ඕස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රයක් ලබා ගන්නේ කෙසේද? SBS සිංහල වෙතින්

Driver training exam.

Young girl taking lessons for driving on the road in Auckland, New Zealand. Credit: nazar_ab/Getty Images

මෝටර් රථයක් පැදවීමට ඔබට තිබෙන හැකියාව ඔස්සේ ඔබට රැකියා අවස්ථා ඉහල යාම සිදු වේ, නමුත් එය ආරක්ෂිතව ධාවනය කිරීම ඇතුළු වගකීම් රැසක් සමගින් පැමිණේ. ඕස්ට්‍රේලියාවේ රියදුරන් සම්පූර්ණ බලපත්‍ර ලබා ගැනීමට පෙර ඇගයීම් කිහිපයක් සමත් විය යුතු වේ. සංක්‍රමණිකයන්ට යම් ක්‍රියාවලියක් හරහා ඔවුන්ගේ විදේශීය බලපත්‍රය ඕස්ට්‍රේලියානු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට සුදුසුකම් ලැබිය හැකි නමුත්, මෙය ඔවුන්ගේ විවිධ පුද්ගලික තත්ව මත රඳා පවතී.


Key Points
  • රියදුරු බලපත්‍ර යනු ඕස්ට්‍රේලියාවේ මෝටර් රථ ධාවනය කිරීමට නීත්‍යානුකූල අවසරයකි
  • ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි බලධාරීන් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් තීරණය කරයි, මේ හේතුවෙන් අධිකරණ බලය අනුව නීති වෙනස් වේ
  • රියදුරෙකු සම්පුර්ණ (Full) බලපත්‍ර ලබා ගැනීමට පෙර, ඔවුන් ඇගයීම් කිහිපයක් සමත් විය යුතුය
  • සංක්‍රමණිකයන්, ඔවුන්ගේ තත්වයන් අනුව කෙටි ක්‍රියාවලියක් හරහා ඔවුන්ගේ විදේශීය බලපත්‍රය ඕස්ට්‍රේලියානු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට සුදුසුකම් ලබයි
රියදුරු බලපත්‍රයක් යනු, එය දරන්නාට මාර්ගයේ නීත්‍යානුකූලව මෝටර් රථයක් පැදවීමට ඉඩ සලසන නිල බලපත්‍රයයි.

ඕස්ට්‍රේලියාව තුල, රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට හැකි අදියර කිහිපයක් තිබේ. ඔබ ධාවනය කිරීමට බලාපොරොත්තු වන රථයේ ප්‍රමාණය සහ වර්ගය අනුව රියදුරු බලපත් ලබාගන්නා හට විවිධ ක්‍රියා පටිපාටි වලට මුහුණ දීමට සිදු වේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි අතර නීති ද වෙනස් වේ. කෙසේ නමුත්, විවිධ අධිකරණ බල වල බොහෝ සමානකම් පවතී.

රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී මාර්ග නීති ඉගෙන ගැනීම පළමු පියවර වශයෙන් සැලකේ. අනතුරුව, සාමාන්‍යයෙන් 'L' ලෙස හඳුන්වන, පුහුණු රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වන පරීක්ෂණයට අයදුම් කළ හැක. ‘L’ බලපත්‍රය මඟින් ඔබට සම්පුර්ණ රියදුරු බලපත් හිමියකුගේ අධීක්‍ෂණය යටතේ වාහනයක් පැදවීමට පුරුදු වීමට ඉඩ සලසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 'L' ලෙස හඳුන්වන, පුහුණු රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ අවම වයස අවුරුදු 16 කි. මේ සඳහා දැනුම සම්බන්ධයෙන් සහ ඇස් පෙනීම සම්බන්ධයෙන් වන පරීක්ෂණයකින් සමත් විය යුතුය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ NSW Transport හි ”මාර්ග ආරක්ෂණ උපාය මාර්ග සහ ප්‍රතිපත්ති" පිළිබඳ ප්‍රවාහන අධ්‍යක්ෂක Louise Higgins Whitton පවසන්නේ, දැනුම පරීක්ෂණය මගින් මාර්ග නීති පිළිබඳ දැනුවත්භාවයක් ඇති කර ගැනීම ඔස්සේ ඔබට මාර්ගවල ආරක්ෂිතව සිටිය හැකි බවයි.
Road Safety
Expert driving instructors are especially trained to teach learner drivers in a stress-free environment, L Trent's Frank Tumino says. Source: Getty / Getty Images

'L' ලෙස හඳුන්වන, පුහුණු රියදුරු බලපත්‍රය හිමි අයකුනම් පහත කරුණු සම්බන්ධයෙන් , ඔබ සහතික විය යුතු වේ:

  • සෑමවිටම සම්පූර්ණ බලපත්‍රලාභී රියදුරෙකු අධීක්ෂණය යටතේ ධාවනය කල යුතුය
  • ඔබ ඔබේ රථයේ පිටතින් ‘L’ තහඩුවක් පෙන්විය යුතුය
  • රිය පැදවීමට පෙර මත්පැන් පානය කිරීම හෝ මත්ද්‍රව්‍ය නොගැනීමට වගබලාගත යුතුය
  • ඔබ නිශ්චිත වේග සීමාවන් පිළිපැදිය යුතුය
  • ජංගම දුරකථන භාවිතයෙන් වැළකිය යුතුය

