Key Points
- වෙනත් රටවල සංචාරය කිරීම හේතුවෙන් ඔබ ඕස්ට්‍රේලියාවේ නොමැති රෝග වලට නිරාවරණය විය හැක
- එන්නත් ලබා ගැනීමෙන් ඔබට ඔබව ආරක්ෂා කර ගත හැක
- ඔබට අවශ්‍ය එන්නත් මොනවාදැයි දැන ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවේ පිටත් වීමට සති හයකටවත් පෙර වෛද්‍යවරයකු හමුවීම වැදගත් වේ
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් සියලුම සංචාරකයින් සඳහා ඇතැම් එන්නත් නිර්දේශ කිරීම සිදු කරයි. එමෙන්ම ඇතැම් විශේෂිත රෝග සඳහා ඉහළ අවදානමක් පවතින රටවල සංචාරය කරන පිරිස සඳහා නිශ්චිත එන්නත් නිර්දේශ කරයි.
සිඩ්නි University of Technology හි සෞඛ්‍ය පීඨයේ මහජන සෞඛ්‍ය පාසලේ සහකාර මහාචාර්යවරියක වන Jane Frawley පවසන්නේ, පුද්ගලයින් සංචාරය කිරීමේදී ඔස්ට්‍රේලියාවේ නොමැති සහ බරපතල බෝවන රෝගවලට ඔවුන් ගොදුරු වීමේ අවදානමක් පවතින බවයි.
මේ හේතුවෙන් නිවාඩු සමය අවසාන කාලයේදී බොහෝ පිරිස අසනීප වීම සිදුවන අතර, වෙනත් රටවල සංචාරය කරන පිරිස ඕස්ට්‍රේලියාවේ බහුලව දක්නට නොලැබෙන බෝවන රෝගවලට ගොදුරු වීම සිදු වේ.

There are several vaccines which are commonly recommended or required for Australian travellers.
සෞඛ්‍ය අවදානම, කලාප සහ කාලය අනුව වෙනස් වීම සිදු වේ
මහාචාර්ය Jane පවසන්නේ නව රෝග ව්‍යාප්ති සහ නව එන්නත් තිබීම පුද්ගල සෞඛ්‍ය අවදානම් වලට බලපෑම් සිදු කළ හැකි බවයි.
එමෙන්ම ලොව පුරා වෙනත් රටවල සැලකියයුතු සහ ඊටම අවේනික රෝග තිබෙන බවත්, මෙම රෝග සඳහා ඔබ නිරාවරණය වීමෙන් ආරක්ෂා වීමට එන්නත් ලබාගැනීම වැදගත් වන බවත් මහාචාර්ය Jane කියා සිටී.
ඔබට අවශ්‍ය එන්නත් පිලිබඳ දැන ගැනීමට ඔබේ වෛද්‍යවරයා හමුවන්න
විදේශගත වන ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය නිශ්චිත එන්නත් ඔවුන්ගේ ගමනාන්තය, රට සහ ඔවුන් රැඳී සිටින කාලය මත රඳා පවතී.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවම වශයෙන් සති හයකට පෙර තමන්ට අවශ්‍ය එන්නත් පිළිබඳව සොයා බැලීමට ඔබේ වෛද්‍යවරයා හමුවීම වැදගත් වන බව මහාචාර්ය Jane පවසයි.
මෙය සති 12ක් වැනි කාලයකට පෙර සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ.
University of Sydney හි සායනික එන්නත් විද්‍යාව පිළිබඳ මහාචාර්ය Nicholas Wood මේ හා සමග එකඟ වේ.
මහාචාර්ය Nicholas ප්‍රතිශක්තිකරණ පර්යේෂණ සහ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානයේ (NCIRS) ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික විශේෂඥ වශයෙන්ද කටයුතු කරයි.
ඔහු පවසන්නේ Australian Immunisation Register හෙවත් ඕස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනය ඔස්සේ ඔබ මේ වනවිට ලබාගෙන තිබෙන එන්නත් මොනවාදැයි සොයා බැලිය හැකි බවයි.
