පාර්ලිමේන්තුවට හඬක් ජනමත විචාරණය යනු කුමක්ද සහ එවැන්නක් පැවැත්වීමට හේතු: SBS සිංහල Australia Explained වෙතින්

CANBERRA RECONCILIATION WEEK STOCK

The moon is seen behind the Australian flag, the Indigenous flag and the flag of the Torres Strait Islands flying outside Parliament House to mark Reconciliation week in Canberra, Tuesday, May 30, 2023. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඔස්ට්‍රේලියානුවන් මෙම වසර අගදී ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගනිම සඳහා වන පාර්ලිමේන්තුවට හඬක් යන ජනමත විචාරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කරයි. එම ක්‍රියාවලිය ගැන ඔබ දැනගත යුතු දේ, එය සිදුවන්නේ කුමන හේතු මතද යන්න සම්බන්ධයෙන් වන තොරතුරු මෙම ලිපිය ඔස්සේ ගෙන එයි


‘පාර්ලිමේන්තුවට හඬක්’ යන නියෝජිතායතනය හරහා ඕස්ට්‍රේලියානු ආදිවාසී ප්‍රජාව ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යම් සංශෝධනයකට ලක් කිරීමට, වත්මන් රජය ඔස්ට්‍රේලියානුවන්ට ජනමත විචාරණයක් කැඳවා තිබේ.

‘The Voice’ යනු ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් හට බලපාන ගැටළු සහ නීති පිළිබඳව රජයට උපදෙස් දීමට තේරී පත් කරන කණ්ඩායමකි.

Evan Ekin-Smyth මැතිවරණ පවත්වන ස්වාධීන ජාතික ආයතනය වන ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ (AEC) ප්‍රකාශකයෙකු වශයෙන් කටයුතු කරයි. Evan පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ හැකි එකම ක්‍රමය ජනතා ඡන්දය වන අතර ඒ සඳහා පාර්ලිමේන්තුවට සෘජු බලයක් නොමැති බවයි.


———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:


SBS සිංහල Facebook පිටුව:


SBS Audio App:
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය ක්‍රියා කරන ආකාරය තහවුරු කිරීම සිදු කරයි.

එමෙන්ම මේ ඔස්සේ ප්‍රාන්ත සහ මධ්‍යම පාර්ලිමේන්තු මගින් කුමන නීති සම්පාදනය කළ හැකිද යන්න ඇතුළුව මධ්‍යම රජය ප්‍රාන්ත රජයන් සහ ජනතාව ක්‍රියා කරන ආකාරය සඳහා වන පදනම තීරණය කිරීමත් සිදු කරයි.

එළඹෙන මෙම ජනමත විචාරණයේදී පහත සඳහන් ගැටලුවට "Yes" හෙවත් "එකඟද" ද යන්න හෝ "No' හෙවත් "එකඟ නොවන්නේද" යන්න ලෙස පිළිතුරු ලබාදීමට ජනතාවට සිදු වේ.


“යෝජිත නීතියක්: ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත්වාසීනට ඕස්ට්‍රේලියාවේ හඬක් පිහිටුවීමෙන් ඕස්ට්‍රේලියාවේ පළමු ජාතීන් පිළිගැනීමට ව්‍යවස්ථාව වෙනස් කිරීම.



ඔබ මෙම යෝජිත වෙනස් කිරීම අනුමත කරනවාද?"
YES 23 VOICE CAMPAIGN SYDNEY
A supporter is seen with the Aboriginal flag painted on her face in support of the vote hold placards during a Yes 23 community event in support of an Indigenous Voice to Parliament, in Sydney, Sunday, July 2, 2023. (AAP Image/Bianca De Marchi) NO ARCHIVING Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE
ජනමත විචාරණයක් සාර්ථක වීමට නම් ද්විත්ව බහුතරයක් එයට සහාය දිය යුතු වේ.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත 6 අවම වශයෙන් 4 වත් ඡන්දය ප්‍රකාශ කළ යුතු වන බවත් Evan සඳහන් කරයි.

“ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි සහ නොදර්න් ටෙරිටරි වැසියන් සෙසු සියලුම ඕස්ට්‍රේලියානු පුරවැසියන් මෙන් ඡන්දය ප්‍රකාශ කරන අතර ඡන්ද පත්‍රිකාවේ 'Yes' හෝ 'No' යනුවෙන් සලකුණු කිරීම සිදු කලයුතු වේ. මෙය ජාතික බහුතරය වශයෙන් සලකන අතර මේ හේතුවෙන් ජාතික බහුතර එකතුවට ප්‍රාන්ත ඡන්ද ඉතා වැදගත් වේ.

ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ප්‍රජාව ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගැනීම හෙවත් "පාර්ලිමේන්තුවට හඬ" යනු, ස්වදේශික ප්‍රජාවට බලපාන නීති කෙටුම්පත් කිරීමේදී, පාර්ලිමේන්තුවට උපදෙස් දීමට ඔවුන් නියෝජනය කිරීමට පළමු ජාතීන්ගේ ප්‍රජා මගින් තෝරා ගන්නා ලද ස්වදේශික නියෝජිතයින්ගෙන් යුත් ආයතනයක් වේ.

නමුත් මේ සඳහා නීති සම්මත කිරීමට, නිෂේධ තීරණ ගැනීමට හෝ අරමුදල් වෙන් කිරීමට බලයක් නොපවතින අතර පාර්ලිමේන්තුව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සිදු වේ.

Cobble Cobble කාන්තාවක වන මහාචාර්ය "Megan Davis" University of NSW හි ව්‍යවස්ථාපිත නීතියේ සභාපතිනිය වන අතර, ඇය "පාර්ලිමේන්තුවට හඬක්" යන නියෝජිතායතනය පිහිටුවීම සඳහා යෝජනා කල විශේෂඥ මණ්ඩලයේ සාමාජිකාවක වේ.

ඇය පවසන්නේ වෙනත් රටවල් ද මෙවැනිම ආදර්ශ සාර්ථකව ක්‍රියාත්මක කොට ඇති අතර මෙය ප්‍රජාතන්ත්‍රවාදී පද්ධති සඳහා කරන ලද ඉතා පොදු ප්‍රතිසංස්කරණයක් වන බවයි.

එමෙන්ම ඕස්ට්‍රේලියානු රජයන් විවිධ ප්‍රජා සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීම ඉතා කලාතුරකින් සිදු කරන බවත් Megan Davis පවසයි.

Dean Parkin යනු Quandamooka පුද්ගලයකු වන අතර Dean "පාර්ලිමේන්තුවට හඬක්" යන නියෝජිතායතනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ ‘From the Heart’ යන ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයෙකු වනවා

ඕස්ට්‍රේලියාවේ පළමු ජාතීන්ට අයත් විවිධ පුද්ගලයින් විවිධ දේශපාලන අදහස් දැරීම සිදු කරයි, ඇතැමුන් මෙම "පාර්ලිමේන්තුවට හඬක්" සඳහා වූ යෝජනාවට එකඟ නොවෙන අතර මෙයට ප්‍රකට ස්වදේශික දේශපාලඥයන් ද ඇතුළත් වේ.

Northern Territoryයෙහි ලිබරල් සෙනෙට් සභික "Jacinta Price" සහ හිටපු ලේබර් පක්ෂ නායක "Warren Mundine" මෙම ජනමත විචාරණයට විරුද්ධව පවතින 'No' ව්‍යාපාරයේ හවුල් කරුවන් වේ.

ඔවුන් තර්ක කොට සිටින්නේ පාර්ලිමෙන්තුවට හඬක් ඔස්සේ, ඕස්ට්‍රේලියානු ආදිවාසීන් අත්විඳින අවාසි සහගත තත්වයන් විසඳීමට සුළු දෙයක් හෝ සිදු නොකරන බවයි.

ජනමත විචාරණය ආසන්න වන විට, Yes හෙවත් ‘ඔව්’ සහ No ‘නැත’ ව්‍යාපාර මීට පක්ෂව සහ විපක්ෂව විවිධ තර්ක ඉදිරිපත් කරමින් සිටී.
JACINTA PRICE VOICE PRESSER
Country Liberal Party Senator Jacinta Nampijinpa Price walks with a young Indigenous woman wearing an Australian flag ahead of a press conference at Parliament House in Canberra, Wednesday, March 22, 2023. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE
ප්‍රකාශක Evan පවසන්නේ AEC මගින් මේ වනවිට මිලියන 17 කට වැඩි ලියාපදිංචි ඕස්ට්‍රේලියානු ඡන්දදායකයින් දැනුවත් කිරීම සඳහා තොරතුරු ව්‍යාපාරයක් සංවර්ධනය කරමින් සිටින බවයි.

