ඕස්ට්‍රේලියාවේදී ඔබේම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද?: SBS සිංහල AUSTRALIA EXPLAINED

Pikja blong wan praod female bisnis ona we i salem flaoa

Australia Explained - Hao blong statem wan bisnis long Ostrelia Credit: MoMo Productions/Getty Images

ඕස්ට්‍රේලියාව තුල යම් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සාමාන්‍යයෙන් වාසි රැසක් අත් කර දීම සිදු කරයි. මෙරට ශක්තිමත් යටිතල පහසුකම්, දක්ෂ ශ්‍රම බලකායක් සහ ප්‍රදාන, අරමුදල් සහ බදු සහන මෙන්ම කුඩා ව්‍යාපාර වර්ධනය දිරිමත් කරන රජයේ මුල පිරීම් හරහා ඕස්ට්‍රේලියාව නවෝත්පාදන සහ ව්‍යවසායකත්වයට සහාය දැක්වීම සිදු කරයි.


Key Points
  • ව්‍යාපාරය Sole trader හෙවත් තනි වෙළෙන්දෙකු වශයෙන් හෝ හවුල් ව්‍යාපාරයක් වශයෙන් සිදු කල හැකියි.
  • ඔබේ පිරිවැටුම ආදායමෙන් ඩොලර් 75,000 ඉක්මවන්නේ නම් GST සඳහා ලියාපදිංචි විය යුතු වේ.
  • ඔස්ට්‍රේලියාව ප්‍රදාන, ණය සහ පුද්ගලික ආයෝජකයින් ඇතුළුව අපේක්ෂා කරන ව්‍යවසායකයින්ට විවිධ මූල්‍යකරණ විකල්ප සපයයි.
ඕස්ට්‍රේලියාවේ තිබෙන ආර්ථිකය සහ ව්‍යාපාරික පරිසරය ඔස්සේ ව්‍යවසායකයින් සඳහා සුවිශේෂී පසුබිමක් සැපයීම සිදු කරයි.

මේ හේතුවෙන් ඔබට මෙරට කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීම සහ එය ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කිරීම පිළිබඳව අදහසක් තිබේ නම් එය ඉතා ප්‍රතිලාභදායක විය හැකියි.

Nadine Connell යනු a හි අධ්‍යක්ෂවරිය වන අතර, Nadine කියා සිටින්නේ ඔස්ට්‍රේලියාව යනු ව්‍යාපාර පවත්වාගෙන යාමට ලෝකයේ වඩාත්ම ප්‍රවේශ විය හැකි ස්ථානවලින් එකක් වන බවයි.

එමෙන්ම මෙරට රජය විවිධ ප්‍රදාන ඔස්සේ කුඩා ව්‍යාපාර දිරිගැන්වීම සිදු කරන අතර ව්‍යාපාර සඳහා සරල සැකසුම් සහ සරල GST පද්ධති ඇති බවත් Nadine කියා සිටී.

සිඩ්නි හි සිටින ආර්ථික විද්‍යා විශ්ලේෂකයෙකු වන Abdalla Abdallah ඕස්ට්‍රේලියාවට ස්ථාවර ආර්ථිකයක් තිබෙන බව පවසයි.

මේ හේතුවෙන් මෙවැනි ස්ථාවර ආර්ථිකයක් අනිවාර්යයෙන්ම ආයෝජකයින්ට සහ ව්‍යවසායකයින්ට එක ලෙස ප්‍රතිලාභ ලබාදීම සිදු කරයි.

Abdalla කියා සිටින්නේ COVID කාලය තුළ කුඩා කාල පරිච්ඡේදයක් හැර, ඕස්ට්‍රේලියානු ආර්ථිකය අඛණ්ඩව දශක 3ක පමණ කාලයක් පුරා ක්‍රමයෙන් වර්ධනය වූ බවයි.

ව්‍යාපාර හිමිකරුවන් සඳහා ඕස්ට්‍රේලියාව විශිෂ්ට නීති රාමුවක් සපයන බවද Abdalla වැඩිදුරටත් පවසයි.

මේ ඔස්සේ සමාගම් වලට, ආයෝජකයින්ට, අවට සිටින ව්‍යවසායකයින්ට හොඳ ආරක්ෂාවක් සපයන අතර, විනිවිද බවකින් යුත් නීති පද්ධතියක් පවතින බවත් Abdallah පෙන්වා දෙයි.
1632969295970.jfif
Economics Analyst Abdallah Abdallah

ව්‍යාපාර වර්ග

ව්‍යාපාර සැලසුම් කිරීමට පෙර, ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර ව්‍යුහයන් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.

