ඕස්ට්‍රේලියාවේ ඕනෑම තැනක සිට ගිලන් රථ සේවාවක් අමතන්නේ කෙසේද? SBS සිංහල වෙතින්

Ambulances arrive at St Vincent's Hospital

Dial Triple Zero (000) in a medical emergency from anywhere in Australia. Credit: Getty Images/Jenny Evans

ඕස්ට්‍රේලියාවේ,හදිසි වෛද්‍ය අවස්ථාවකදී ගිලන් රථයක සහාය ලබා ගැනීමට හැකි කඩිනම්ම ක්‍රමය වන්නේ  Triple Zero (000) ඇමතීමයි. ඕස්ට්‍රේලියාවේ ඕනෑම ප්‍රාන්තයකදී සහ ටෙරිටරියකදී ගිලන් රථයක් ගෙන්වා ගැනීමට Triple Zero (000) අමතන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශ මේ ඔස්සේ ගෙන එයි.


Key Points
  • හදිසි වෛද්‍ය අවස්ථාවකදී සැමවිටම Triple Zero (000) අමතන්න
  • ඕනෑම අයෙකුට ඕස්ට්‍රේලියාවේ ඕනෑම තැනක සිට ගිලන් රථයක් ඇමතිය හැක
  • ගිලන් රථයක් ඇමතීමේදී සවිස්තරාත්මකව සහ නිශ්චිත තොරතුරු සැපයීම වැදගත් වේ
  • සියලුම ප්‍රාන්ත සහ ටෙරිටරි වල ගිලන් රථ සේවා නොමිලේ සැපයීම සිදු නොකරයි
ගිලන්රථ යනු පුද්ගලයකු යමකු රෝගී හෝ තුවාල වූ විට හදිසි ප්‍රතිකාර ලබා දීමට සහ අවශ්‍ය නම් රෝහලකට ගෙන යාමට තිබෙන රථ වේ.

ගිලන් රථයක් ඇමතීමට අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවකදීද?

ලියාපදිංචි පරිපූරක වෛද්‍යවරයකු වන වෛද්‍ය Simon Sawyer ඕස්ට්‍රේලියානු පරිපූරක වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වන අතර ඔහු පවසන්නේ, යමෙකු Triple Zero (000) අමතා ගිලන් රථයක සහාය ඉල්ලා සිටිය යුතු අවස්ථා රාශියක් තිබිය හැකි බවයි.
  • යමකුට හෘදයාබාධයක් ඇති විට හෝ වෙනත් අයකුට හෘදයාබාධයක් ඇති විට
  • පැහැදිලි කළ නොහැකි පපුවේ වේදනාවක් හෝ පපුවේ තද බවක් තිබේ නම්
  • යමකුට හදිසියේ සිහිය නැති වීම / හදිසියේ දුර්වල වීම හෝ අංශභාගය ඇතිවීම වැනි අවස්ථාවකදී
  • පිහි ඇනුමක් හෝ වෙඩි තැබීමක් වැනි ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇති අවස්ථාවකදී
  • පිළිස්සීම් සිදු වූ අවස්ථාවකදී, ළමුන් සඳහා ගිලන් රථය ඇමතීම විශේෂයෙන් වැදගත් වේ.
  • seizure වැනි රෝගී අවස්ථා වලදී; කම්පනයක් ගෙනදෙන තුවාල සිදු වූ අවස්ථාවකදී සහ යමකු විශාල උසකින් වැටී තුවාල සිදු වූ අවස්ථාවකදී.

Worker Call an Ambulance While Senior Warehouse Manager Lying Down on Warehouse
You should call triple zero (000) if someone is seriously injured or needs urgent medical help. Credit: PixelsEffect/Getty Images
ඇතැම් අවස්ථාවලදී අදාළ සෞඛ්‍ය නිලධාරීන්ට රෝගියා සිටින ස්ථානය සොයා ගැනීම අපහසු විය හැකි අතර, ඔබ සිටින්නේ සොයා ගැනීමට අපහසු ස්ථානයක නම්, ඔබ සිටින ස්ථානය පිළිබඳව නිසි සහ පැහැදිලි තොරතුරු ඔවුනට ලබාදීම වැදගත් වන බව වෛද්‍ය Simon Sawyer පවසයි.