තාවකාලික (Provisional) හෝ පරිවාස (Probationary) බලපත්‍රයක් ලබාගැනීම

මෝටර් රථ ධාවනයට ඉගෙන ගන්නා රියදුරන් ඔවුන්ගේ වයස අනුව, නිශ්චිත කාල සීමාවක් ඔවුන්ගේ 'L' ලෙස හඳුන්වන, පුහුණු රියදුරු බලපත්‍රයෙහි සිටිය යුතුය. ඔවුන්ට තනිවම රිය පැදවීමට පෙර, ඔවුන් 'P' ලෙසද හැඳින්වෙන 'තාවකාලික' හෝ 'පරිවාස' බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ප්‍රායෝගික රියදුරු පරීක්ෂණයකින් සමත් විය යුතුය.

ඔස්ට්‍රේලියාවේ විශාලතම රියදුරු පාසල වන L Trent හි ප්‍රධාන රියදුරු පුහුණුකරු Frank Tumino නිර්දේශ කරන්නේ, මෝටර් රථ ධාවනය ඉගෙන ගන්නා රියදුරන්ට ඔවුන්ගේ පරීක්ෂණ සමත් වීමට සහාය වීම සඳහා වෘත්තීය සහාය මෙන්ම පවුලේ අයගේ සහ මිතුරන්ගේ සහාය ලබා ගන්නා ලෙසයි.

Frank පවසන්නේ, ඔබට රියදුරු පුහුණුව සම්බන්ධයෙන් වන පාඩම් මිලදී ගත හැකි අතර, වෘත්තීය පුහුණුකරුවෙකු හරහා, නිවැරදි රිය පැදවීමේ ශිල්පීය ක්‍රම ඉගෙනීමට වග බලා ගන්නා ලෙසයි.

Driver lience,Indian driver
The Australian graduated licensing scheme ensures novice drivers slowly build up their driving and road safety skills before they are fully licensed. Source: Getty

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සඳහා බලපත්‍ර පරිවර්තනය කිරීම

විදේශීය රියදුරු බලපත්‍ර ඇති ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන්, නීත්‍යානුකූලව ඔස්ට්‍රේලියාව තුල රිය පැදවීම සඳහා ඔවුන්ගේ බලපත්‍ර ඕස්ට්‍රේලියානු බලපත්‍රයකට පරිවර්තනය කළ යුතු වේ.

Louise පවසන්නේ මෙය එක් එක් පුද්ගලයා මත රඳා පවතින බවයි.

සංක්‍රමණිකයින් පැමිණෙන රට, රියදුරු බලපත්‍රය නිකුත් කර ඇති ස්ථානය, කොපමණ කාලයක් තබාගෙන සිටින්නේද සහ බලපත්‍ර ක්‍රමය කෙබඳුද යන කරුණු මත මෙය රඳා පවතී.

යමකු ඔස්ට්‍රේලියාවට වඩා බොහෝ සෙයින් වෙනස් වූ රියදුරු බලපත් ලබාදීමේ ක්‍රමයක් සහිත රටකින් පැමිණෙන්නේ නම් එම පුද්ගලයාට බොහෝ විට අමතර රියදුරු පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය වනු ඇති අතර ඇතැම් අවස්ථාවන් වලදී ප්‍රායෝගික රියදුරු පරීක්ෂණය සමත් වීමට ඇත්තේ එක් අවස්ථාවක් පමනක් වන බවත් Louise කියා සිටී.

නමුත් ඔබ ප්‍රායෝගික රියදුරු පරීක්ෂණය අසමත් වුවහොත්, ඔබට "L" බලපත්‍රයක් නිකුත් කිරීම සිදු කරයි.

Frank පවසන්නේ ඇතැම් විට වෙනත් රටවල රිය පැදවීමට ඉගෙන ගත් පුද්ගලයින්ට, රියදුරු පුහුණු පරීක්ෂණ සමත් වීමට විශේෂ පුහුණුවක් අවශ්‍ය විය හැකි බවයි

එමෙන්ම සංක්‍රමණිකයන් හට බොහෝ මාර්ග නීති ඉගැන්වීමට අවශ්‍ය වන අතර ඔවුන් පිටරටවල දී ඇතිකරගෙන තිබෙන ඇතැම් පුරුදු අත්හැරවීම සඳහා දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් Frank කියා සිටී.

Enjoying travel. - Stock image
Migrants from countries with similar licensing systems to Australia can easily convert their driving permits. Those who hold overseas licences from less regulated countries may need to undergo further examinations. Credit: Deepak Sethi/Getty Images
යමකු P බලපත්‍රය මත සිටියදී, රිය පැදවීමට පෙර මත්පැන් පානය කළ නොහැකි අතර, නිශ්චිත වේග සීමාවන් අනුගමනය කිරීම අනිවාර්ය වේ.

