අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මෙම වසරේ පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මුදල් අනුපාතිකයේ තවත් වැඩිවීමක් සිදු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.
- ඔස්ට්‍රේලියාව සහ චීනය අතර සාමාන්‍ය වෙළඳ සබඳතාවයක් නැවත ආරම්භ කිරීමේ අරමුණින් දෙරට වෙළඳ ඇමතිවරුන් අතර සාකච්ඡා
- 2050 වසර වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යන වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
- තුර්කියට සහ සිරියාවට බලපෑ ලොව මෙතෙක් සිදුවූ දෙවන විශාලතම භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 3000 ඉක්මවයි.
- දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පළමු පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට