මේ වනවිට ලොවටම වසංගතයක්ව පවතින COVID-19 වෛරස අසධිතයින් කණ්ඩායම් දෙකකට බෙදිය හැක. ඒ මෘදු රෝග ලක්ෂණ අත්විඳ නිවසේදී සුවය ලබන තරුණ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් පළමු කාණ්ඩය ලෙස සහ බරපතළ ලෙස රෝගාතුර වී රෝහල් ගත වන වයස්ගත පුද්ගලයින් සහ පූර්ව සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් දෙවන කාණ්ඩය ලෙසයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
කෙසේ නමුත් කොරෝනා වෛරසයේ බරපතල තත්වයට පැමිණෙන විටි කිසිදු කොරෝනා ආසාධිතයකු ස්ථිර ලෙසම යම් කාණ්ඩයකට අයත් යයි පැවසීම අපහසු වේ.
කොරෝනා වෛරසය හේතුවෙන් සුලු අසනීප තත්වයක් හෝ දරුණු අසනීප තත්වයක් පෙන්නුම් කල ඇතැම් පුද්ගලයින් සති ගණනක් හෝ මාස ගණනක් යනතුරු අතුරු අබාධ හේතුවෙන් පීඩා විදින බව හෙළිව තිබේ. මෙම අතුරු අබාධ අතුරින් අඛණ්ඩ තෙහෙට්ටුව , හුස්ම ගැනීමේ අපහසුව , මතකයේ ඇතිවන සංකූලතා, මාංශ පේශී වල කැක්කුම වැනි රෝග ලක්ෂණ ප්‍රධාන වේ.

Source: AAP
COVID-19 වෛරසයේ බලපෑම මාස ගණනක් පැවතීමේ හැකියාව
COVID-19 වෛරසය වැළදීමෙන් පසු කෙතරම් ප්‍රතිශතයක් මෙම වෛරසයේ අතුරු අබාධ මගින් පීඩා විදින්නේද යන්න නිශ්චිතවම දැක්වීම අපහසු නමුත් මෙම තත්වය නියත වශයෙන්ම සිදු වන බව ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ වෛරස විද්‍යාඥයකු වන වෛද්‍ය Kirsty Short අවධාරණය කර සිටී.
COVID-19 වෛරසය වැළඳී සුවය ලැබූ රෝගීන්ගෙන් 90%ක්ම මාස දෙකකින් පසුවත් වෛරසයේ අතුරු අබාධ හේතුවෙන් පීඩා විදින බවට ඉතාලි පර්යේෂකයින් හඳුනාගෙන තිබේ. එමෙන්ම එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ පර්යේෂණ ඔස්සේ අනාවරණය වී ඇත්තේ COVID-19 වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගෙන් 10%ත් 15% ත් අතර පිරිසකට රෝග ලක්ෂණ දිගු කලක් පුරා පවතින බවයි.
මෙම වෛරසයට ඇතැම් අවස්ථාවන් හිදී තරුණ සහ සෞක්‍ය සම්පන්න පුද්ගලයින් හට දරුණු රෝගාබාධ ඇතිකිරීමේ හැකියාවක් පවතින අතර දිගුකාලීන සෞක්‍ය ගැටලු පවතින පුද්ගලයින් හට දැඩි බලපෑම් එල්ල කරන බවද හෙළිව තිබේ.
එමෙන්ම සුලු රෝගලක්ෂණ පෙන්වන සහ කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වන ඇතැම් පුද්ගලයින් හට දිගු කාලීන රෝගාබාධ ඇති වීමේ හැකියාවක්ද පවතින අතර එම රෝග ලක්ෂණ පෙන්වීමට සති කිහිපයක් ගත වීමද සිදුවිය හැක.
COVID-19 වෛරසයෙන් ශරීරයේ ඉන්ද්‍රියන් වෙත බලපෑම්
කොරෝනා වෛරසය ශ්වසන පද්ධතිය හා සම්බන්ධ වෛරසයක් වුවද මෙමගින් සිදු වන හානිය පෙනහලු වලට පමණක් සීමා නොවේ. පුද්ගල ශරීරයේ ACE2 ප්‍රතිග්‍රාහක සමඟ බැඳී ඇති මෙම වෛරසයට ශ්වසන පත්‍රිකාවේ පමණක් නොව හදවත , රුධිර නාල , වකුගඩු , අක්මාව හා ආමාශ ආන්ත්‍රයික පත්‍රිකා වෙත පවා බලපෑම් සිදුකිරීමේ හැකියාව පවතී.