එමෙන්ම ජනමත විචාරණ දිනයේදී රට පුරා ඡන්ද මධ්‍යස්ථාන දහස් ගණනක් පැවැත්වීමට මේ වනවිට සැලසුම් කොට ඇති අතර, කෙසේ නමුත් පුද්ගලයින්ට නියමිත දිනට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවද පවතී.

Evan පෙන්වා දෙන්නේ ඔබට කලින් ඡන්ද මධ්‍යස්ථානයකට පුද්ගලිකව පැමිණිය හැකි බවයි. විදේශය්න්හි සිටින්නන් හට ඡන්දය ප්‍රකාශ කිරීමට, දුරස්ථ ජංගම ඡන්දය ප්‍රකාශ කිරීමට, තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට මෙන්ම අන්ධ පුද්ගලයින් සඳහා දුරකථන ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සපයන බවත් Evan පවසයි.

ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ නියෝජිතයකු වන Pat Callanan කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් ඡන්දදායකයින්ට ප්‍රවේශ විය හැකි විවිධ සම්පත් පවතින බවයි.

එමෙන්ම පුද්ගලයින් හට Australian Electoral Commission හෙවත් ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන් සහ දුරකථන ඇමතුම් පරිවර්තක සේවා හරහා ද මේ සම්බන්ධයෙන් සේවා ලබාගැනීමට හැකියාව පවතී.

ඔබ මැතිවරණ සඳහා ඡන්දය දීමට ලියාපදිංචි වී ඇත්නම්, ඔබ ජනමත විචාරණයේදී ඡන්දය දීමට සුදුසුකම් ලබයි.

මේ ඔස්සේ ලියාපදිංචි වූ පුරවැසියන් සඳහා ජනමත විචාරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වන අතර මේ සඳහා ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු විය යුතු වේ.

කෙසේ නමුත් Pat කියා සිටින්නේ ඔබේ ලියාපදිංචිය aec.gov.au මගින් පරීක්ෂා කල හැකි අතර ඒ ඔස්සේ ඔබගේ සියලුම ඡන්ද ලියාපදිංචි වීමේ විස්තර යාවත්කාලීන බව සහතික කර ගත හැකි බවයි.

ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ Evan පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අධ්‍යනය කිරීමෙන් අනතුරුව ජනමත විචාරණයට සම්බන්ධ වන ලෙසයි.

පුද්ගලයින් මෙම මාතෘකාව සම්බන්ධයෙන් සැබවින්ම සිතිය යුතු අතර "Yes" හෝ "No" යන පිළිතුර ලබාදීමට පෙර ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබීම වැදගත් වන බවත් Evan පවසයි.

එමෙන්ම ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ Pat කියා සිටින්නේ ඔබ කුමන ආකාරයට ඡන්දය ප්‍රකාශ කලත් ඔබේ අදහස් දැක්වීම ඉතා වැදගත් වන බවයි.

එමෙන්ම පුද්ගලයින් මේ සඳහා ඡන්දය ලබා දෙන ආකාරය වැදගත් නොවන අතර ඡන්දය ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍ය වන බවත් Pat කියා සිටී.

——————————————————————————————————————————————-

NITV හරහා පළමු ජාතීන්ගේ ඉදිරිදර්ශන ඇතුළුව, SBS ජාලය හරහා 2023 දේශීය හඬ පාර්ලිමේන්තුවට ජනමත විචාරණය පිළිබඳව දැනුවත්ව සිටින්න. භාෂා 60කට අධික ප්‍රමාණයකින් ලිපි, වීඩියෝ සහ පොඩ්කාස්ට් වෙත ප්‍රවේශ වීමට වෙත පිවිසෙන්න. ඔස්සේ නවතම පුවත් සහ විශ්ලේෂණ නොමිලයේ ලබාගන්න.

Share