අවවාදයයි: මෙම ලිපිය සහ පොඩ්කාස්ට් එක තුල ලිංගික ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ පීඩාකාරී කරුණු ඇතුලත් වේ.
සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව තුල දිනකට ලිංගික අතවර 85ක් වාර්තා වේ. එමෙන්ම සෑම යෞවනයන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට වඩා පිරිසක් ඔවුන්ගේ ජීවිතයේදී අනවශ්‍ය ලිංගික අත්දැකීම් අත්විඳ ඇති බවත් අධ්‍යයනවලින් පෙනී ගොස් තිබේ.
ඔබ "ස්ත්‍රී දූෂණයකට" ගොදුරු වූවෙකු නම් හෝ ඔබේ එකඟතාවයකින් තොරව වූ ලිංගික සංසර්ගයට ගොදුරු වී ඇත්නම්, ඔබ එම අපරාධකරු සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට වාර්තා කිරීමට අවශ්‍ය මොහොතක සිටිය හැක. නමුත් බොහෝ විට ඔබ, දැඩි මානසික පීඩනයකට මුහුණ දීමෙන් අනතුරුව මෙවැනි තීරණයකට එළඹේ.
ජ්‍යෙෂ්ඨ සැරයන් Monique Kelley, වික්ටෝරියා ප්‍රාන්ත පොලිසියේ ලිංගික අපරාධ විමර්ශන සිදු කරන විශේෂඥ කණ්ඩායමට නායකත්වය ලබා දෙයි. පැමිණිලිකරුවන් ලෙස හඳුන්වන, ලිංගික අපරාධයට ගොදුරු වූ වින්දිතයින්ගේ ප්‍රකාශය කෙටුම්පත් කිරීමේදී සහ සාක්ෂි සැපයීමේදී ඔවුන්ට උපකාර කිරීම අපරාධ විමර්ශන සිදු කරන විශේෂඥ කණ්ඩායමේ ප්‍රධාන වගකීම්වලින් කොටසක් වේ.

The image is for representation only Source: Pixabay
ජ්‍යෙෂ්ඨ සැරයන් Monique පවසන්නේ වින්දිතයන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සහාය වීම තම කණ්ඩායමේ ඉලක්කය වන අතර වැරදිකරුවන් හඳුනාගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු කරන බවයි.
වින්දිතයින්ව, ඔවුනට විශ්වාසදායක සහාය ලබදෙන්නෙකු තමන් සමඟ පොලිස් ස්ථානයට රැගෙන යාමට දිරිගන්වනු ලබයි. සාක්ෂි එක්රැස් කිරීමේ සහ පොලිස් ප්‍රකාශය කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය, වින්දිතයින්ට නැවතත් කම්පනයක් ගෙනදිය හැකි වීම ඊට හේතුවයි.
වින්දිතයින් හට කතා කිරීමේදී, එය ඔවුනට නැවතත් කම්පනයට පත්කළ හැකි බව මතක තබාගතයුතු බව තමන් පරීක්ෂකයින්ට නිතරම සඳහන් කරන බව ජ්‍යෙෂ්ඨ සැරයන් Monique පවසයි. එමෙන්ම Monique පෙන්වා දෙන්නේ කම්පනයට පත්වූවන්ගේ අවදානම් මට්ටම අතිශයින් ඉහළ අතර, ඔවුනට සවන් දීමත් ඔවුනට කාලය ලබාදීමත් අත්‍යාවශ්‍ය බවයි.
පොලිසියට වාර්තා කිරීම
ලිංගික හිංසනයට හෝ අපරාධයකට ගොදුරු වීමෙන් පැය කිහිපයක් ඇතුළත වින්දිතයා බලධාරීන්ට වෙත ගියහොත්, ඔවුන්ට වෛද්‍ය ආධාර, නීතිමය සහ මානසික උපදේශන ලබාදීම සිදු කරයි.
අධිකරණ වෛද්‍ය සාක්ෂි එක්රැස් කිරීම සඳහා ඔවුන්ව විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට සිදුවනු ඇත. නමුත් මෙවැනි අවස්ථාවකදී කාන්තා වෛද්‍යවරියක් හෝ නිලධාරිනියක් හමුවීමට පවතින විකල්ප නොතිබිය හැක.
පැමිණිලිකරු සවිස්තරාත්මක පොලිස් ප්‍රකාශයක් සැපයිය යුතු අතර කෙසේ නමුත් මෙය එකම දිනකදී සිදු නොවීමට ඉඩ තිබේ.
නීතිඥ Michael Bradley පෙන්වා දෙන්නේ වාර්තාවක් සෑදීම ඉතා අපහසු දෙයක් වන නමුත් වින්දිතයා තම අත්දැකීම් එකවර ප්‍රකාශ කිරීම නීති පද්ධතියට අවශ්‍ය වන බවයි. කෙසේ නමුත් මේ ඔස්සේ වින්දිතයා මත ක්ෂණික බරක් පැටවීම සිදුවන බවත් නීතිඥ Michael පෙන්වා දෙයි.
Investigative නොහොත් ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන Jess Hill, ‘Asking For It’ වශයෙන් කොටස් තුනකින් යුත් වාර්තාමය චිත්‍රපටයක් නිෂ්පාදනය කොට ඇති අතර, ඒ ඔස්සේ කැමැත්තකින් තොරව සිදු වන ලිංගික සිදුවීම් ඕස්ට්‍රේලියානු නීති පද්ධතිය තුළ සලකන ආකාරය ගවේෂණය කොට තිබේ.
ලිංගික අපරාධ වලට ගොදුරු වූ පිරිස ඔවුන්ගේ ප්‍රකාශය නිවැරදි බව සහතික කිරීම වැදගත් බවත්, එවැනි අපරාධ දිගු කාලයක් ගත වුවත් වාර්තා කල යුතු බවත් ඇය පවසයි.
මෙවැනි අපරාධ වාර්තා කිරීමට කාල සීමාවක් නොමැති නමුත්, හැකි ඉක්මනින් වාර්තා කිරීම වඩාත් යහපත් බවත් ඇය පෙන්වාදෙයි.

