Key Points
- Negative gearing ඔස්සේ දේපල හිමිකරුවන්ට බදු අය කළ හැකි ආදායමට එරෙහිව පිරිවැය පියවා ගැනීමට ඉඩ සලසයි.
- වාසි: කුලී පිරිවැය අඩු කළ හැක, බදු ප්‍රතිලාභ සමඟ ගැනුම්කරුවන් ආකර්ෂණය කරයි, නිවාස වටිනාකම ඉහල දමයි.
- අවාසි: ආරම්භදී සිදු වන පාඩු, වැඩි දේපල ලබා ගැනීම සඳහා තිබෙන සීමිත හැකියාව.
Negative gearing තත්වය ආයෝජන දේපලක් සඳහා වන වියදම එමගින් ලැබෙන අදායම ඉක්මවා යන විට සිදු වේ. මෙහිදී කුලී ආදායම ණය පොලී ඇතුළුව සියලු වියදම් ආවරණය කරන විට Positive gearing යන තත්වය ඇතිවේ.
පුද්ගලයින් දේපලවල ආයෝජනය කිරීමේ අරමුණ ලාභ ඉපැයීම වන අතර, කෙසේ නමුත් Negative gearing මගින් සෘජු ලෙසම ආයෝජකයින් අධෛර්යමත් නොකරයි.
Negative gearing යනු කුමක්ද?
Intrapac Property හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Maxwell Shifman පවසන්නේ, Negative gearing යනු ආයෝජන දේපල හිමි ඕස්ට්‍රේලියානු බදු ගෙවන්නන්ට ලබා ගත හැකි ක්‍රමයක් වන බවයි.
එමගින් ඔවුන්ට බදු ගෙවීමට සිදුවන ආදායමට එරෙහිව දේපල හා සම්බන්ධ වියදම් පියවා ගැනීමට ඉඩ සලසයි.
එමෙන්ම Maxwell පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියානු බදු නීතිය යටතේ, යමකුගේ දේපලක් කුලියට දී ඇත්නම් හෝ කුලියට ලබාදීමට තිබේ නම් ඔවුනට ඔවුන්ගේ ණය ආපසු ගෙවීම සඳහා වන පොලී බදු අඩු කිරීමට ඉල්ලා සිටිය හැකි බවයි.
දේපලෙහි මුළු පිරිවැය, එමගින් උපයා ඇති මුදලට වඩා වැඩි නම්, එවිට ඔබට එම අමතර වියදම් ඔබේ රැකියාවෙන් ලැබෙන සාමාන්‍ය ආදායම හෝ ඔබට තිබිය හැකි වෙනත් ආදායම්වලින් පියවා ගැනීමට භාවිතා කළ හැක.
Intrapac Property හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Maxwell පවසන්නේ, Negative gearing යනු බදු අඩු කිරීමකට වඩා ආයෝජනයක් හෝ බදු කල් දැමීමක් වශයෙන් දැක්විය හැකි බවයි.
Negative gearing වල තිබෙන වාසි සහ අවාසි මොනවාද?
ඕනෑම ආයෝජන උපාය මාර්ගයකට සමානව Negative gearing හිද වාසි සහ අවාසි පවතී.
මෙහිදී තිබෙන ප්‍රධානතම ප්‍රතිලාභවලින් එකක් වශයෙන් හැඳින්විය හැක්කේ, ඉඩම් හිමියන්ට ඔවුන්ගේ බදු ගෙවිය යුතු කුලී ආදායම අඩු කිරීමට හැකි වීමයි.
මීට අමතරව, පවතින බදු ප්‍රතිලාභ හේතුවෙන් Negative gearing තත්වයක් පවතින දේපල කෙරෙහි උනන්දුවක් දක්වන ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගත හැකි අතර එමඟින් නිවාසවල වටිනාකම ඉහල යාම සිදු වේ.

Negative gearing encourages investment in property to meet rental demands and prevent housing affordability issues.
ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ දේපල පිළිබඳ ශාස්ත්‍රපති උපාධියේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා වන Peter Koulizos මේ සම්බන්ධයෙන් පවසන්නේ Negative gearing තත්වයක් ඔස්සේ ආයෝජකයෙකුට අමතර දේපල සඳහා ප්‍රවේශ වීමේ හැකියාව සීමා විය හැකි බවයි.
උදාහරණයක් වශයෙන් Peter පෙන්වා දෙන්නේ, විශාල ප්‍රාග්ධන වර්ධනයක් නොමැති නවතම මහල් නිවාසයක් ගත් කල, එහි Negative gearing තත්වයක් පැවතුනොත් සතියෙන් සතිය මුදල් අහිමි වීම සිදු වන අතර ප්‍රාග්ධන වර්ධනය ඉතා සීමිත විය හැකි බවයි.
මේ ඔස්සේ ආයෝජකයින් හට ප්‍රාග්ධන පාඩුවක් ද සිදු වේ.

Negative gearing can reduce rental costs for landlords and attract buyers due to tax benefits.
කුලී නිවාස වෙළඳපොළ සඳහා වන බලපෑම
මූල්‍ය සේවා සමූහ විධායක සහ Canstar හි ප්‍රධාන විචාරක Stephen Mickenberger, Negative gearing තත්වයක් කුලී නිවාස වෙළඳපොළට බලපාන ආකාරය පැහැදිලි කරමින් පෙන්වා දෙන්නේ, කුලී දේපල සඳහා වන ආයෝජන දිරිමත් කිරීම සහ කුලී දේපල වල ප්‍රමාණවත් සැපයුමක් සහතික කිරීම සඳහා රජය Negative gearing තත්ව සඳහා ඉඩ ලබාදෙන බවයි.
මෙම Negative gearing තත්වය ඉවත් කළහොත්, එය ඉහළ කුලී සහ කුලී නිවාස හිඟයකට හේතු විය හැකියි.
දේපල ආයෝජනයේ දිගු කාලීන ප්‍රතිලාභ
ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ දේපල පිළිබඳ ශාස්ත්‍රපති උපාධියේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා වන Peter පවසන්නේ Negative gearing මගින්, ආරම්භක පාඩු නොතකා අනාගතයේ දී දේපල විකිණීමේදී ප්‍රාග්ධන ලාභ ලැබීමට ආයෝජකයින් හට හැකි වන බවයි.
දේපලවල ආයෝජනය කිරීමෙන් පුද්ගලයින් හට දිගුකාලීන ධනය ගොඩනඟා ගැනීමට හැකි වේ. මේ ඔස්සේ රජයේ විශ්‍රාම වැටුප් සහ විශ්‍රාම ආධාර මත ඔවුනට යැපීමට සිදුවීමද අඩු කරයි.
Peter පවසන්නේ ඔබට ඩොලර් 500,000 ක් වටිනා එක් ආයෝජන දේපලක් හිමිව අවසානයේ ඔබ එය ගෙවා අවසන් වුවත්, ඔබ බොහෝ විට old age pension හෙවත් වයස්ගත විශ්‍රාම වැටුප සඳහා සුදුසුකම් නොලැබිය හැකි බවයි. නමුත් ඔබට එයින් කොටසක් පමණක් ලැබීමට හැකියාව පවතින බවත් Peter කියා සිටී.
- ඕස්ට්‍රේලියානු මූල්‍ය වර්ෂය ජුනි 30 දිනෙන් අවසන් වන අතර, පෙර මූල්‍ය වර්ෂය සඳහා බදු වාර්තා ජූලි 1වැනිදා සහ ඔක්තෝබර් 31 වැනිදා අතර ගොනු කළ යුතුය. -