Highlights
- ඕස්ට්‍රේලියාවට නව අනතුරු ඇඟවීමේ පද්ධතියක් සහ ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීමේ පද්ධතියක් තිබේ
- "වර්ණ සංකේත සහිත ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය" සහ "අනතුරු ඇඟවීමේ පද්ධතිය" සමාන වේ
- ඕස්ට්‍රේලියානු ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය, ගින්නක් කෙතරම් භයානක විය හැකිද යන්න නිර්වචනය කිරීමට භාවිතා කරයි
- ඕස්ට්‍රේලියානු අනතුරු ඇඟවීමේ පද්ධතිය, ඒ වනවිටත් සිදුවෙමින් පවතින සිදුවීමක බරපතලකම විස්තර කිරීමට භාවිතා කරයි
2019 වසරේ දෙසැම්බර් මාසයේදී, ඕස්ට්‍රේලියාවට බලපෑ ‘Black Summer’ ලෙසින් හඳුන්වන ඉතා ව්‍යසනකාරී ලැව්ගිනි තත්වය ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි.
එම ලැව් ගිනි හේතුවෙන් දැඩි හානි සිදු වූ ඇතැම් ප්‍රජා සඳහා, ඊට දින කිහිපයකට පසු ඇදහැලුනු ධාරානිපාත වර්ෂා හේතුවෙන් හටගත් ගංවතුර තත්වයෙන් පීඩා විඳීමටද සිදු විය.
ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත (AFAC) ගිනි හා හදිසි සේවා සඳහා වූ ජාතික කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Rob Webb පවසන්නේ රාජ්‍ය සහ ප්‍රාන්ත හදිසි සේවා 30කට වඩා වැඩි සංක්‍යාවක් එක්ව මේ වනවිට මෙවැනි ව්‍යසන සඳහා ප්‍රතිචාර දැක්වීමට එක්ව සිටින බවයි.
එමෙන්ම මේ වනවිට දේශගුණික තත්ත්ව වෙනස් වීම ඔස්සේ වැඩියෙන් සහ අඛණ්ඩව ව්‍යසනයන් සිදු වන අතර මේ හේතුවෙන් ඕනෑම ප්‍රදේශයක සිදු වන හදිසි තත්වය සඳහා ප්‍රතිචාර දැක්වීමට මෙම එක්වීම යහපත් වන බවත් ඔහු සඳහන් කොට සිටී.

Source: AAP
මෙය හදිසි ප්‍රතිචාර දක්වන ආයතන සහ විවිධ ප්‍රජා, මෙම එක් එක් අවදානම් කාණ්ඩයෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න සහ, ස්වාභාවික විපතකදී ප්‍රතිචාර දක්වන ආකාරය දැන ගැනීම සහතික කිරීම සිදු කරයි.
ඕස්ට්‍රේලියානු අනතුරු ඇඟවීමේ පද්ධතිය 2020 දෙසැම්බර් මාසයේදී හඳුන්වා දීම සිදු කල අතර මෙය මේ වනවිට විවිධ උපද්‍රව සඳහා ක්‍රමානුකූලව ක්‍රියාත්මක වෙමින් පවතී. අලුතින් සංශෝධිත, යාවත්කාලීන කල ඕස්ට්‍රේලියානු ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය 2022 සැප්තැම්බර් මාසයේදී එළිදැක්වීම සිදු කොට තිබේ.
සහ සමාන වේ, නමුත් ඒවා හදිසි අවස්ථා සහ විවිධ උපද්‍රවවලදී, විවිධ ලෙස භාවිත කරයි.
ඕස්ට්‍රේලියානු ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය මගින්, ගින්නක් ඇති වූ විට සූදානම් වීම ආරම්භ කළ යුත්තේ කෙසේදැයි ප්‍රජා සඳහා දැනුම් දීමට භාවිතා කරයි.
ඕස්ට්‍රේලියානු අනතුරු ඇඟවීමේ පද්ධතිය දැනටමත් සිදු වෙමින් පවතින විවිධ ස්වභාවික උවදුරුවල තර්ජන මට්ටම සම්බන්ධයෙන් ප්‍රජා සඳහා උපදෙස් දීමට භාවිත කරයි.
ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීම් යනු මොනවාද සහ ඒවායින් අදහස් කරන දේ
ඕස්ට්‍රේලියානු නව ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය, කාලගුණය සහ පාරිසරික තත්ත්වයන් මත පදනම්ව ගින්නක් ආරම්භ වුවහොත් එය කෙතරම් භයානක විය හැකිද යන්න නිර්වචනය කිරීමට භාවිතා කරයි.
කාලගුණ විද්‍යා කාර්යාංශයේ (BOM) ජාතික ප්‍රජා සහභාගීත්ව කළමනාකරු Fiona Dunstan පෙන්වා දෙන්නේ ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය විශේෂයෙන්ම ගිනි සඳහා ප්‍රජා සුදානම් කිරීම සඳහා වන බවයි.
යම් හෙයකින් ගින්නක් ඇති වුවහොත් සූදානම් වීමට අප ක්‍රියාමාර්ග ගත යුතු බව මෙමගින් සඳහන් කරන බව Fiona පවසයි.
ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීම් වල වර්ණ කේත කාණ්ඩ හතරක් පවතී:
- Moderate - මධ්‍යස්ත (කොළ පැහැය) : සැලසුම් කර සකස් කරන්න
- High - ඉහළ (කහ පැහැය) : ප්‍රතිචාර දැක්වීමට සූදානම් වන්න
- Extreme - දැඩි (තැඹිලි පැහැය) : ඔබේ ජීවිතය සහ දේපළ ආරක්ෂා කර ගැනීමට දැන්ම පියවර ගන්න
- Catastrophic - ව්‍යසනකාරී (රතු පැහැය) : ඔබේ පැවැත්ම සඳහා, ලැව් ගිනි අවදානම් ප්‍රදේශ අත්හැර දමන්න
Moderate 'මධ්‍යස්ථ' සහ High 'ඉහළ' ශ්‍රේණිගත කිරීම් පවතින විට ඒ අවට ප්‍රජා කාලගුණික තත්ත්වයන් පිළිබඳ තොරතුරු සෙවිය යුතු අතර යාවත්කාලීන වීම සඳහා ඔවුන්ගේ ප්‍රාදේශීය හදිසි සේවා වෙත සම්බන්ධව සිටිය යුතුය.
Extreme 'දැඩි' ශ්‍රේණිගත කිරීම යන්නෙන් අදහස් වන්නේ ඔබ ඔබේ පුද්ගලික ලැව්ගිනි පැවැත්මේ සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු බවයි.Catastrophic 'ව්‍යසනකාරී' ශ්‍රේණිගත කිරීම යන්නෙන් අදහස් වන්නේ ගිනි නිවන භටයින්ට ගින්න පාලනය කිරීමට නොහැකි වනු ඇති බවයි, එබැවින් ආරක්ෂිතම විකල්පය වන්නේ ඔබ ලැව්ගිනි අවදානම් ප්‍රදේශයක සිටී නම් වහාම ඉවත් වීමයි.

