ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් තවත් කොරෝනා මරණ 9 ක් සමග අලුතින් කොරෝනා ආසාදිතයින් 43 ක් වාර්තා වේ.
ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 710 කි.
ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (11/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 797 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර අගෝස්තු 27 සිට සැප්තැම්බර් 9 දක්වා වූ දින 14 තුළ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගේ සාමාන්‍ය අගය 70.1 ක් ලෙසත් වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල 4.5 ක් ලෙසත් සටහන් වී තිබේ.