Specialists say it's important for victim-survivors of rape to seek support services, as the process of reporting and going to court is re-triggering and retraumatising for many. Support services are available, whether or not the victim decides to report or engage in proceedings. Credit: FG Trade Latin/Getty Images
මෙම නඩුව විභාග කිරීම සඳහා පොලිසියට ප්‍රමාණවත් සාක්ෂි රැස්කර ගත හැකි වුවහොත්, එම සාක්ෂි රජයේ නඩු අධ්‍යක්ෂ (DPP) විසින් සමාලෝචනය කිරීම සිදු කරයි. එම සාක්ෂි, රජයේ නඩු අධ්‍යක්ෂකවරයා පිළිගතහොත් අපරාධකරුට චෝදනා එල්ල කරන අතර, පොලිසිය වරදකරු අත්අඩංගුවට ගැනීම සිදු කරයි.
කෙසේ නමුත් මාධ්‍යවේදිනියක වන Jess පවසන්නේ යමකු අපරාධකරු සම්බන්ධයෙන් චෝදනා එල්ල නොකිරීම ඔස්සේ ලිංගික අතවර සිදු නොවූ බව එමගින් අදහස් නොවන බවයි. බොහෝ විට උසාවියේදී එයට එරෙහිව නැගී සිටීමට හැකි වනු ඇතැයි ඔවුන් නොසිතන බව එමගින් අදහස් වන බවත් ඇය පෙන්වා දෙයි.
අනතුරුව වරදකරු අත්අඩංගුවට ගෙන නඩු පැවරීම සිදු කරන අතර චූදිත වරදකරු ඇප මත මුදා හැරිය හැකි අවස්ථා සහ ඇප නොමැතිව නිදහස් කරන අවස්ථාත් පවතී. එමෙන්ම නඩු විභාගය තෙක් අපරාධකරුව අත්අඩංගුවේ තබාගන්නා අවස්ථාත් පවතී.

Source: Supplied
නඩුව උසාවිය වෙත රැගෙන යාම
ලිංගික අපරාධයක් සම්බන්ධයෙන් වන නඩුව උසාවියට රැගෙන ගිය පසු, වින්දිතයින් සහ අනෙකුත් සාක්ෂිකරුවන් - සිටීනම් ඔවුන් සාක්ෂි ලබා දිය යුතුවේ.
මෙහිදී විත්ති පාර්ශ්වයෙන් සහ පැමිණිලි පාර්ශවයෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කරයි. කෙසේ නමුත් ඊට ප්‍රතිවිරුද්ධව, චූදිත වරදකරුට (විත්තිකරුට) නිහඬව සිටීමට අයිතියක් තිබේ. එමෙන්ම විත්තිකරුට අපරාධය සඳහා "වරදකරු නොවන" බව පිළිගත හැකි අතර සුළු ලිංගික වැරදිවලට පමණක් ‘වරදකරු’ වශයෙන් පිලිගත හැක.
නීතිඥ Michael පවසන්නේ නීති පද්ධතිය තුල, වින්දිතයින්ට යම් මානසික පීඩනයක් එල්ල කරන බවයි. ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් වන චෝදනා බහුතරයක එකම සාක්ෂිය වන්නේ වින්දිතයාගේ සාක්ෂිය වන අතර, සමස්ත නඩුවම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ යුතු වීම මත වින්දිතයාට දැඩි බරක් පැටවෙන බවත් නීතිඥ Michael පෙන්වා දෙයි.
ලිංගික ක්‍රියාව තම අනුමැතියකින් තොරව සිදු වූ බව පැමිණිල්ල සිදු කරන්නා ඔප්පු කළ යුතු අතර,එහිදී ලිංගිකව එක්වීමේදී අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇති බව විශ්වාස කල බවට චූදිතයා පැවසුවත් එම විශ්වාසය සාධාරණ නොවන බව නීතිඥ Michael පවසයි.
බොහෝ ලිංගික අපරාධකරුවන් නිශ්ශබ්දතාවය රැකීමට ඇති ඔවුන්ගේ අයිතිය පවත්වා ගෙන යන අතර සාක්ෂි දීමෙන් වැළකී සිටී. මේ හේතුවෙන් නඩු විභාගය වින්දිතයාගේ සාක්ෂිය මත පමණක් පැවතීම මත වින්දිතයා සත්‍යවාදී ද යන්න පිළිබඳ ගැටළු මතුවේ.
මෙහිදී චෝදනා එල්ල වන තැනැත්තා සාධාරණ සැකයක් මතු කිරීමට වින්දිතයාගේ සාක්ෂියේ විශ්වසනීයත්වය පිළිබඳ සැකය මතු කිරීම සිදු කරයි.
ලිංගික අපරාධ සඳහා ගොදුරු වූ පිරිසෙන් 90% ක් පමණ තමා මුහුණ දුන් අත්දැකීම පොලිසියට වාර්තා නොකරන බව වාර්තා වේ. එමෙන්ම සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු බොහෝ විට අපයෝජන හෝ දූෂණ පිළිබඳ අතිශයෝක්තියකින් යුත් ප්‍රකාශ සිදු කරන බවත් හෙළිව තිබේ. මෙය බටහිර ප්‍රජාවකින් වාර්තා වන ඉහළම අගයයි.
කෙසේ වෙතත්, ජ්යෙෂ්ඨ සැරයන් Monique පවසන්නේ වසර 10කට ආසන්න තම අත්දැකීම් මත, අසත්‍ය ප්‍රකාශ කල බවට සැක කරන වින්දිතයන් තමාට කලාතුරකින් හමු වන බවයි.

