කොවිඩ් වසංගතය තවදුරටත් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස නොසැලකෙන නමුත් වයිරසයේ විකෘති අඛණ්ඩව වර්ධනය වී පරිණාමය වේ.
මේ වන විට එක් නව කොවිඩ් උප ප්‍රභේදයක් Eris නමින් ලෝකයේ ඇතැම් ප්‍රදේශවල කොවිඩ් ආසාදන වැඩි කිරීමට හේතු වන අතර එය දැනටමත් ඔස්ට්‍රේලියානු ප්‍රජාව තුළ සංසරණය වෙමින් පවතින බව විශේෂඥයෝ විශ්වාස කරති.
ඒ පිළිබඳ ඔබ දැනගත යුතු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Eris කොවිඩ් උප ප්‍රභේදය ගැන අප දන්නේ මොනවාද?
මෙම නව කොවිඩ් ප්‍රභේදය Eris නොහොත් EG.5.1 ලෙස නම් කර ඇති අතර එය ප්‍රථම වරට ආසියාවෙන් අනාවරණය වූ බව වාර්තා වේ.
එය Omicron ඛාණ්ඩයේත් EG.5 ඛාණ්ඩයේත් කොටසක් වන අතර එය 2023 ජූලි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අධීක්ෂණය යටතේ පවතින කොවිඩ් ප්‍රභේදයක් ලෙස ලැයිස්තුගත කර ඇත.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මෙම උප ප්‍රභේදය ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති නමුත් සීමිත පරීක්ෂණ හේතුවෙන් තවමත් නිල වශයෙන් හඳුනාගෙන නොමැති බව බෝවන රෝග පිළිබඳ වෛද්‍යවරයකු සහ සායනික ක්ෂුද්‍රජීව විද්‍යාඥයකු වන සහකාර මහාචාර්ය Paul Griffin විශ්වාස කළේය.
Eris ලොව පුරා වර්ධනය වෙමින් පවතින බව ඔහු පැවසීය.
එය රටවල් ගණනාවක Omicron හි ප්‍රමුඛ උප ප්‍රභේදය බවට පත්වෙමින් පවතින අයුරු පෙනෙන බවද ඔහු පැවසීය.
එක්සත් රාජධානියේ සෑම කොවිඩ් ආසාදන හතකින්ම එකක් EG.5.1 ලෙස දැන් වාර්තා වේ.
LISTEN TO

ජීවන වියදමත් සමග නිතරම කතාවෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කුලී නිවාස නීති වෙනස් වෙන්නේ මෙහෙමයි
SBS Sinhala
03:26
ඇමෙරිකාවේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) නවතම දත්ත ඇස්තමේන්තු කර ඇති පරිදි EG.5.1 ඇතුළුව - දැන් ඇමෙරිකාවේ කොවිඩ් ආසාදනවලින් සියයට 17.3ක් සඳහා වග කියනු ලබන්නේ EG පෙළපතේ වයිරසය.
ඔස්ට්‍රේලියාවේ ද එවැනිම රටාවක් අනුගමනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව දකුණු ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ ජෛව සංඛ්‍යාලේඛන සහ වසංගත රෝග පිළිබඳ මහාචාර්ය Adrian Esterman පැවසුවේය.
"Eris හට සම්ප්‍රේෂණ හැකියාව සම්බන්ධයෙන් යම් වාසියක් ඇති බව පෙනේ, එය අත්පත් කර ගැනීමට පටන් ගෙන ඇත," ඔහු පැවසීය.
ඉදිරි සති කිහිපය තුළ තවත් ආසාදනවල උච්චතම අවස්ථාවක් අපට පෙනෙනු ඇති බවත් එය Eris නිසා වනු ඇති බවත් ඔහු පැහැදිලි කළේය.
LISTEN TO

ඔබත් Loyalty Points තියෙන පාරිභෝගිකයෙක්ද? එසේනම් ඔස්ට්‍රේලියාවේ මේ අලුත්ම වංචාවෙන් ප්‍රවේශම් වෙන්න
SBS Sinhala
02:55
රෝග ලක්ෂණ
EG.5.1 උප ප්‍රභේදයේ රෝග ලක්ෂණ වලට නාසයෙන් දියර ගැලීම, හිසරදය, තෙහෙට්ටුව, කිවිසුම් යාම සහ උගුරේ අමාරුව ඇතුළත් වේ.
ඒවා බොහෝ දෙනෙකුට සාපේක්ෂව මෘදු ලෙස ඇතිවන බව මහාචාර්ය Paul Griffin පැවසීය.
ඒවායින් සමහරක් එන්නතෙහි බලපෑම හෝ අතීත ආසාදනය විය හැකි බවත් ඔහු පැවසීය.
මෙය මීට පෙර පැමිණි වෙනත් ප්‍රභේද සහ උප ප්‍රභේදවලට වඩා තරමක් අඩුවෙන් උණ ඇති කරන බවට ආසාදිතයින් දන්වා ඇති බවද මහාචාර්ය Griffin ප්‍රකාශ කළේය.
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ සැමටම තම රැකියාව අහිමි වේ යැයි බිය නොවී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙන්න දැන් පුළුවන්
SBS Sinhala
09:37
තවමත් COVID-19 ගැන සැලකිලිමත් විය යුතුද?
නවතම රජයේ දත්ත වලට අනුව, අගෝස්තු 2 න් අවසන් වූ සතිය තුළ ඔස්ට්‍රේලියාව පුරා COVID-19 රෝගීන් 5,431 ක් වාර්තා විය.
කොවිඩ් පරීක්ෂණ අනුපාත පහත වැටී ඇති නිසා, මෙම සංඛ්‍යා සැබෑ සංඛ්‍යා නොවන බව මහචාර්ය Griffin පැවසීය.
කොවිඩ් වසංගතය තවදුරටත් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස නොසලකන නමුත් තර්ජනය පහව ගොස් නැතැයි ඔහු පැවසීය.
වයෝවෘද්ධ පුද්ගලයින් සහ කොවිඩ් අවදානම් සාධක ඇති පුද්ගලයින් සඳහා, COVID-19 සැලැස්මක් ලබා ගැනීමට ඔහු යෝජනා කළේය.