මොවුන් සම්පූර්ණ රියදුරු බලපත්‍රය ලබාගැනීමට පෙර, අන්තරායන් හඳුනාගෙන ඇති බව ඔප්පු කිරීම සඳහා වන පරීක්ෂණයකින් සමත් වීමටද අවශ්‍ය විය හැකිය.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව තුල සම්පුර්ණ රියදුරු බලපත්‍රලාභී රියදුරෙකු වූ පසු ඇතැම් සීමාවන් ලිහිල් වුවත්, තවමත් සියලුම ඕස්ට්‍රේලියානු මාර්ග නීති අනුගමනය කළ යුතු වේ.

මාර්ග නීති උල්ලංඝනය කිරීම මත විශාල දඩ මුදල්වලට මුහුණ දිය හැකි අතර, රියදුරු බලපත්‍රය අත්හිටුවීමට හෝ අවලංගු කිරීමටද ඒවා හේතු විය හැක.

එමෙන්ම Frank පෙන්වා දෙන්නේ අධික වේගයෙන් රිය පැදවීම සහ බීමතින් රිය පැදවීම සඳහා දැඩි දඬුවම් ඕස්ට්‍රේලියව තුල පවතින බවයි.

NSW Police
Police in Australia conduct frequent roadside breath tests to ensure drivers are not intoxicated. Heavy fines apply for those who flaunt road rules. Credit: wikimedia commons

සරණාගතයින් සහ සංක්‍රමණිකයන් සඳහා විශේෂිත රියදුරු පුහුණු වැඩසටහන්

ඕස්ට්‍රේලියාවේ ප්‍රජා සේවා සංවිධාන කිහිපයක් මගින් ඕස්ට්‍රේලියාව පුරා සරණාගතයින් සහ සංක්‍රමණිකයින් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති නොමිලේ හෝ අඩු වියදම් රියදුරු වැඩසටහන් ලබාදීම සිදු කරයි.

The Great Lakes Agency for Peace and Development යන නියෝජිතායතනය (GLAPD) යනු සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම්වලින් පැමිණි රියදුරු පුහුනුව ලබන රියදුරන් සඳහා ආධාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන බිම් මට්ටමේ සංවිධානවලින් එකකි.

මෙහි විධායක කළමණාකරු Emmanuel Musoni පවසන්නේ ඔවුන් බොහෝ නව සහ තනි සංක්‍රමණික මව්වරුන් ගමනාගමන කටයුතු සඳහා වෙනත් අය මත යැපෙන බව හඳුනා ගැනීම හේතුවෙන්, ඔවුන්ට ඔවුන්ගේ ප්‍රායෝගික රියදුරු පරීක්ෂණ සමත් වීමට උපකාර වන වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ කල බවයි.

ඇතැමුන් මෝටර් රථයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා අතර මුලික අදියරේ සිට රියදුරු පුහුණව මොවුන්ට ලබාදීම සිදු කරන බව Emmanuel කියා සිටී.

Side View Portrait Of Cheerful Young Woman Sitting In Car
Being a fully licensed driver offers independence and opens up job prospects. Credit: Narong Jongsirikul / EyeEm/Getty Images/EyeEm
Micheline Nyantabara යනු මෙවැනි වැඩසටහන් මගින් ප්‍රතිලාභ ලැබූ මවකි.

Micheline පවසන්නේ තමන් කිසි දිනක තම මව් රට වන කොංගෝවේ රිය පදවා නොමැති අතර රැකියා කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවා සෑම විටම භාවිත කල බවයි.

නමුත් කුඩා දරුවකු සිටීම හේතුවෙන් තමන් රිය පැදවිම සඳහා උනන්දු වූ බව ඇය කියා සිටී.

Micheline වෘත්තීය රියදුරු පාඩම් සිදු කොට ඇති අතර මිතුරන් මගින්ද සියදුරු පුහුණුව සිදු කොට තිබේ. නමුත් ඇය GLAPD සමඟ රියදුරු පුහුණුව සිදු කරන තෙක් ඇගේ ප්‍රායෝගික රියදුරු පරීක්ෂණ ඇය දෙවරක් අසමත් වී තිබේ.

තම සංස්කෘතික පසුබිමේ ම අයකු තමන්ට රියදුරු පුහුණුව ලබාදීම පහසුවක් වීම හේතුවෙන් මෙම නියෝජිතායතනය සඳහා ඇය ස්තුතිය පල කරයි.

තමන් රියදුරු බලපත්‍රය ලබා ගැනීම ඔස්සේ තමාගේ තම පුත්‍රයාගේ ජීවිතය වෙනස් කළ බව ඇය පවසයි.එමෙන්ම රියදුරු පුහුණුව ඔස්ට්‍රේලියාව තුල ලැබීමට Micheline සෙසු කාන්තාවන්ද දිරිමත් කරයි.

මෙය පළමුවෙන් තරමක් බියක් ඇති කලත් රියදුරු බලපත්‍රය ලබාගැනීම ජීවිතය වෙනස් කරන බවත් ඇය කියා සිටී.

ඕස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍ර ලබා ගන්නේ කෙසේද:


Share