2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය එළඹෙන ඔක්තෝබර් 06 වන දින ඉදිරිපත් කිරීමට නියමිතය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ප්‍රාදේශීය කලාප වල පළතුරු හා එළවළු අස්වැන්න නෙළීමට තර්ජනයක් වන ගොවිපල ක්ෂේත්‍රයේ ශ්‍රම ඌනතාවන් මඟහරවා ගැනීමට එහිදී ක්‍රමෝපායක් ඉදිරිපත් කිරීමට මධ්‍යම රජය සූදානම් වේ.

Seasonal workers pick Riesling grapes at Surveyor's Hill vineyard outside Canberra. Source: AAP
රැකියා විරහිත ඔස්ට්‍රේලියානුවන් ට ප්‍රාදේශීය කලාප වල අස්වනු නෙලීමට වරම්
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල ක්‍රියාත්මක වන ගොවිපොළ වල අස්වනු නෙලීමට රැකියා විරහිත ඔස්ට්‍රේලියානුවන් හට අවස්ථාවක් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.
මේ සඳහා ඔවුන්ට මුල්‍ය දිරිගැන්වීමක් ද ලබාදෙනු ඇතැයි වාර්තා වේ.
එළඹෙන ඔක්තෝබර් 06 වන දින ඉදිරිපත් කිරීමට නියමිත 2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා වූ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයේ දී මේ පිළිබඳ සම්පූර්ණ ක්‍රමෝපාය ඉදිරිපත් කිරීමට මධ්‍යම රජය සූදානම් වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
රැකියා විරහිත ඔස්ට්‍රේලියානුවන්ට ගොවිපොළ වල පළතුරු සහ එළවළු නෙලීමට අවස්ථාවක් ලබා දීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍ය David Littleproud හට අවශ්‍ය වී තිබේ.
"අපි JobSeeker දීමනා ලබන ඔස්ට්‍රේලියානුවන් ආර්ථික වශයෙන් දිරිගැන්වීම පිළිබඳව ඉතා ඉක්මණින් ප්‍රකාශයට පත් කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා. එමෙන්ම Youth Allowance දීමනාව ලබන පුද්ගලයින් වෙතද මෙහිදී අපගේ අවධානය යොමුවී තිබෙනවා." යනුවෙන් ඔහු අද (30/09) The Sydney Morning Herald පුවත් පතට පැවසුවේය.

Australian Agriculture Minister David Littleproud Source: AAP
වීසා දිගු කිරීම් හා ආර්ථික ප්‍රතිලාභ
මෙම නව වැඩසටහන හරහා සුභ සාධන දීමනා ලබන්නන් හට තම ප්‍රතිලාභ වලට බලපෑමක් නොවන ලෙස දෙසතියකට වරක් ඩොලර් 300 ක මුදලක් උපයා ගත හැකිය.
මේ අතර The Australian පුවත් පත වාර්තා කරන ආකාරයට ගොවිපොළ වල අස්වනු නෙලීම සඳහා දායකත්වය ලබා ගැනීමේ අරමුණින් backpackers වරුන්ට සහපැසිෆික් දූපත් වල සිට පැමිණි සේවකයින්ට සහ අනෙකුත් seasonal workers ලාට ඔස්ට්‍රේලියාවේ නීත්‍යානුකූලව රැදී සිටීමට හැකි වන පරිදි ඔවුන්ගේ වීසා දිගු කිරීමටද මධ්‍යම රජයේ අවධානය යොමුවී ඇත.
working holiday වීසා සඳහා ඇති වයස අවුරුදු 30 සීමාවද ඉවත් කෙරෙනු ඇති අතර ඒ හරහා බොහෝ පුද්ගලයින් හට මෙම ගොවිපොළ වල සේවයට පැමිණීමට හැකියාව ලැබේ.
කොරෝනා වසංගතය හා ජාත්‍යන්තර දේශ සීමා වසා දැමීම නිසා ඔස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට තම කටයුතු කරගැනීම උදෙසා අවශ්‍ය සේවකයන් සොයා ගැනීමට අපහසු වී ඇති බවද වාර්තා වේ.

Source: SBS Sinhala