එමෙන්ම ඔහු පවසන්නේ ඔබ සතුව පවතින ලැව්ගිනි මගින් ආරක්ෂා වීමේ සැලැස්ම සහ ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය ඔබේ විශේෂිත තත්වයන් මත රඳා පවතින බවයි.
ඕස්ට්‍රේලියාවේ ඇතැම් ජනාකීර්ණ ප්‍රදේශ උණුසුම් මාසවලදී ලැව් ගිනිවලට ගොදුරු වන අතර, ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශය වැනි රටේ අනෙකුත් ප්‍රදේශ ශීත ඍතුවේ දී ලැව් ගිනි වලට මුහුණ දීම සිදු කරයි.

Strong winds fan Vic bushfires. Source: AAP
කෙසේ වෙතත් Extreme නොහොත් 'දැඩි' යන ශ්‍රේණිගත කිරීම පවතී නම් ඔබ හොඳින් ඔබේ ලැව්ගිනි මගින් ආරක්ෂා වීමේ සැලැස්ම ක්‍රියාත්මක කර යුතු වේ.
Elisabeth Goh, ේ දිගුකාලීන ස්වේච්ඡා සේවකයෙකු වශයෙන් කටයුතු කරයි. ඇය පවසන්නේ හදිසි සේවා සපයන පිරිසට මෙලෙස නියමිත වේලාවට ඉවත් නොවන අය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්වීමට සිදු වන හෙයින් මෙම ශ්‍රේණිගත කිරීම් අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වන බවයි.
ඉතා දරුණු ලැව්ගිනි වලදී බොහෝ විට එම ස්ථාන වලින් ඉවත් නොවන පිරිස සමග කටයුතු කිරීමට සිදු වන බවත් Elisabeth පවසයි.
එය ඇත්ත වශයෙන්ම ගිනි නිවීමේ කටයුතු ප්‍රමාද කිරීමට දැඩි බලපෑමක් සිදු කරන බවත් Elisabeth පෙන්වා දෙයි.

