ඕස්ට්‍රේලියාවේ වෙන්වීමකදී, දරුවන් සඳහා Parenting arrangements සකසන්නේ කෙසේද? :SBS සිංහල Australia Explained

Family law concept. Family Paper and Judge gavel on the table

Family Court is always the last option, but resources are available to guide you through the process. Source: Moment RF / Rapeepong Puttakumwong/Getty Images

ඕස්ට්‍රේලියාවේ පවුල් නීති පනත යටතේ, යුවලක් වෙන්වීමෙන් හෝ දික්කසාද වීමෙන් පසුව දරුවාගේ සුභසාධන අයිතිවාසිකම් මත ඔවුන්ගේ සියලුම සාකච්චා රඳා පවතී. වයස අවුරුදු 18 ට අඩු ළමුන් හට තමන් නීත්‍යානුකූලව ජීවත් විය යුත්තේ කොතැනද යන්න තනිව තීරණය කළ නොහැකි අතර, කෙසේ නමුත් දෙමාපියන් හට ළමයාගේ රැකවරණ විධිවිධාන සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඔස්ට්‍රේලියාව තුල උපකාර ලබාගත හැකි සම්පත් පවතී.


Key Points
  • ඕස්ට්‍රේලියානු පවුල් නීතිය යටතේ දරුවාගේ අවශ්‍යතා ප්‍රමුඛ වේ
  • බොහෝ දෙමව්පියන් අවිධිමත් විධිවිධාන සඳහා යොමු වේ
  • වෙන්වන යුවලකට යමක් සම්බන්ධයෙන් එකඟ වීමට නොහැකි වූ විට, ඔවුන්ට මැදිහත්වීම් සපයන සේවාවන්හි සහාය ලබාගත හැක
  • පවුල් උසාවිය සැමවිටම අවසාන විකල්පය වන නමුත් මේ සම්බන්ධයෙන් ඔබට මග පෙන්වීමට ඔස්ට්‍රේලියාව තුල සම්පත් තිබේ
ඕස්ට්‍රේලියාවේ විවාහක යුවලක් සඳහා, යුවලක් ලෙස එකට ජීවත් වන නමුත් විවාහ නොවූ de facto පිරිස සඳහා, සමලිංගික දෙමව්පියන් සඳහා මෙන්ම වැඩිහිටියන් වැනි රැකබලා ගන්නන් සඳහා පවුල් නීති පනත අදාළ වේ.

මේ ඔස්සේ පවුලක් තුළ ස්ත්‍රී පුරුෂ භාවය හෝ මාපිය භූමිකාවන් පිළිබඳ කිසිදු ගැටලුවකින් තොරව දෙමව්පියන් සමඟ අර්ථවත් සබඳතා පවත්වා ගැනීමට දරුවන්ට අයිතියක් ඇති බව සහතික කරයි.

එමෙන්ම යුවලක් වෙන්වීමෙන් පසු, ඔවුනට නිරායාසයෙන්ම තම දරුවන් රැකබලා ගැනීමට හෝ අනෙක් පාර්ශවයට ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමට අයිතියක් නොමැති බවද මෙමගින් සහතික කරයි.

Bernadette Grandinetti වික්ටෝරියා ප්‍රාන්ත නීති ආධාර ආයතනයේ වැඩ බලන වැඩසටහන් කළමනාකරු වශයෙන් කටයුතු කරන අතර, ඇය පවසන්නේ පවුල් නීති පනත යටතේ සමාන හවුල් මාපිය වගකීම් පිළිබඳ පූර්ව නිගමන පවතින බවයි.

එමෙන්ම දරුවන් සම්බන්ධයෙන් ප්‍රධාන සහ දිගුකාලීන තීරණ ගැනීම, වෙන්වන දෙමාපියන්ගේ වගකීම සලකා බැලීමේ ආරම්භක ලක්ෂ්‍යය වන බවත් Bernadette පෙන්වා දෙයි.

පවුල් ප්‍රචණ්ඩත්වය වැනි සිද්ධීන් වලදී, දෙමව්පියන් හට තම දරුවන් බැලීම වැළැක්වීම සඳහා තීරණ ගැනීමේ අයිතිය අධිකරණයට පමණක් පවතී.

'සමාන හවුල් වගකීමක්' යනු දරුවෙකු සෑම දෙමාපියන්ගෙන් එක් අයකු සමඟම සමාන කාලයක් ගත කළ යුතු බව නොවන අතර, දෙමව්පියන්ට එක්ව වඩාත් සුදුසු විධිවිධාන සම්බන්ධයෙන් තීරණ ගැනීම වේ.

එමෙන්ම දරුවන් ජීවත් වන්නේ කුමන පාර්ශවය සමගද යන්න සම්බන්ධයෙන් නොසලකා දරුවාට මූල්‍යමය වශයෙන් සහයෝගය දැක්වීමද දෙමාපියන් දෙදෙනාම සිදු කල යුතු වේ.
So excited to see daddy!
Equal shared parental responsibility means both parents must support the child financially. Credit: PeopleImages/Getty Images

Parenting plans හෙවත් දෙමාපිය සැලසුම්

දික්කසාද වන බොහෝ දෙමව්පියන්ට තමන් අතර informal හෙවත් ලිහිල්, මිත්‍රශීලී හෝ නිල නොවන දෙමාපිය විධිවිධාන වාචිකව සලසා ගත හැක.

එමෙන්ම ‘parenting plan’ හෙවත් 'දෙමාපිය සැලැස්මක්' බවට පත් වන ගිවිසුමක් සඳහාත් දෙමාපියන්ට එකඟ විය හැක.

