Key Points
- භූමිය ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවගේ වෙන් කළ නොහැකි කොටසකි, එය ඔවුන්ගේ අනන්‍යතාවය සහ අයිතිවාසිකම පිළිබඳ හැඟීම ලබාදෙයි.
- භුමිය සමග පවතින සම්බන්ධය පරම්පරාගතව පැවත එන කතා වලින් පැමිණේ
- යම් පුද්ගලයකු ස්වදේශික ප්‍රජාවේ පූජනීය ස්ථාන සඳහා යා යුත්තේ එම ස්ථාන සහ එහි වැදගත්කම පිළිබඳ දැනුමක් සහිතව පමණි
ඕස්ට්‍රේලියානු ඇබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් වෙනස් වන භූමියත් සමග අනුවර්තනය වෙමින් අවම වශයෙන් වසර 60,000 ක් ඕස්ට්‍රේලියාව තුල ජීවත් වී තිබේ.
Aunty Deidre Martin යනු Yuin ජාතියේ Walbanga කාන්තාවක වන අතර ඇය නිව් සවුත් වේල්ස් හි ජාතික වනෝද්‍යාන සහ වනජීවී සේවය සමඟ ආදිවාසී රේන්ජර් කෙනෙකු වශයෙන් කටයුතු කරයි.
ඇයට මෙම භූමිය අයිති කර ගත යුතු නොවන නමුත් ඇයගෙන් මෙම භුමිය වෙන් කළ නොහැකි කොටසකි.
ඇය කියා සිටින්නේ මෙම භුමියට ගෞරවය හා සැලකිල්ල දැක්විය යුතු බවයි.
Aunty Deidre පවසන්නේ අපට ඉඩම කිසිදාක හිමි නොවනු ඇති නමුත් භූමිය ආරක්ෂා කිරීමේ කාර්යභාරයක් අපට තිබෙන බවයි.
එමෙන්ම අපේ රට අපට ආහාර, ජලය, නවාතැන් සහ තවත් බොහෝ දේ සපයන බවත් මියයන තුරු භුමියට ගෞරව කලයුතු බවත් ඇය කියා සිටී.

Aunty Deidre Martin is an Aboriginal discovery ranger. Credit: Aunty Deidre Martin.
සිඩ්නි සිට නිවසට යන ගමන අතරතුරේ තමන් Kiama ප්‍රදේශයේදී වෙරළ දෙස බලා සිටින බව ඇය කියා සිටී.
Desmond Campbell, Gurindji සහ Alawa-Ngalakan පුද්ගලයකු වේ.
ඔහු නොදෙර්න් ටෙරිටරියේ අයකු වන අතර තමාගේ ප්‍රදේශයට යන විට මීට සමාන හැඟීම් දැනෙන බව ඔහු කියා සිටී.
සිඩ්නි හි හි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් ඔහු පවසන්නේ තම රට හෙවත් භූමිය පිළිබඳව සිතන විට ආරක්ෂිත බවක් දැනෙන බවයි.
ඔහු එහි ස්ථිරව හැදී වැඩී නොමැති වුවත් එම භූමිය හොඳින් හුරු පුරුදු බව Desmond පවසයි.
දුරස්ථභාවය නොතකා තම රට සමඟ ඇති සම්බන්ධය ස්ථිරව පවතින අතර සංස්කෘතිය සහ භාෂාව භාවිතා කිරීම සඳහා පමණක් නොව, එය පෝෂණය කරන ගැඹුරු අධ්‍යාත්මික සබඳතාව සඳහාද තම පාරම්පරික දේශයට නිතිපතා ආපසු යාමේ වැදගත්කම ඔහු අවධාරණය කරයි.
තමාට Welcome to County වැනි සංවිධානයක වැඩ කිරීම සඳහා තම රට ගැන සිතීම ඔස්සේ ධෛර්යමත් කරන බවත් Desmond කියා සිටී.
CEO of Welcome to Country, Desmond Campbell. Credit: Desmond Campbell.
භුමිය පිළිබඳව වන කතා
භුමිය පිළිබඳව වන කතා පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන බව Desmond සඳහන් කරයි.
ඔබ කුමන දේශයෙන්ද යන්න මත පදනම්ව, කථාන්දර, ආත්මයන් සහ සම්බන්ධතා සියල්ල වෙනස් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.
තම පියාගේ භුමිය කාන්තාර ප්‍රදේශයක් වන අතර එම ප්‍රදේශයේ සතුන් සහ සෘතු වෙනස් වන බවත් ඒවා තම මවගේ භුමිය පිළිබඳව පැවත එන කතා වලින් වෙනස් වන බව Desmond කියා සිටී.
මෙම කතා භූමිය පිළිබඳ දැනුම, දඩයම් කළ යුත්තේ කවදාද, වැරදි කාලවලදී ගින්දර භාවිත කිරීමේ ප්‍රතිවිපාක සමඟ බැඳී තිබේ.
Bradley Hardy Ngemba, Ualarai, Kooma සහ Kamilaroi පුද්ගලයකු වන අතර ස්වදේශික ප්‍රජාවේ නූතන භාරකරුවෙකු වේ.
ඔහු ගංගාව විස්තර කරන්නේ ඔහුගේ "රුධිරය සහ හඳුනාගැනීම" ලෙසයි.
Bradley, ප්‍රාදේශීය මාර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතර ඔහුගේ භූමියේ කථා සහ ඉතිහාස පිළිබඳව දැනුවත් කිරීම සිදු කරයි.
ඔහු පවසන්නේ එම කතා මතු පරපුරට දායාද කරමින් ඒවා ජීවමානව තබාගත යුතු බවයි.
තරුණ පිරිස ඉතිහාසය සම්බන්ධයෙන් දැනුවත් කිරීම අපගේ යුතුකම වන බව Bradley සඳහන් කරයි.