මෙය ටෙටනස්, සරම්ප සහ කොවිඩ් සහ පැපොල වැනි සාමාන්‍ය එන්නත් සඳහා අදාළ වේ.
කෙසේ නමුත් මෙය යම්දුරකට සංකීර්ණ වන හෙයින් ඔබේ වෛද්‍යවරයා සමඟ මේ පිළිබඳව කතා කිරීම වැදගත් වන බව මහාචාර්ය Nicholas පවසයි.

The specific vaccinations required for Australians traveling overseas depend on the destination, country, and length of stay.
- ඔබේ වයස
- ඔබේ එන්නත් ඉතිහාසය
- ඔබ ගැබ්ගෙන සිටීද හෝ ගැබ් ගැනීමක් සැලසුම් කරයිද
- ඔබට කලින් පැවති සහ දැනට පවතින ඕනෑම රෝගයක් සහ ඔබේ සාමාන්‍ය සෞඛ්‍යය
- සංචාරයට හේතු
- ඔබගේ ගමනාන්තය, රැඳී සිටින කාලය
බොහෝ පිරිස ඔවුන් ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව යාමට ආසන්න වන තෙක් එන්නත් ලබාගැනීම නොසලකන අතර, පසුව ඔවුන්ගේ වෛද්‍යවරයා සමඟ හමුවීමක් සැලසුම් කිරීමට උත්සාහ කරන නමුත් බොහෝ විට එය ප්‍රමාද වැඩි බව මහාචාර්ය Jane පවසයි.
එන්නත් ලබාගැනීමෙන් අනතුරුව ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රතිචාර දැක්වීමට එය ඔබේ පද්ධතියට ඇතුළු වීමට ටික වේලාවක් ගත වේ.
ඔබට අවශ්‍ය වියහැකි එන්නත් වර්ග මොනවාද?
සහ වෙබ් අඩවි මගින් සංචාරය කරන විට අවශ්‍ය විය හැකි එන්නත් ලැයිස්තුගත කොට තිබේ.
HealthDirect වෙබ් අඩවියට අනුව ඔබට එන්නත් එකක් හෝ කිහිපයක් අවශ්‍ය විය හැකි රෝග කිහිපයක් පවතී.
ඒවා නම්:
- COVID-19
- Hepatitis A සහ /හෝ Hepatitis B
- Cholera (කොලරාව)
- Chickenpox (Varicella)
- Typhoid
- Yellow fever (කහ උණ)
- Tuberculosis (TB) (ක්ෂය රෝගය)
- Meningococcal disease
- Japanese encephalitis
- Measles (සරම්ප)
- Influenza (Flu)
- Tetanus (ටෙටනස්)
- Rabies (ජලභීතිකා රෝගය)

Health risks vary from one region to another and over time.
එන්නතකින් ඔබේ ජීවිතය බේරා ගත හැකියි
මහාචාර්ය Nicholas අවධාරනය කොට සිටින්නේ ඇතැම් අවස්ථාවල එන්නතක් ලබාගැනීම මගින් ඔබේ ජීවිතය පවා බේරා ගත හැකි බවයි.
"ටෙටනස්" එන්නත ඔබ යාවත්කාලීන කොට නොමැතිනම් සහ ඔබ විදේශගතව සිටී නම්, ඔබට "ටෙටනස්" අවදානමක් සහිත තුවාලයක් ඇති වුවහොත් එය ඔබට අවදානමක් ගෙන දෙයි.
ඔස්ට්‍රේලියාවේදී මෙවැන්නක් සිදු වුවහොත් ඔබ වෛද්‍ය ප්‍රතිකාර වෙත ප්‍රවේශ කරන අතර තුවාලය හොඳින් පිරිසිදු කරන බව මහාචාර්ය Nicholas පවසයි.
Rabies හෙවත්"ජලභීතිකා රෝගය" සංචාරක ගමනාන්තය අනුව තවත් වැදගත් එන්නතක් වේ. මෙය ආසාදිත සුනඛයන් හෝ වෛරසය රැගෙන යන ක්ෂීරපායින් සපාකෑමෙන් හෝ සීරීමෙන් සම්ප්‍රේෂණය වන වෛරස් රෝගයකි.
