැඟීම් අවුලුවන බවත් Molina Asthana අනතුරු ඇඟවූවාය.

"කොරෝනා වයිරසයට චීන සම්භවයක් ඇති පුද්ගලයින්ට නිරතුරුවම දෝෂාරෝපණ එල්ල වන බව අපට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් පවා. මෙම වයිරසය චීන ජනතාව විසින් හිතාමතාම ව්‍යාප්ත කරන ලද්දක් බව බොහෝ දෙනා සිතා සිටින අතර එය වැරදි මතයක්." යනුවෙන් ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.

චීන විරෝධී ප්‍රහාර රාශියක් මෙල්බර්න් නුවර දී

මේ සතිය මුලදී මෙල්බර්න් නුවර චීන විරෝධී ප්‍රහාර රාශියක් සිදුවී තිබේ.

ඉන් එක් සිදුවීමක දී, චීන සමාගමක් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයක ලිපියක් ලියා තබා "මුළු ලෝකයම දූෂණය කර, මිලියන ගණනක් ඝාතනය කරන" බවට එහි හිමිකරුවන්ට චෝදනා කර තිබේ.

එමෙන්ම තමන්ගේ රට වන චීනයට ආපසු යන ලෙසද ඔවුන්ට එම ලිපියෙන් බල කර තිබේ.

මෙම ලිපියේ ද ඉහත සඳහන් කළ චීන විරෝධී ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, එය නැවැත්වීමේ අවශ්‍යතාවයක් ඇති බව ආසියානු ඔස්ට්‍රේලියානු සන්ධානයේ වික්ටෝරියානු කැඳවුම්කරු Molina Asthana පැවසුවාය.

සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන් වෙත එය යොමු වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

මෙවැනි අන්දමේ ක්‍රියා වහා නැවැත්විය යුතු බවත් මේ මොහොතේ එකිනෙකාට උපකාර කිරීම අවශ්‍ය බවත් අගමැති Scott Morrison පසුගිය අප්‍රේල් මාසයේදී මෙවැනි අන්දමේ සිද්ධි වාර්තා වීමත් සමග පැවසුවේය.

ඔස්ට්‍රේලියාව තුළ ජාතික මට්ටමින් වර්ගවාදී විරෝධී උපාය මාර්ගයක් ස්ථාපිත කළ යුතු කාලය එළඹ ඇති බව බහු සංස්කෘතික සංවිධාන මධ්‍යම රජයට පවසයි.

මෙවැනි බාල ගනයේ හිංසාකාරී ප්‍රකාශ, විරෝධ, සහ වැරදි අවබෝධ දුරලීමට මනා සැලැස්මක් අවශ්‍ය බව FECCA සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී Mohammad Al-Khafaji, SBS පුවත් සේවයට පැවසීය.
how to where a mask
. Source: SBS Sinhala

Share
Published 11 September 2020 11:16am
Updated 12 August 2022 3:16pm
By Naveen Razik, Madhura Seneviratne


Share this with family and friends