ඔස්ට්‍රේලියාවේ ඔබ අධ්‍යාපනය ලැබීමට යන ස්ථානය තහවුරු කරගත් වහාම නවාතැන් පහසුකම් සෙවීම ආරම්භ කළ යුතුය.
ඔබේ ආදායම් වියදම් තත්ත්වය, අධ්‍යාපනික ස්ථානය සහ ජීවන රටාවට ගැළපීමට ඔබට නවාතැන් අවශ්‍ය වනු ඇත, එබැවින් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය විකල්ප නවාතැන් ක්‍රම කිහිපයක් මෙයින් ඉදරිපත් කෙරේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
Homestay
Homestay යනු සාම්ප්‍රදායික නවාතැන් වන අතර එහිදී සිසුවෙකුට යම් පවුලක් ජීවත් වන නිවෙසක කාමරයක් සහ ආහාර ලබා දෙන බව Australia Study අධ්‍යක්ෂ Wojtek Wawrzynski පැහැදිලි කරයි.
ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු පළමු මාස කිහිපය සඳහා සිසුන්ට විවිධ නවාතැන් සොයා දීමට ඔහු උපකාර කරයි.
"බොහෝ විට Homestay ක්‍රමයට නවාතැන් ගනු ලබන්නේ ඔස්ට්‍රේලියානු සංස්කෘතිය අත්විඳීමට කැමති සිසුන් සහ තරමක් තරුණ සහ ස්වාධීනව ජීවත්වීමේ අත්දැකීමක් නොමැති සිසුන් විසිනි." ඔහු පැවසීය.
Homestay සඳහා සාමාන්‍ය මිල සතියකට ආසන්න වශයෙන් ඩොලර් 350 කි.
Australian Homestay Network වැනි වෙබ් අඩවි සහ Australia Study වැනි ශිෂ්‍ය උපකාරක නියෝජිතායතන ඔබට Homestay සොයාගැනීමට සහ ඒවායේ මිල ගණන් සංසන්දනය කිරීමට උපකාරී වේ.
Purpose-built student accommodation හෙවත් ශිෂ්‍ය නවාතැන්
ශිෂ්‍ය නවාතැන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අංශයකි.
වෘත්තීයමය වශයෙන් කළමනාකරණය කරන ලද මහල් නිවාස සිසුන්ට සැපයීම සඳහා ව්‍යාපාර විසින් මෙය ක්‍රියාත්මක කරනු ලැබේ, බිල්පත් සහ නඩත්තු වියදම් නවාතැන් කුලියට ඇතුළත් වේ.
ප්‍රධාන විශ්ව විද්‍යාල, සාමාන්‍ය විද්‍යාල හෝ පොදු ප්‍රවාහනයට ආසන්නව උස් කුළුණු හෝ විශාල ගොඩනැගිලිවල අර්ධ වශයෙන් ගෘහ උපකරණ සපයා ඇති ශිෂ්‍ය මහල් නිවාස ඔබට බොහෝ විට හමුවනු ඇත.
ඔබ එම මහල් නිවාසය බෙදාගන්නා පුද්ගලයින් ගණන අනුව ඔබට ඒ සඳහා $280-350 අතර මුදලක් ගෙවීමට සිදුවනු ඇත.
UniLodge, Campus Living Villages සහ Student Housing Australia වැනි ජනප්‍රිය වෙබ් අඩවි මෙම ශිෂ්‍ය නවාතැන් සඳහා අයදුම්පත් කළමනාකරණය කරයි.
මේ සඳහා ඔබට ශිෂ්‍ය උපකාරක ආයතනයක් හරහාද අයදුම් කළ හැකිය.