මෙම ව්‍යාපාර Sole trader හෙවත් තනි වෙළෙන්දෙකු වශයෙන්, සමාගමක් හෝ හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කළ හැකි අතර, ඒ සෑම ක්‍රමයක් තුලම ඊට අදාළ වූ වගකීම් සහ නීතිමය අවශ්‍යතා දැරීම සිදු කරයි.

Abdallah කියා සිටින්නේ එක් එක් පුද්ගලයාගේ ව්‍යාපාර අභිලාෂයන් අනුව එක් එක් ව්‍යාපාර වර්ගයට ක්‍රියාත්මක වීමේ වෙනස් ආකාරයක් පවතින බවයි.

උදාහරණ වශයෙන් යමකු වැඩිය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය නොවන කුඩා ව්‍යාපාරයක් සිදු කිරීමට අපේක්ෂා කරයි නම් එම ව්‍යාපාරය Sole trader හෙවත් තනි වෙළෙන්දෙකු වශයෙන් හෝ හවුල් ව්‍යාපාරයක් වශයෙන් සිදු කල හැකියි.

නමුත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරමින් තම ව්‍යාපාරය යමක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා සමාගමක් ලෙස තම ව්‍යාපාරය සිදු කිරීම යෝග්‍ය වන බව Abdallah පවසයි.

යමකු තමාගේ ව්‍යාපාර ව්‍යුහය තෝරා ගත් පසු, එම ව්‍යාපාරය ලියාපදිංචි කර දේශීය නීති සහ රෙගුලාසිවලට අනුකූල බව සහතික කළ යුතු වේ.

Nadine කියා සිටින්නේ එය කළමනාකරණය කළ හැකි ක්‍රියාවලියක් වන අතර ඔබට මඟ පෙන්වීම සඳහා සම්පත් පවතින බවයි.

Sole trader හෙවත් තනි වෙළෙන්දෙකු වශයෙන් හෝ Australian Business Number හෙවත් (ABN) යන අංකයක් ලබා ගැනීමට අවශ්‍ය බොහෝ තොරතුරු ඔබේ ප්‍රාන්තයේ රජයේ වෙබ් අඩවි වලින් ලබා ගත හැකි වේ.

මේ හේතුවෙන් ඔබට (ABN) යන අංකයක් ලබාගැනීම ඉතා ඉක්මනින් සිදු කල හැකි අතර, සියළුම වර්ගවල ව්‍යාපාර ඔවුන්ගේ පිරිවැටුම ආදායමෙන් ඩොලර් 75,000 ඉක්මවන්නේ නම් GST සඳහා ලියාපදිංචි විය යුතු වේ.
Counting the Tip Jar
If you need financial support to start your business, Australia offers many outlets that you can reach out to. Credit: SolStock/Getty Images
නමුත් ඔබ සමාගමක් වශයෙන් ව්‍යාපාරය සිදු කිරීමට අදහස් කරන්නේ නම් එවැනි අවස්ථාවක, ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාව සමඟ ඔබේ යන අංකය ලබාගැනීමට ඔබේ ගණකාධිකාරීවරයා හමුවීමට Abdalla උපදෙස් දෙයි.

එය යම් ව්‍යාපාරයකට හෝ සමාගමකට අනන්‍ය විය හැකි අංකයක් වේ.

Abdalla කියා සිටින්නේ බදු ගැන සැලකිලිමත් වීමත් වැදගත් වන අතර සමාගම් සඳහා, වෙනම බදු ගොනු අංකයක් ලියාපදිංචි කළ යුතු බවයි.

ඔබ ඔබේ ව්‍යාපාරයට සේවකයින් බඳවා ගැනීමට අදහස් කරන්නේ නම්, Abdalla කියා සිටින්නේ pay-as-you-go සඳහාත් ලියාපදිංචි විය යුතු බවයි.

එය සේවකයන්ගෙන් ආදායම් බද්ද රඳවාගෙන රජයට ගෙවන ආකාරය වන අතර ඇතැම් ව්‍යාපාර සඳහා බලපත්‍ර අවශ්‍ය වන බවත් ව්‍යාපාර සඳහා අවශ්‍ය විය හැකි විවිධ රක්ෂණ ක්‍රම තිබෙන බවත් Abdalla පවසයි.

ව්‍යාපාර වලදී විය හැකි අන්තරායන් වළක්වා ගැනීම සඳහා ව්යවසායකයින් දැන සිටිය යුතු අතිරේක නීතිමය සහ අනුකූලතා අවශ්යතාවන් අවබෝධ කර ගැනීමේ වැදගත්කමත් ඔහු අවධාරණය කරයි.

මෙම අවශ්‍යතාවලට රක්ෂණ ප්‍රතිපත්ති පිහිටුවීම ඇතුළත් වන අතර Nadine කියා සිටින්නේ සාමාන්‍ය ව්‍යාපාර රක්‍ෂණයක් පවතින බවයි.