Natural disasters in Australia Source: AAP
ඕස්ට්‍රේලියානු අනතුරු ඇඟවීමේ පද්ධතිය සහ ඔබ කළ යුතු දේ
ඕස්ට්‍රේලියානු අනතුරු ඇඟවීමේ පද්ධතිය මගින් ඒ වනවිටත් සිදු වෙමින් පවතින හදිසි අවස්ථාවක හෝ සිදුවීමක බරපතලකම විස්තර කිරීමට භාවිතා කරයි.
එය ලැව් ගිනි සඳහා පමණක් නොවන අතර, ගංවතුර, ගිනි, සුළි සුළං, ඉහල තාප තත්වයන් වැනි වෙනත් විවිධ ආකාරයේ ස්වභාවික විපත් සඳහාත් භාවිතා වේ.
මේ ඔස්සේ පුද්ගලයින්ගේ ජීවිතවලට / නිවෙස්වලට හෝ ව්‍යාපාරවලට ඇති තර්ජනය අනුව අනතුරු ඇඟවීමේ මට්ටමක් සපයන බව Fiona සඳහන් කොට සිටී.

Examples of the three-tiered Australian Warning levels.
ලැව්ගින්නක් හෝ වෙනත් උපද්‍රවයක් සිදු වූ පසු, අධියර තුනක ඕස්ට්‍රේලියානු අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක වේ.
- Advice - උපදෙස් (කහ පැහැය): යම් අනතුරුදායක සිදුවීමක් ආරම්භ වී ඇත. ක්ෂණික අනතුරක් නොමැත. තත්වය වෙනස් විය හැකි බැවින් යාවත්කාලීනව සිටින්න.
- Watch and Act - අවධානය සහ ක්‍රියා කිරීම (තැඹිලි පැහැය): තර්ජනය ඉහළ මට්ටමක පවතී. කොන්දේසි වෙනස් වෙමින් පවතින අතර ඔබ සහ ඔබේ පවුල ආරක්ෂා කිරීමට ඔබ දැන් ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කළ යුතුය.
- Emergency Warning - හදිසි අනතුරු ඇඟවීම (රතු පැහැය): හදිසි අනතුරු ඇඟවීමක් යනු ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමයි. ඔබට අනතුරක් විය හැකි අතර වහාම පියවර ගත යුතුය. ඕනෑම ප්‍රමාදයක් දැන් ඔබේ ජීවිතය අනතුරේ හෙළයි.
Fiona පවසන්නේ ඔබ එක් එක් අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය හදිසි එම හදිසි අවස්ථා වර්ගය මත රඳා පවතින බවයි.
ගංවතුර හෝ ගින්නක් ඇති වූ විට, ඔබ එම ප්‍රදේශයෙන් ඉවත් වීම සිදු කිරීමට අවශ්‍ය විය හැක. කෙසේ වෙතත්, මෙම හදිසි තත්වය වන්නේ අධික උෂ්ණත්වය හෝ අයිස් වැසි නම්, ඔබට නැවතී සිටීම සිදු කල යුතු වේ.
ඔබ කලින් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න දැන ගැනීම ප්‍රධාන බව Fiona වැඩිදුරටත් පවසන අතර, අනතුරු ඇඟවීමක් නිකුත් කළහොත්, හදිසි සැලැස්ම සම්බන්ධයෙන් සිය පවුල් සාමාජිකයින් සමග සාකච්ඡා කළ යුතු බවත් ඇය පෙන්වා දෙයි.
- යන ස්ථානය
- රැගෙන යන දෑ
- සුරතල් සතුන් සහ දරුවන් සම්බන්ධයෙන් කල යුතු දේ
මේ අතර විය යුතුය.
Rob සඳහන් කොට සිටින්නේ සෑම කෙනෙකුටම තම ප්‍රදේශයේ සිදුවිය හැකි උපද්‍රව වර්ග පිළිබඳ තොරතුරු සොයා ගැනීමට තම ප්‍රාදේශීය හදිසි සේවා සම්බන්ධ කර ගන්නා ලෙසයි.
එමෙන්ම Fiona පවසන්නේ ඔබට ගංවතුර, කුණාටු , ගිනි ආශ්‍රිත ගැටළු පවතීද එසේ නම් එහි විය හැකි අවදානම් තේරුම් ගැනීම වැදගත් වන අතර එම අවදානම් අවම කිරීමට ඔබට කළ හැකි දේ ඉගෙන ගැනීම සිදු කල යුතු බවයි.
තම ප්‍රදේශයේ තිබෙන මෙවැනි උවදුරු තේරුම් ගැනීමට කුඩා කාලයක් වැය කිරීම ඇත්ත වශයෙන්ම ඔබේ ජීවිතය ආරක්ෂා කරගැනීමට වන ආයෝජනයක වන බවත් Fiona සඳහන් කොට සිටී.
වැඩි විස්තර:
- විවිධ භාෂා 12 කින් යුත් ඕස්ට්‍රේලියානු ගිනි අනතුරු ශ්‍රේණිගත කිරීම් පද්ධති
- හදිසි අවස්ථාවකදී, 000 අමතන්න
______________________________________________________________________________________________
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
_______________________________________________________________________________________________
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න
_______________________________________________________________________________________________