උදාහරණයක් වශයෙන්, ඔබ සංගීත උළෙලක, සුපිරි වෙළඳසැලක හෝ ගොවිපලක සිටින අවස්ථාවකදී ඔබ සතුව එම ස්ථානයේ ලිපිනයක් හෝ මාර්ග සලකුණක් වැනි නිසි තොරතුරු නොපවතී නම්, අදාළ සෞඛ්‍ය බලධාරීන්ට ඔබව සොයාගැනීම ගැටළුවක් විය හැක.

ඕනෑම අයකුට Triple Zero (000) ඇමතිය හැක

Triple Zero (000) වෙත සෑම අයකුටම නොමිලේ ඇමතුම් ලබාගැනීමට හැකි අතර ඕනෑම ස්ථාවර දුරකථනයකින්, ගෙවීමේ දුරකථනයකින් හෝ ජංගම දුරකථනයකින් දවසේ පැය 24 පුරා, සතියේ දින හතේම ඇමතුම් ලබා ගත හැක.

පෙර ගෙවුම් දුරකථන වලින් Triple Zero (000) ඇමතීමට මුදල් තිබීමට අවශ්‍ය නොවේ

ඕනෑම අයකුට Triple Zero (000) සේවාව භාවිතා කළ හැකි අතර ඒ සඳහා ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීමට අවශ්‍ය නොවේ.

හදිසි අවස්ථාවකදී වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ටද මේ සඳහා ඇමතුම් ලබාදිය හැකි අතර ඔබට ඕස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයක සිටද ඇමතුම් ලබාගත හැක.

කෙසේ නමුත් යමෙකුට කථන හෝ ශ්‍රවණාබාධයක් තිබේ නම්, ඔවුන්ට කෙටි පණිවුඩ හදිසි සේවාවක් වන 106 වෙත කෙටි පණිවුඩයක් යැවීමට හැකියාව තිබේ.
Calling for help
"You can be in a state you're not normally living in. You don't even need to be at home," says Dr Sawyer. Source: Moment RF / skaman306/Getty Images

ඔබ Triple Zero (000) ඇමතීමෙන් අනතුරුව කුමක් සිදුවේද?

ඔබගේ Triple Zero (000) ඇමතුමට පිළිතුරු දෙන නිලධාරියා ඔබගේ තත්වය හදිසි අවස්ථාවක් වනවාද යන්න නිසි ලෙස තීරණය කිරීමට ප්‍රශ්න කිහිපයක් ඇසීම සිදු කරයි.

වෛද්‍ය Simon Sawyer පවසන්නේ ඔබ එම අසන ප්‍රශ්නවලට නිසි ලෙස පිළිතුරු දීම ඉතා වැදගත් බවයි.

එබැවින් හැකි තරම් නිශ්චිත තොරතුරු ලබා දිය යුතු අතර සහාය සඳහා පැමිණෙන පරිපූරක වෛද්‍යවරුන් හට එය ඉතා වැදගත් වේ.

පරිපූරක වෛද්‍යවරයකු වශයෙන් වෛද්‍ය Simon Sawyer අවධාරණය කොට සිටින්නේ, හේතු ගණනාවක් මත තමන් යන්නේ කුමන ආකාරයේ තත්වයක් සඳහා දැයි නිසි ලෙස දැන ගැනීම තමන්ට වැදගත් වන බවයි.

Triple Zero (000) ඇමතුමට පිළිතුරු දෙන නිලධාරියා කොපමණ පිරිසක් අසනීප වී හෝ තුවාල ලබා ඇත්දැයි යන ප්‍රශ්නය ඇසිය හැක. පුද්ගල සංක්‍යාව අනුව ගිලන්රථ සංක්‍යාව තීරණය කිරීමට මෙය වැදගත් වේ.

රෝගීන්ගේ වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ තොරතුරු ද වැදගත් වන අතර එය පරිපූරක වෛද්‍යවරුන්ට අවශ්‍ය නිවැරදි ඖෂධ සහ උපකරණ ප්‍රමාණය සකස් කිරීමට උපකාරී වේ.

එමෙන්ම රෝගීන් trans හෝ non-binary පුද්ගලයින්ද යන්න දැනගැනීමද වැදගත් වන බව වෛද්‍ය Simon Sawyer සඳහන් කරයි.

