ඔස්ට්‍රේලියාවේ ගෙදරදොරේ වෙදකම් කිරීම හේතුවෙන් විශාල ප්‍රමාණයක් රෝහල් ගත කිරීමට පත්වන බව ඔස්ට්‍රේලියාවේ ඖෂධ සංගමයේ නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි.
රිය අනතුරු නිසා රෝහල් ගත කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙලෙස ගෙදරදොරේ වෙදකම් කිරීම හේතුවෙන් රෝහල් ගත කරන බව එහිදී අනාවරණය වී තිබේ.

Source: SBS
ගෙදරදොරේ වෙදකම් කිරීම
යම් කිසි අසනීප තත්ත්වයක් හෝ තුවාල සිදුවීමක් සිදුවූ කල එය සුළු තත්ත්වයක් නම් ගෙදරදොරේ වෙදකම් කිරීම සාමාන්‍ය දෙයකි.
මෙය ශ්‍රී ලංකාව වැනි රටක ඉතා සුලබ සිද්ධියකි.
නමුත් තත්ත්වය තරමක් බරපතල අසනීපයකට හෝ තුවාලයකට එලෙස ගෙදරදොරේ වෙදකම් කිරීම එතරම් නුවණට හුරු දෙයක් නොවන බව වෛද්‍ය මතය වෙයි.
ඔස්ට්‍රේලියාව තුළ විශේෂයෙන්ම වියපත් පරපුර අතර මෙය ඉතා විශාල වශයෙන් ව්‍යාප්තව පවතී.
ඔවුන් තමන්ගේ හෝ තම සහකරුවාගේ හෝ අසනීප තත්ත්වයන්ට පෙර භාවිත කළ ඖෂධ හෝ ඊට සුදුසු යයි සිතන වෙනත් ඖෂධ භාවිත කිරීමට පෙළඹෙයි.
නමුත් ඒ නිසා බොහෝ විට සිදුවන්නේ ඖෂධ විෂ වීම් හෝ වෙනත් අතුරු ආබාධ ඇති වීමය.
මෙලෙස වැඩි ප්‍රමාණයක් ඖෂධ ගැනීම හෝ හිතුවක්කාර ලෙස ඖෂධ ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධ නිසා වසරකට පුද්ගලයින් ලක්ෂ දෙකහමාරක් පමණ ඔස්ට්‍රේලියාවේ හදිසි වෛද්‍ය සේවා අංශ වෙත යොමු කරන බව The Age පුවත් පත පවසයි.

Source: Press Association
නුසුදුසු ඖෂධ ගැනීම සහ විෂ වීම
ඇතැම් අවස්ථා වලදී ඇතැම් පුද්ගලයින් කිසි විටෙකත් එකට නොගත යුතු (කලවම් නොකළ යුතු) ඖෂධ එකට ගැනීමෙන් හෝ තමන්ගේ අතීත අසනීප තත්ත්වයන්ට නොගැලපෙන ඖෂධ වර්තමානයේ ලබා ගැනීම හේතුවෙන් බරපතල සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන බව එම සමීක්ෂණ වාර්තාව අනාවරණය කරයි.
එමෙන්ම ඇතැම් අවස්ථා වලදී හිතුවක්කාර ලෙස වෛද්‍ය අනුමැතිය නොමැතිව තමන්ට සිතෙන පරිදි ඖෂධ මිශ්‍ර කර ලබාගන්නා රෝගීන්ද මෙලෙස ඖෂධ විෂවීම් වලට හෝ අතුරු ආබාධ වලට ලක්වෙයි.

Source: Getty Images
දත්ත සහ ඉලක්කම්
ඖෂධ වැරදියට ගැනීම සම්බන්ධ සිදුවීම් හේතුවෙන් සාමන්‍යයෙන් වසරකට ඔස්ට්‍රේලියාවේ ලක්ෂ දෙකහමාරක් පමණ ඔස්ට්‍රේලියාවේ හදිසි වෛද්‍ය සේවා අංශ වෙත යොමු කරන බව ඔස්ට්‍රේලියාවේ ඖෂධ සංගමයේ සභාපති වෛද්‍ය Chris Freeman පවසයි.
රිය අනතුරු නිසා සාමන්‍යයෙන් වසරකට රෝහල් ගත කරන ප්‍රමාණය මෙන් එය සිව් ගුණයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගෙන පිටත්ව යන රෝගීන්ටද ඖෂධ හේතුවෙන් දැඩි අවදානම් තත්ත්ව වලට මුහුණ දීමට සිදුවන බව වෛද්‍ය ප්‍රවීණයෝ පෙන්වා දෙති.
වෛද්‍යවරු කිහිපදෙනෙකු නිර්දේශ කරන ඖෂධ මිශ්‍ර වීම සහ යම් යම් සන්නිවේදන ගැටළු නිසාද මෙලෙස ඖෂධ විෂවීම් සහ අතුරු ආබාධ ඇතිවන බව ඔවුන් පවසයි.
----------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
----------------------------------------------------------------------------------------------------