Key Points
- ඕස්ට්‍රේලියාවේ ඇතැම් දේ සඳහා පවතින නීත්‍යානුකූල වයස අවුරුදු 18 වේ. නමුත් හිමිකම් සහ වගකීම් සඳහා වන වයස ප්‍රාන්ත සහ ටෙරටරි අනුව වෙනස් විය හැක.
- වයස අවුරුදු 18 දී, තරුණයින්ට සහ ඔවුන්ගේ පවුලට පවතින සමාජ ආරක්ෂණ ගෙවීම් සඳහා වන සුදුසුකම් වෙනස් වේ.
- වැඩිහිටිභාවයට පැමිණීම ක්‍රමානුකූලව සිදුවන අතර තනිව ජීවත් වීම වැනි දේ බොහෝ විට ජීවිතයේ පසුකාලීනව සිදු වේ.
දෙමාපියන්ට හෝ භාරකරුවන්ට ඔබ සම්බන්ධයෙන් වගකීමක් තවදුරටත් නොමැති බව නීත්‍යානුකූලව, වයස අවුරුදු 18 සම්පූර්ණ වීම යන්නෙන් අදහස් වේ.
වයස 25ට අඩු තරුණ තරුණියන්ට නොමිලේ නීතිමය තොරතුරු සහ උපකාර සපයන ප්‍රජා සේවාවක් වන Youth Law Australia හි ජ්‍යෙෂ්ඨ සොලිසිටර්වරියක වන Kate Richardson පවසන්නේ වැඩිහිටියෙකු ලෙස, ඔබ ස්වාධීන වන බවයි.
ඔබ සහ ඔබේ හැසිරීම් සඳහා ඔබ වගකිව යුතු බව එයින් අදහස් වන අතර ඔබ වයස අවුරුදු 18 ට අඩු වූ විට, ඇතැම් අවස්ථාවලදී, ඔබට නීතියෙන් වන බලපෑම අඩු විය හැකි බවත් Kate පෙන්වා දෙයි.
නීත්‍යානුකූලව වැඩිහිටියෙකු වශයෙන් සලකන වයස, සහ වැඩිහිටියෙකු වීම
ඕස්ට්‍රේලියාව පුරා, වයස අවුරුදු 18 දී ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වේ. සූදුව, සිගරට් මිලදී ගැනීම සහ බලපත්‍රලාභී ස්ථානයක මත්පැන් මිලදී ගැනීම හෝ පරිභෝජනය කිරීම සඳහා නීත්‍යානුකූල වයසද මෙය වශයෙන් සැලකේ.

Cultural and family practices may vary, but generally in Australia the 18th birthday makes the list of milestone celebrations, followed by one’s 21st and 30th. Credit: Getty Images/BFG Images
කෙසේ නමුත් විශේෂයෙන් පුද්ගලික පරිශ්‍රවල වැඩිහිටියෙකුගේ අධීක්ෂණය යටතේ මත්පැන් පානය කිරීම සම්බන්ධයෙන් විවිධ ප්‍රාන්ත සහ ටෙරටරි අනුව සුළු වෙනස්කම් පවතින බව Kate පවසයි.
Steven Roberts, Monash විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හා සමාජ සාධාරණත්වය පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන අතර ඔහු යෞවනයන් වැඩිහිටිභාවයට පත්වීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරයි.
"වගකීමෙන් යුතුව මත්පැන් පානය කිරීම" වැනි ආදර්ශ ලබාදීම, වැඩිහිටිභාවයට පත්වන දරුවන්ට දෙමාපියන් වශයෙන් සිදු කල හැකි හොඳම දේ වන බව ඔහු පවසයි.
එමෙන්ම දරුවන්ගේ මිත්‍ර කණ්ඩායම තුල එකිනෙකා සම්බන්ධයෙන් සොයාබැලීම පිළිබඳව දරුවන්ට සඳහන් කිරීමට දෙමාපියන්ට අවශ්‍ය විය හැකි අතර මධ්‍යස්ථභාවය, අවබෝධය සහ සන්නිවේදනය මේ සඳහා වැදගත් වන බවත් Steven පෙන්වා දෙයි.
Centrelink ගෙවීමේ සඳහා සුදුසුකම් ලැබීම
දරුවකු වැඩිහිටිභාවයට පත්වීම, පවුලක සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සඳහා වන ප්‍රවේශ සඳහාද බලපෑ හැක.
Services Australia හි සාමාන්‍යාධිකාරී Hank Jongen පවසන්නේ පවුල් බදු ප්‍රතිලාභය (Family Tax Benefit) සහ දරුවන් ඇති දැඩි කිරීමේ පිරිවැය යන අංශ සඳහා මෙය බලපෑ හැකි බවයි.
"පවුල් බදු ප්‍රතිලාභය", සෑම දරුවෙකුටම ගෙවනු ලබන අතර දරුවා 12 වසර හෝ ඊට සමාන සුදුසුකමක් සම්පූර්ණ කළ විට එය නැවත්වීම සිදු වේ. එමෙන්ම "දරුවන් ඇති දැඩි කිරීමේ පිරිවැය" පවුල් සඳහා ගෙවීම සිදු කරන අතර එය එක් එක් පවුල් තත්ව මත රඳා පවතී.
කෙසේ නමුත් මේවා වෙන වෙනම තක්සේරු කිරීම සිදු වන බවත් Hank පවසයි.