පුද්ගලයාගේ වයස දැනගැනීමද විශේෂයෙන් වැදගත් වන අතර උදාහරණයක් ලෙස, වෛද්‍ය Simon Sawyer පෙන්වා දෙන්නේ "රෝගියා ඉතා කුඩා දරුවෙකු හෝ ඉතා වයෝවෘද්ධ පුද්ගලයෙක් නම්, හෝ ඒ අතරතුර වයසක සිටි නම්, ලබා දෙන ඖෂධ මොනවාද සහ කුමන මාත්‍රාවන්දැයි සලකා බැලීමට එය ඉතා වැදගත් වන බවයි.
EMERGENCY SERVICES WA
Ms Mackay says not all calls to triple zero result in an ambulance being dispatched. Source: AAP / RICHARD WAINWRIGHT/AAPIMAGE

සෑම ඇමතුමක් සඳහාම ගිලන්රථ යෙදවීම සිදු නොකරයි

Lindsay Mackay, Ambulance Victoria හි විධායක අධ්‍යක්ෂ මෙහෙයුම් සන්නිවේදක වශයෙන් කටයුතු කරන අතර Triple Zero (000) සඳහා වන සියලුම ඇමතුම් ගිලන් රථයක් යෙදවීමට හේතු නොවන බව ඇය පවසයි.

ඕස්ට්‍රේලියාවේ Triple Zero (000) සඳහා වන සෑම ඇමතුම් පහෙන් එකකටම හදිසි ගිලන් රථයක් යෙදවීමට අවශ්‍ය නොවන බවත් Lindsay Mackay සඳහන් කොට සිටී.

ඔබ ඔබගේ සියලු තොරතුරු ඇමතුමට පිළිතුරු ලබාදෙන්නා වෙත ලබා දුන් පසු, ඔවුන් ඔවුන්ගේ පද්ධතිය හරහා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සිදු කරයි.

ඇය පවසන පරිදි, ඔවුන් එය හදිසි අවස්ථාවක් ලෙස නොසලකන්නේ නම්, ඔවුන් ඔබව වෛද්‍යවරයකු හෝ ෆාමසියක් සමඟ සම්බන්ධ කිරීමට කටයුතු කරයි.

එමෙන්ම ඔබට තුවාල සිදුව ඇත්නම් ඔවුන් ඔබ සිටින ස්ථානයට වෛද්‍යවරයකු හෝ හෙදියක් එවිය හැක.

හදිසි අවස්ථා සඳහා භාවිතා කරන වාහන වර්ග

ඕස්ට්‍රේලියාවේ ගිලන්රථ සඳහා භාවිත කරන වාහන වර්ග කිහිපයක් පවතින අතර, ඒවා සියල්ලම හදිසි අවස්ථා සඳහා සුදානම් කොට තිබේ.
  • වෑන් රථ (වඩාත් පොදු ගිලන් රථ වර්ගය)
  • Four-wheel drives
  • මෝටර් බයිසිකල්
  • බස් රථ
  • ගුවන් යානා
  • හෙලිකොප්ටර් යානා
මේ සඳහා ඇතුලත් වේ,
Helicopter- Health Victoria
An ambulance helicopter lands at the Alfred Hospital in Melbourne, Thursday, June 9, 2022. Source: AAP / DIEGO FEDELE/AAPIMAGE

තාවකාලික රෝග විනිශ්චය

පරිපූරක වෛද්‍යවරුන් එම ස්ථානයට පැමිණි පසු ඔවුන් තාවකාලික රෝග විනිශ්චයක් ඉදිරිපත් කරයි.

වෛද්‍ය Simon Sawyer පවසන්නේ පරිපූරක වෛද්‍යවරුන් වශයෙන් ඔවුන් ඔබේ වෛද්‍ය ඉතිහාසය ගැනත්, ඔබට අසාත්මිකතා ඇත්නම් සහ ඔබ බෙහෙත් ලබා ගන්නේ නම් ඒ පිළිබඳවත් ප්‍රශ්න රාශියක් ඇසීම සිදු කරන බවයි.

ඒ ඔස්සේ ඔවුන් තාවකාලික රෝග විනිශ්චයක් ලබාදීම සිදු කරයි.

සාමාන්‍යයෙන්, ගිලන් රථයක් ඔබව ළඟම ඇති රෝහලට ගෙන යනු ඇති නමුත් සෑම විටම එසේ සිදු නොවන බව වෛද්‍ය Simon Sawyer අවධාරණය කරයි.
Tasmanian Emergency Services vehicle
If you live in Tasmania, the state government waives the ambulance costs in most cases. Source: AAP / ROB BLAKERS/AAPIMAGE

ගිලන් රථ සේවාව සඳහා ගෙවීම් සිදු කරන්නේ කවුද?