Bradley Hardy and Brewarrina Aboriginal Fishing Traps. Credit: Bradley Hardy.
පූජනීය ස්ථාන අවබෝධ කර ගැනීම
Brewarrina හි ස්වදේශික ප්‍රජාවේ "මාළු උගුල්" ලෝකයේ පැරණිතම මානව ඉදිකිරීම් අතර වේ.
ඒවා සෑදී ඇත්තේ U සහ C-හැඩයේ උපක්රමශීලීව තැන්පත් කර ඇති පාෂාණවලින් වේ.
මේවා රංචු ගැසීමට සහ මසුන් ඇල්ලීමට පමණක් නොව ඇතැම් මසුන්ට ජීවන චක්‍රය මඟ හැරීමට මෙමගින් ඉඩ සලසන බව Bradley පැහැදිලි කරයි.
එම ස්ථාන බොහෝ ගෝත්‍ර එකතු වූ ස්ථානද වී තිබේ.
එය පූජනීය ස්ථානයක් වන අතර එය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ යුතු බවත් ප්‍රධාන යුතුකම වන්නේ ඒවා ගැන මිනිසුන්ට පැවසීම වන බවත් ඔහු කියා සිටී.
Aunty Deidre ද පූජනීය ස්ථාන නැරඹීමට පෙර ඒවා පිළිබඳව දැනගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි.
එවැනි ස්ථාන වැදගත් වන බවත් ඔබ එම ස්ථාන පිළිබඳව දැනුම ලබා ගන්නා තුරු ඔබට සංචාරය කළ නොහැකි බවත් ඇය කියා සිටී.

Silhouette image of First Nation Australian aboriginal people, father and son, going to hunt seafood in Cape York, Queensland, Australia. Credit: Rafael Ben-Ari/Getty Images Credit: Rafael Ben-Ari/Getty Images
ඇතැම් ස්ථාන පිරිමි සහ ගැහැණු යන දෙඅංශයෙන්ම පූජනීය විය හැකි අතර, අනෙක් ඒවා චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව ගැහැණු සහ පිරිමි පාර්ශවයට වෙන වෙනම වැදගත් විය හැක.
Aunty Deidre කියා සිටින්නේ මෙම පුදබිම් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම තම වගකීම වන අතර අමුත්තන් සමඟ තම දැනුම බෙදාගැනීමෙන් ඇය සැබවින්ම සතුටට පත්වන බවයි.
පළමු ජාතීන්ගේ ජනයාගේ දේශය පිළිබඳව ගැඹුරින් සොයා බැලීම සහ එහි වැදගත්කම අවබෝධ කර ගැනීමෙන් දැනුම් සම්භාරයක් ලබාගත හැක.
කෙසේ නමුත් ස්වදේශික පූජනීය ස්ථාන වෙත ගෞරවයෙන් ප්‍රවේශ වීම සහ ප්‍රාදේශීය ස්වදේශික ප්රජාවන්ගෙන් හෝ ඉඩම් කවුන්සිලයෙන් මඟ පෙන්වීම ලබා ගැනීම ඉතා වැදගත් වේ.
එය විවිධ ස්ථානවල මාළු උගුල් හෝ වෙනත් වැදගත්කමක් ඇති ස්ථාන වේවා, අපට අවශ්‍ය වන්නේ මිනිසුන් ගොස් අපගේ ඉතිහාසයේ සත්‍යය ගැන දැනුම ලබා ගැනීම වන බව Bradley පවසයි.
අවශ්‍ය වන්නේ මිනිසුන් පිටතට පැමිණ මෙම දේවල් ගැන ඉගෙන ගැනීම පමණක් නොවන බවත් අපගේ දේවල් ගැන සැලකිලිමත් වීම සහ ගෞරවය දැක්වීම වන බවත් Bradley වැඩිදුරටත් කියා සිටී.