Meeting an income test is among requirements to get the Family Tax Benefit. Credit: Getty Images/Traceydee Photography
නමුත් මෙම ගෙවීම් සඳහා වන සුදුසුකම් තක්සේරු කිරීම සම්බන්ධයෙන් Hank පෙන්වා දෙන්නේ, එහිදී ඔවුන් තවමත් යැපෙන්නෙන් වශයෙන් සැලකීම සිදු වන බවයි.
පූර්ණ කාලීන ශිෂ්‍යයෙකු ලෙස හෝ රැකියා සොයන්නෙකු ලෙස, ඔවුන් වයස 22 වන තෙක් යැපෙන්නන් වශයෙන් සලකනු ලැබේ.
මේ අනුව සුදුසුකම් තක්සේරු කිරීමේදී දෙමාපියන්ගේ ආදායම සැලකිල්ලට ගැනීම සිදු වේ.
Hank වයස අවුරුදු 18 ට වැඩි පිරිසට සඳහන් කොට සිටින්නේ ගිණුමක් සෑදීම සිදු කරන ලෙසයි. ඒ ඔස්සේ මේ සඳහා හිමිකම් පෑමට පහසු බවත් ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම ඉංග්‍රීසි යමකුගේ දෙවන භාෂාව නම් සහ යම් උදව්වක් අවශ්‍ය නම්, 131 202 අංකයෙන් ඇමතුමක් ලබා දිය හැකි අතර එය භාෂා 200කට අධික සංඛ්‍යාවක් සඳහා නොමිලේ පරිවර්තක සේවාවක් වන බවත් ඔහු පවසයි.

Young people aged 16 to 24 doinga full time Australian Apprenticeship may be eligible for Youth Allowance. Credit: Getty Images/JohnnyGreig
වැඩිහිටිභාවයට පත්වීම ක්‍රමයෙන් සිදු වේ
ඕස්ට්‍රේලියාවේ දරුවෙකු වයස අවුරුදු 18 දී වැඩිහිටියෙකු වන අතර, රිය පැදවීම වැනි ඇතැම් දේ සඳහා වන නීත්‍යානුකූල වයස ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් විය හැක.
මහාචාර්ය Steven පවසන්නේ යමකු ක්‍රමානුකූලව වැඩිහිටිභාවයට පත්වන විට ඔවුන්ගේ මුල් අයිතිවාසිකම් සහ වගකීම් සංකීර්ණ වන බවයි.
ඇතැම් අවස්ථාවලදී 16 හැවිරිදි යෞවනයන් ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් එකඟ විය හැකි නමුත් ඔවුන්ට 18 වන තෙක් පැහැදිලි ලිංගික කරුණු අඩංගු චිත්‍රපට නැරඹීමට නොහැකි වීම සහ, තරුණයින් අවුරුදු 16 හෝ 17 වන විට වඩා ඉහළ අවම වැටුපක් සඳහා හිමිකම් ඇති නමුත් ඔවුන් වයස අවුරුදු 21 වන තෙක් සම්පූර්ණ වැඩිහිටි වැටුප් අනුපාතයට හිමිකම් නොලැබීම මේ සඳහා උදාහරණ වශයෙන් ඔහු පෙන්වා දෙයි.
පූර්ණ කාලීන රැකියාවක් ලබා ගැනීම, ස්වාධීනව ජීවත් වීම හෝ තමාගේම පවුලක් ආරම්භ කිරීම යන කරුණු පසුගිය පරම්පරාව තුළ වයස අවුරුදු 18 ඉක්මවූ පිරිස තුල අඩු වශයෙන් දැකගත හැකි වූ බවත් Steven පවසයි.
එවැනි දේ ඔවුන්ගේ වයස 20 ගණන්වල හෝ 30 ගණන් වල පවා සාක්ෂාත් කර ගැනීම සාමාන්‍ය දෙයක් වන අතර Steven අවධාරණය කොට සිටින්නේ කෙසේ නමුත් අවුරුදු 18 වීමෙන් අනතුරුව නීත්‍යානුකුලව බොහෝ දේ සිදු කිරීම සඳහාම හැකියාවක් පවතින බවට නොසිතිය යුතු බවයි.

Prof Roberts says there are growing numbers of young people who not only delay the attainment of social markers, like getting married, but reject them altogether. Credit: Getty Images/FatCamera
ඇය පවසන්නේ පහත දෑ සඳහා ඔබට අනිවාර්යයෙන්ම වයස අවුරුදු 18 විය යුතු නැති බවයි.
- ලිංගිකව හැසිරීමට
- රැකියාවක් සිදු කිරීමට
- ඔබේම බැංකු ගිණුමක් තබාගැනීමට
- පාසල හැර යාමට
- නිවසින් යාමට
- අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබීමට
- දෙමාපියන් හෝ භාරකරුවන් නොමැතිව නොමිලේ නීති උපදෙස් ලබා ගැනීමට
- වෛද්‍ය ප්‍රතිකාර සඳහා කැමැත්ත පල කිරීමට
එමෙන්ම Kate සඳහන් කොට සිටින්නේ උදාහරණයක් වශයෙන්, යම් ප්‍රතිකාරයක වාසි සහ අවදානම් තේරුම් ගත හැකි යැයි වෛද්‍යවරයා සිතන්නේ නම්, තරුණයෙකුට වයස අවුරුදු 18 ට අඩු වුවත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කැමැත්ත ප්‍රකාශ කළ හැකි බවයි.
කෙසේ නමුත් නීත්‍යානුකූල වයස නිර්ණය කරන නීති සම්පාදනයක් නොමැති අවස්ථා වලදී, ඔබේ විශේෂිත තත්ව මත පදනම්ව ඔබට හෝ ඔබේ දරුවාට අදාළ වන්නේ කුමක්දැයි පරීක්ෂා කිරීම සැමවිටම සුදුසු වේ.

At 18 you can get a passport without permission of you parent or guardian. The same applies for under 18s in a range of special circumstances. Credit: Getty Images/MStudioImages
ඔබ උපකාර අවශ්‍ය තරුණයෙක් හෝ දෙමාපියෙක් නම්
- තරුණ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ගෙනහැර දක්වන සම්පත් සඳහා ප්‍රාන්ත සහ ටෙරටරි අනුව
- විවිධ ප්‍රාන්තවල තරුණ නීති සේවා සඳහා , , .
- යෞවනයන් සඳහා වන නීතිමය ගැටලු සහ උපදෙස් පිළිබඳව වන තොරතුරු පත්‍රිකා සඳහා .
- ඕස්ට්‍රේලියාවේ නීතිය දරුවන්ට අදාළ වන ආකාරය පිළිබඳව තොරතුරු දෙමාපියන්ට සොයා ගැනීමට .
- වයස අවුරුදු 5 - 25 අතර තරුණ තරුණියන්ට නොමිලේ දුරකථන සහ online උපදේශන සඳහා 1800 55 1800 ඔස්සේ අමතන්න
_______________________________________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_______________________________________________________________________________________________
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න