ඕස්ට්‍රේලියාවේ Medicare මගින් ගිලන් රථ සේවාවන්හි පිරිවැය ආවරණය නොකරයි.

ගිලන් රථයක් ඇමතීම සඳහා වන ගාස්තු එම පුද්ගලයා සිටින ප්‍රදේශය සහ රෝගියාගේ පුද්ගලික තත්වය අනුව වෙනස් වේ.

රාජ්‍ය ගිලන් රථ සේවාවන්ට ඇමතුම් ගාස්තුවක් හෝ කිලෝමීටරයකට ගාස්තුවක් හෝ දෙකම අය කළ හැක.

ක්වීන්ස්ලන්ත සහ ටස්මේනියා වැනි ප්‍රාන්තවල සියලුම පදිංචිකරුවන් සඳහා නොමිලේ ගිලන්රථ ආවරණයක් පවතී.

සෙසු ප්‍රාන්ත සහ ටෙරිටරි වල ඔබ සාමාජිකත්වය සඳහා ගෙවීම් සිදු කල යුතු වේ.

කෙසේ නමුත් ඔබට සාමාජිකත්වයක් නොමැති වුවත් ඔබට තවමත් ගිලන් රථ සේවාව භාවිතා කළ හැකි වන අතර ඔබට ඒ සඳහා පෞද්ගලිකව ගෙවීමට සිදු විය හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.

ඔබ ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ ගිලන්රථ සේවාව සම්බන්ධ කර ගැනීම, වෛද්‍ය Simon Sawyer නිර්දේශ කරයි.

ඔබට ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා තොරතුරු ලබාගත හැක, නැතහොත් ඔබට ඔවුන්ට ඇමතීමට හැක.

Triple Zero (000) නොව, ඔබට අදාළ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ ගිලන් රථ සේවාව අමතා ඔබ එහි සාමාජිකත්වයක් අවශ්‍ය ගණයට වැටෙන්නේද නැද්ද යන්න ඔබට විමසිය හැක. එහිදී ඔවුන් ඔබට උපදෙස් ලබාදෙන බව වෛද්‍ය Simon Sawyer පවසයි.

ඔබට සාමාජිකත්වයක් අවශ්‍ය නම්, එය ලාභදායී වන අතර ඒවා සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙකුට වසරකට ඩොලර් 50 ක් හෝ පවුලකට ඩොලර් 100 ක් පමණ වේ.

ඔබට පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණයක් තිබේ නම්, ඇතැම් විට ගිලන්රථ ආවරණය එයට ඇතුළත් වේ.

ඔබේ ප්‍රාන්තය සහ ටෙරිටරිය අනුව ගාස්තු ගැන වැඩි විස්තර දැන ගැනීමට, පිවිසෙන්න
ඇතැම් ප්‍රාන්තවල, වයස්ගත විශ්‍රාමික සහනාධාර හිමියන්, සෞඛ්‍ය සේවා සහන කාඩ්පත් හිමියන් සහ Department of Veterans Affairs හි රන් කාඩ්පත් හිමියන් සඳහා ගිලන්රථ පිරිවැය අඩු කිරීම හෝ ඉවත් කිරීම සිදු විය හැක.

මේ සඳහා තිබෙන පරිවර්තක සහාය

Lindsay Mackay පවසන්නේ, ඔබ ඉංග්‍රීසි හොඳින් කතා නොකරන්නේ නම්, ඔබට මෙම ක්‍රියාවලියේ ඕනෑම අවස්ථාවක පිළිගත් ද්විභාෂා පරිවර්තකයෙක් භාවිතා කළ හැකි බවයි.

එමෙන්ම Triple Zero (000) සඳහා ඇමතුමක් ලබා දෙන විට, ඔවුන් ඉංග්‍රීසි භාෂාව නොදන්නා බවත් ඔවුන්ගේ භාෂාවෙන් තොරතුරු අවශ්‍ය බවත් සඳහන් කළහොත් ඉක්මනින් ඇමතුම පරිවර්තක සේවාව වෙත සම්බන්ධ කරන බවත් Lindsay Mackay සඳහන් කොට සිටී.

______________________________________________________________________________________________

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට

_______________________________________________________________________________________________


SBS සිංහලගුවන් විදුලි සේවය,


සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට


SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර


  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න
_______________________________________________________________________________________________

Share