Credit: Cavan Images/Getty Images
Share accommodation
සිසුන් ස්ථාවර වූ පසු, ඔවුන් බොහෝ විට Share accommodation හෙවත් හවුල් නවාතැන් තෝරාගෙන, විවිධ කණ්ඩායම් සමග එකට ජීවත් වීමට පටන් ගනී.
Share accommodation සඳහා ප්‍රධාන ධාරාවේ කුලී වෙලඳපොල තුළ වඩාත් ස්ථිර නිවාස ඇතුළත් වන අතර එහිදී අදාළ වියදම් එම නිවසේ ජීවත් වන අය අතර බෙදී යයි.
මෙම ක්‍රමය සිසුන්ට වියදම් බෙදා ගන්නා අතරේ ස්වාධීනත්වය සහ නම්‍යශීලී හැඟීමක් භුක්ති විඳීමට ඉඩ සලසයි, මෙය බොහෝ දෙනෙකුට ජනප්‍රිය සහ ප්‍රායෝගික තේරීමක් වේ.
ස්ථානය සහ සෘතුව අනුව සතිපතා කුලිය වෙනස් වේ.
Flatmate Finders, Flatmates.com.au සහ Gumtree යනු Share accommodation සොයා ගැනීම සඳහා ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයකි.
ඔබේ ප්‍රජා සම්බන්ධතා සහ සමාජ මාධ්‍ය ජාල Share accommodation එකක් සුරක්ෂිත කර ගැනීමේ පහසුම ක්‍රමය විය හැකි බව සිඩ්නි හි පදිංචි S M Aminul Islam Wrubel පවසයි.
ජාත්‍යන්තර සිසුන් ජීවන තත්ත්වය ගැන අඩු සැලකිල්ලක් දක්වන බවත් වර්තමාන කුලී නිවාස අර්බුදයෙන් බේරීම ගැන වැඩි සැලකිල්ලක් දක්වන බවත් Aminul පවසයි.

A front-view shot of a young university student standing proud with a smile, she is wearing casual clothing and looking at the camera. Credit: SolStock/Getty Images
විශ්වවිද්‍යාලයට අයත් නවාතැන්
විශ්වවිද්‍යාලයේ හෝ විශ්වවිද්‍යාලයට ආසන්නයේ, ඔබට විශ්ව විද්‍යාලයට හිමි නේවාසිකාගාර සහ මහල් නිවාස කිහිපයක් ද සොයාගත හැකිය.
විශ්ව විද්‍යාල නවාතැන් බොහෝ විට සිසුන් සඳහා ඉතා සමාජීය සහ උපකාරක විකල්පයක් සපයයි.
මීට පෙර ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා නොමැති ඕනෑම අයෙකු විශ්ව විද්‍යාල නවාතැන් ගැන බැරෑරුම් ලෙස සිතිය යුතු යැයි තමන් සිතන බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (ජාත්‍යන්තර සහ ආයතනික) මහාචාර්ය Sally Wheeler පවසයි.
එය අලුත් පුද්ගලයින් හමුවීමට සහ නව පරිසරයකට ඔබව ඒකාබද්ධ කිරීමට ඉතා හොඳ ක්‍රමයක් වන බවද Sally Wheeler පවසයි.
නේවාසිකාගාර සිසුන්ට ආහාර, ආරක්ෂිත පෞද්ගලික කාමර, අධ්‍යයන සහාය සහ විනෝදාස්වාද අවකාශයන් සපයයි.
"බොහෝ විශ්ව විද්‍යාලවල, විශ්වවිද්‍යාලයට අනුබද්ධ නේවාසිකාගාර එකක් හෝ දෙකක් ඇති බව මහාචාර්ය Wheeler පවසයි.

A diverse group of students in their 20's walking down some steps on campus laughing and talking to each other. Credit: SolStock/Getty Images
ඔබට සතියකට ඩොලර් 700 කට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇත. නමුත් එයට නවාතැන් පහසුකම්, ආහාර ඇතුළු සියල්ල ඇතුළත් වේ.
ඊට ප්‍රතිවිරුද්ධව, සාමාන්‍ය විශ්ව විද්‍යාලවල නවාතැන් පහසුකම් සම්පූර්ණයෙන් සපයන ලද, අර්ධ වශයෙන් සපයන ලද හෝ ස්වයං-සේවා සපයන නවාතැන් වැනි පැකේජ තෝරා ගත හැකිය.
ඔබට වඩාත් ස්වාධීනව ජීවත් වීමට කැමති නම් එය ලාභදායී විකල්පයකි.
මෙම නවාතැන් වර්ග දෙකම සඳහාම අයදුම්පත් ක්‍රියාවලිය විශ්ව විද්‍යාල කළමනාකරණය කරයි.
ඇතැම් විශ්ව විද්‍යාල ඔබගේ විශ්ව විද්‍යාල අයදුම්පත්‍රය පිළිගන්නා විට ඔබේ කාමරය සහතික කරන අතර අනෙක් අයට ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර වෙනම අයදුම්පතක් ඒ සඳහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ.
ඇතැම් විශ්ව විද්‍යාල දැනට සිටින සහ අනාගත සිසුන්ට ප්‍රවේශ විය හැකි විශ්ව විද්‍යාල පරිශ්‍රයනේ පිටත නිවාස සඳහා තමන්ගේම දත්ත සමුදායන් කළමනාකරණය කරයි.