පුද්ගල ශරීරය තුල අධික දැවිල්ලක් හට ගැනීමට හේතුව , වෛරසය ඉවත් කිරීම සඳහා ප්‍රතිශක්තීකරණ පද්ධතිය දක්වන ප්‍රතිචාරයක් වන බව පර්යේෂකයින් සැක පලකොට තිබේ.

Source: Pixabay
COVD-19 වෛරසයේ බලපෑම් එල්ලවන ඉන්ද්‍රියන්
පෙනහලු:
වෛරසය පෙනහලු තුල සෛල වලට ඇතුලු වී වාතය ගමන් කිරීමට බාධා සිදුකිරීම හේතුවෙන් හුස්ම ගැනීමට අපහසුවක් ඇති වන අතර පෙනහලු වලට හානි විය හැක.
හදවත:
වෛරසය හේතුවෙන් හදවත් මාංශ පේශීන් වල හටගන්නා අධික දැවිල්ල හෝ හදවත අකර්මන්‍ය වීම මත ශරීරයට ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම මත හදවතට හානි විය හැක.
මොළය:
වෛරසය මොළයට ඇතුලු වුවහොත් එය හදිසි හා දරුණු ආසාදනයක් ඇති කළ හැකිය. මොලයේ ඇතිවන දැවිල්ල සහ රුධිර කැටි ගැසීම මත ස්නායු රෝග ඇති විය හැක.
වෙනත් අසාධන සමග සැසඳීමේදී
COVID-19 වෛරසය වැළදුණු ඇතැම් පුද්ගලයින් හට මාස ගණනක් යනතුරු මතකය නැතිවීම සහ ව්‍යායාම කිරීමට අපහසු වීම වැනි ගැටලු සඳහා මුහුණ දීමට සිදුව තිබේ. කෙසේ නමුත් වෛද්‍ය Kirsty Short සඳහන් කරන්නේ වෙනත් වෛරස අසාධන වලද පශ්චාත් වෛරස ගැටලු පවතින බවයි. ග්‍රන්ථි උණ සඳහා හේතු වන Epstein-Barr වෛරසයේද මෙවැනි ආකාරයේ පසු වෛරස අබාධ පවතී.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
මිනිස් හදවත සඳහා කොරෝනා වෛරසයේ බලපෑම පිළිබඳව පර්යේෂණ සිදුකරන, ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ Linda Gallo සඳහන් කරන්නේ කොරෝනා වෛරසයට හදවතට හානි සිදුකිරීමේ හැකියාවක් පවතින බවට සාක්ෂි සොයාගෙන ඇති බවයි. SARS වෛරසයෙන් පසුවද ඇතැම් පුද්ගලයින්ට විවිධ හෘද රෝග ඇති වූ බවට සාක්ෂි පවතී.
COVID-19 වෛරසයේ යම් වෙනසක් දක්නට ඇති අතර දිගු කාලීන හෘද රෝග පිළිබඳව පවතින පර්යේෂණ සීමිත වේ. කෙසේ නමුත් COVID-19 වෛරස වැළදීමෙන් පසු නිවසේදී සුවය ලැබූ ඇතැම් පුද්ගලයින් හට හෘදයාබාධ ඇති බවට රෝග ලක්ෂණ මතු වීම ගැටලු සහගත බව වෛද්‍ය Gallo පවසයි.
වෛද්‍ය Gallo, දියවැඩියා රෝගීන්ට COVID-19 වෛරසයේ බලපෑම පිළිබඳව සිදුකරන පරීක්ෂණයක සාමාජිකාවක වන අතර ඇය පෙන්වා දෙන්නේ පූර්ව සෞක්‍ය ගැටලු පවතින පුද්ගලයින් සඳහා කොරෝනා වෛරසයේ බලපෑම පිළිබඳව නිශ්චිත තීරණයක් ලබාදීමට තවමත් කල් වැඩි බවයි.
COVID-19 වෛරසයෙන් පුද්ගල සෞක්‍යයට දිගුකාලීන බලපෑම් එල්ල කරන්නේද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා විවිධ පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. කෙසේ නමුත් සෙසු වෛරස වලට සාපේක්ෂව කොරෝනා වෛරසයේ ඇති බලපෑම පිළිබඳව දිගු කාලීන පරීක්ෂණ සිදු කිරීමකින් තොරව තීරණය කල නොහැකි බව වෛද්‍ය Short පවසයි.