එමෙන්ම Typhoid එන්නත වැදගත් වන අතර බොහෝ පිරිස Typhoid රුධිර විෂ වීමෙන් රෝහල්ගතවන බවත් ඔහු කියා සිටී.
මහාචාර්ය Nicholas, Meningococcal meningitis හි බරපතලකම පිළිබඳව සඳහන් කරන අතර Japanese encephalitis එන්නතෙහි වැදගත්කම අවධාරණය කරයි.
මහාචාර්ය Jane පෙන්වා දෙන්නේ COVID-19 එන්නත් කිරීමේ වැදගත්කම නොසලකා නොහරින ලෙසයි.
ඔබ COVID-19 එන්නතක් ලබාගෙන හෝ COVID-19 වැළඳී අවම වශයෙන් මාස හයක් ගත වී ඇත්නම්, බුස්ටර් එන්නතක් ලබාගැනීම වැදගත් වේ.
එමෙන්ම COVID-19 හි ගෝලීය ව්‍යාප්තිය පිළිබඳව සඳහන් කරමින් මහාචාර්ය Jane කියා සිටින්නේ ගුවන් යානා, කෲස් නෞකා, බස් රථ සහ කාර්යබහුල ප්‍රදේශ වැනි ජනාකීර්ණ ස්ථානවල ගමන් කිරීම තවමත් අවදානම් වන බවයි.

The specific vaccinations needed for Australians traveling overseas will depend on the destination, country and the length of their stay. Source: iStockphoto / 06photo/Getty Images/iStockphoto
ප්‍රතිශක්තිකරණය සහ HALO
ඔබට අවශ්‍ය විය හැකි ප්‍රතිශක්තිකරණ ඔබේ සෞඛ්‍යය, වයස, ජීවන රටාව සහ රැකියාව අනුව තීරණය වන බව මහාචාර්ය Nicholas පෙන්වා දෙයි.
මෙය කෙටියෙන් HALO ලෙස හැඳින්වේ.
ඔබේ සෞඛ්‍යය දුර්වල නම් සහ ඔබ අතිරේක ඖෂධ හෝ ප්‍රතිශක්තිකරණ ආදිය භාවිතා කරන්නේ නම්, සාමාන්‍ය එන්නත් ලබා ගැනීම වඩා වැදගත් වන බව මහාචාර්ය Nicholas පවසයි.
දියවැඩියාව, නිදන්ගත පෙනහළු රෝග, හෝ ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා ගන්නා පිරිස සංචාරක සැලසුම් සාකච්ඡා කිරීමේදී එම තොරතුරු ඔබේ වෛද්‍යවරයාට දැනුම් දීම වැදගත් වේ.
විවිධ අසාත්මිකතා
ඇතැම් අවස්ථාවලදී ඇතැම් පිරිසට එන්නත් ලබාගැනීමෙන් අනතුරුව විවිධ අසාත්මිකතා ඇති විය හැක.
ඔබට එන්නතක් හා සම්බන්ධ අතුරු ආබාධ ඇති බවට ඔබ සැලකිලිමත් වන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
1300 633 424 ඔස්සේ සේවාව ඇමතීමෙන් ඔබට ඇතිවිය හැකි අතුරු ආබාධ වාර්තා කිරීමට සහ සාකච්ඡා කිරීමටද හැක.
ඔබ ඔබේ එන්නත් විදේශයෙන්හිදී ලබා ගත්තේ නම්, සහතිකයක් ලබා ගැනීමට පෙර ඒවා හෙවත් ඕස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනයේ සඳහන් කොට තිබීම වැදගත් වේ.
ඕස්ට්‍රේලියානු වෛද්‍ය වෘත්තිකයෙකුට පමණක් ඕස්ට්‍රේලියානු ප්‍රතිශක්තිකරණ ලේඛනයට ඔබේ එන්නත් ඉතිහාසය එක් කිරීමට හැකියාව පවතී.
වැඩිදුර උපකාර සඳහා ඔබේ වෛද්‍යවරයාගෙන් හෝ වෙනත් වෛද්‍ය වෘත්තිකයින්ගෙන් විමසන්න.