කෙසේ නමුත් මෙම රක්ෂණ ඔබ සතු ව්‍යාපාරය මත රඳවා පවතින බව Nadine පවසයි.

ව්‍යාපාර සැලසුම් කිරීම

හොඳින් සකස් කරන ලද ව්යාපාර සැලැස්මක් වර්ධනය කිරීම ව්‍යාපාරයක් කිරීමේදී සලකා බැලිය යුතු තවත් තීරනාත්මක අංගයක් වශයෙන් සඳහන් කල හැකියි.

Nadine පෙන්වා දෙන්නේ මෙහිදී ඔබේ වෙළඳපල ගැන පර්යේෂණ කිරීම පළමු පියවර බවයි.

මෙහිදී ඔබේ ගනුදෙනුකරුවන් කවුරුන්ද යන්න දැන ගැනීම, ඔබේ වෙළඳපල කොතරම් විශාලද, ඔබ ක්‍රියාත්මක වන ස්ථානය සහ ඔබට භෞතික වෙළඳසැලක් තිබේ නම් ඔබේ ස්ථානය පිලිබඳ හොඳ අවබෝදයක් තිබීම මිට ඇතුලත් වේ.
Customer shops for bike
Business can be operated as a sole trader, company, or partnership. Credit: Superb Images/Getty Images

ව්‍යාපාර සඳහා වන මුල්‍යමය සහාය

ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔබට මූල්‍ය ආධාර අවශ්‍ය නම්, ඔස්ට්‍රේලියාව තුල ඔබට ලබාගත හැකි ප්‍රදාන බොහොමයක් තිබේ.

Nadine මේ ආකාරයෙන් තිබෙන විවිධ ප්‍රදාන, ණය සහ පෞද්ගලික ආයෝජකයින් පිළිබඳව සඳහන් කරමින් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියාව තුල ප්‍රාන්ත සහ ප්‍රාදේශීය සභා අනුව බිලියන 70කට වඩා මුදලක් මේ සඳහා වෙන් කොට ඇති බවයි.

ඔස්ට්‍රේලියානු රජයේ වෙබ් අඩවිය වන හි ලැයිස්තුගත කර ඇති ප්‍රදාන රාශියක් ඇති බවත් Nadine කියා සිටී.

මෙම ප්‍රදාන විවිධ කර්මාන්ත සඳහා සපයන අතර විවිධ අංශ හරහා සහාය සහ අවස්ථා ලබා දීම සිදු වේ.

පුද්ගලයින්ට මේ ඔස්සේ මෙම ප්‍රදාන පිළිබඳව දැනගත හැකි අතර විවිධ ප්‍රාදේශීය සභා මගිනුත් මෙම ප්‍රදාන පිළිබඳව තොරතුරු ලබාගත හැකි වේ.

වැඩි විස්තර සඳහා ඔබට ඔබේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය හැකියි.

උදාහරණයක් ලෙස ඔස්සේ ව්‍යාපාර ආරම්භ කිරීමේ ගමන පුරා ව්‍යවසායකයින්ට මඟ පෙන්විම සිදු කරයි.

Services NSW හි ව්‍යාපාර කාර්යාංශයේ කියා සිටින්නේ ව්‍යාපාර සම්බන්ධයෙන් වන සේවාව, රජයේ විවිධ ක්ෂේත්‍රවල ආරම්භක ව්‍යාපාර සඳහා ලබා ගත හැකි මූල්‍ය ආධාර පිළිබඳ තොරතුරු සොයා ගැනීමට උපකාර සපයන බවයි.
Image.jfif
Nadine Connell - Director of Smart Business Plans Australia
එමෙන්ම ඒවා ඔවුන්ට ලබා ගත හැකි ප්‍රදාන සහ වට්ටම් සමඟ සම්බන්ධ කිරීමත් සිදු කරයි.

මේ ඔස්සේ සෑම ව්‍යාපාරිකයකු සමගම වෙන් වෙන්ව කතා කරන බවත් එක් එක් අවස්ථාව අනුව සහ ඔවුන්ගේ තත්වයන් මත පදනම්ව ඔවුන්ට ලබා ගත හැකි දේ සොයා බලන බවත් ඇය වැඩිදුරටත් පවසයි.

Nadine කියා සිටින්නේ සෑම සාර්ථක ව්‍යාපාරයක්ම ආරම්භ වන්නේ එක් පියවරකින් බව මතක තබා ගත යුතු බවයි.

ඒ සඳහා විශාල මුදලක් තිබිය යුතු බවට වන මතය නිවැරදි නොවන බවත් ඔබට සෙමින් ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි බවත් ඇය අවසන් වශයෙන් කියා සිටී.

Share