Source: AAP
දඬුවම් දීමේ විකල්ප බොහොමයක් ඇති අතර, ‘කිසිදු වරදක් වාර්තා කර නොමැත’ යන තැන සිට "ප්‍රජා සේවය දක්වා" එම පරාසයක පැවතිය හැක. එමෙන්ම ඔවුන්ට 'දඩයක් ලබාදීමේ' සිට 'සිර දඬුවමක් ලබාදීම' දක්වා එය විහිදේ.
කෙසේ නමුත් මේ ඔස්සේ වින්දිතයින් අධෛර්යමත් කළ හැකි බව මාධ්‍යවේදිනියක වන Jess පවසයි.
දඬුවම් නියම කිරීමේදී, වින්දිතයාට "වින්දිත බලපෑම් ප්‍රකාශයක්" ඉදිරිපත් කළ හැකි අතර, මේ ඔස්සේ උසාවියට සහ දඩුවම් ලැබූ පුද්ගලයාට මෙය බලපෑ ආකාරය සම්බන්ධයෙන් තම මතය සඳහන් කල හැක.
මෑත වසරවලදී, ඇතැම් ඕස්ට්‍රේලියානු අධිකරණ බල ප්‍රදේශ ඔවුන්ගේ නීති වෙනස් කරමින් සිටී. ලිංගික අපරාධ සම්බන්ධයෙන් වන විත්තිකරුවන්, ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට පෙර අනෙක් පාර්ශවයෙන් ස්ථිර අනුමැතිය ලබා ගත් බව උසාවියේදී ඔප්පු කිරීමට නියෝග කිරීම මේ වෙනස්කම් සඳහා ඇතුලත් වේ.
ඇතැම් අධිකරණ බල ප්‍රදේශ, විධිමත් ලෙස තම අත්දැකීම් ඉදිරිපත් කිරීමට ලිංගික අතවර වාර්තා කිරීමේ විකල්ප හඳුන්වා දීම සිදු කරයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ SARO වැනි වාර්තාකරණ පද්ධති තිබේ. එහිදී ඔබට ඔබේ ජීවිතයේ ඕනෑම වේලාවක සිදු විය හැකි ලිංගික අතවරයක් වාර්තා කළ හැකි අතර, ඔබට උසාවිය දක්වා යාමට අවශ්‍ය නොවේ.
නමුත් මාධ්‍යවේදිනියක වන Jess පවසන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් ලිඛිතව වාර්තා වීමක් මෙමගින් සිදු වන බවයි.

one person holding a banner with stop single word againd blue background Source: Moment RF / Carol Yepes/Getty Images
එමෙන්ම Michael පවසන්නේ, බොහෝ විට සෙසු වින්දිතයින් සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වීමට මෙවැනි ලිංගික අපරාධ සඳහා ගොදුරු වූ පිරිස උත්සුක වන බවයි.
ඔබ ලිංගික අපරාධ සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කිරීමට තීරණය කළත් නැතත්, ඔබට ප්‍රවේශ විය හැකි උපකාරක සේවා රැසක් පවතී.
ඔබ හෝ ඔබ දන්නා අයෙකු ලිංගික අතවර සඳහා ගොදුරු වුවහොත්, 1800RESPECT අමතන්න.