'දෙමාපිය සැලසුම්' නීතිමය වශයෙන් බැඳී නොමැති අතර, කෙසේ නමුත් දෙමව්පියන් අතර වැරදි සන්නිවේදනයක් සිදු වීම සහ වෙන්වීමෙන් පසු සිදුවිය හැකි ගැටුම් අවම කිරීම ඔවුන්ගේ අරමුණයි.

මෙම සැලසුම්වලට මූල්‍ය සහ living arrangements හෙවත් ජීවන විධිවිධාන පිළිබඳ ගිවිසුම් ඇතුළත් විය හැක. "උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ කාන්තා නීති සේවයේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර්වරියක වන Shireen පවසන්නේ, දරුවන් යම් දිනවලදී මව සමඟත්, සෙසු දිනවලදී පියා සමඟත් ජීවත් වන බවට මේ සඳහා ඇතුලත් විය හැකි බවයි.

දෙමව්පියන් ලෙස ඔබ, එකිනෙකා සමඟ සන්නිවේදනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබට මාර්ගෝපදේශ කිහිපයක් තිබිය හැක.

එමෙන්ම 'දෙමාපිය සැලසුම්' නම්‍යශීලී වන අතර ඒවා දරුවාගේ අවශ්‍යතා මත වෙනස් කළ හැක.

වෙන්වන යුවලක් තම 'දෙමාපිය සැලසුම්' නීත්‍යානුකූල කිරීමට තීරණය කරයි නම් ඒ සම්බන්ධයෙන් යන නියෝග ලබාගැනීමට පවුල් අධිකරණය වෙත සහ Federal Circuit යන ආයතන සඳහා online ඔස්සේ අයදුම් කල හැක.
Why are they arguing?
Little girl feeling sad while her parents are arguing in the background. Credit: skynesher/Getty Images

පවුල් ආරවුල් විසඳීම

යම් හෙයකින් දෙමව්පියන්ට එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත්, mediation හෙවත් මැදිහත් වීම සඳහා වන සේවා ලබාගැනීම හෝ පවුල් ආරවුල් විසඳීමේ සේවා ලබාගැනීම සාමාන්‍යයෙන් මීළඟ පියවර වේ.

සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම පවතින ඔස්සේ මූල්‍ය ආධාර සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ට නීත්‍යානුකූලව mediation හෙවත් මැදිහත් වීමේ සේවා ලබාදෙයි. එමෙන්ම ප්‍රජා සහ පුද්ගලික මැදිහත් වීමේ සේවා ද ඕස්ට්‍රේලියාවේ පවතී.

Family Court හෙවත් පවුල් අධිකරණය, වෙන්වන දෙමාපියන්ට එකඟතාවයකට පැමිණීමට සහ උසාවියට යාමෙන් වැළකී සිටීමට ලබාදීම සිදු කරයි. එමෙන්ම ඔබට මෙහිදී වැනි සේවා ද භාවිතා කළ හැක.

ඔස්ට්‍රේලියාව තුල බොහෝ දික්කසාද වන දෙමව්පියන් උසාවියට නොගොස් "දෙමාපිය ගිවිසුම්" ඇති කර ගැනීම සිදු කරයි.

ඕස්ට්‍රේලියාවේ Federal Circuit සහ පවුල් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ අධිකරණ රෙජිස්ට්‍රාර් Anne-Marie Rice පවසන්නේ දෙමාපියන් අතර සාකච්ඡා සිදු කිරීමෙන් අනතුරුව එළඹෙන ගිවිසුම් ඔස්සේ ගැටුම් අවම කිරීම සහ දරුවන්ට ඉදිරිය සම්බන්ධයෙන් නිශ්චිතභාවයක් ඇති කිරීම සිදු කරන බවයි.
Young Family Reunites After Work and School
L'aumento del costo della vita sta avendo ripercussioni su migliaia di famiglie in Australia. Source: Moment RF / LOUISE BEAUMONT/Getty Images
ඕස්ට්‍රේලියාවේ (FDRP) හෙවත් Family Dispute Resolution Practitioner යනු විවිධ ගැටුම් ඇති පවුල් සමඟ කටයුතු කරන විශේෂ පුහුණුව ලත් මැදිහත්වීමේ සේවාවකි.

ඔවුන් සපයන සේවා ලැයිස්තුව, ඔවුන්ගේ ස්ථාන සහ ගාස්තු වෙබ් අඩවියේ පවතී.

ඕස්ට්‍රේලියාවේ මෙවැනි ගැටළු සඳහා පුද්ගලික මැදිහත්කරුවන් ද සේවා ලබා දෙන නමුත් සාමාන්‍යයෙන් ඔවුන් වැඩි ගාස්තුවක් අය කරයි.

පවුල් ආරවුල් විසඳීම සඳහා ඔබට නීතිඥයෙකු අවශ්‍ය නොවේ. Family Dispute Resolution Practitioner ආයතනය, තමන් සමග අනෙක් පාර්ශව සිදු කරන සාකච්චා වල රහස්‍ය බව සහ ආරක්‍ෂිත බව තහවුරු කරයි. මේ හේතුවෙන් ඕනෑම ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වයක් සම්බන්ධයෙන් වන සාකච්චාවකට පෙර ඒ පිළිබඳව ඔබ සමග පුද්ගලිකව එකඟතාවයකට ඔවුන් පැමිණේ. ඔබට මෙම සාකච්චා වලදී පරිවර්තකයෙකු ද ඉල්ලා සිටිය හැක.

වෙන්විමකින් අනතුරුව ඔබට FDR සේවා සඳහා සහභාගී වන ලෙසට ඔබේ අනෙක් පාර්ශවය ආරාධනා කළහොත්, එය හොඳින් සලකා බලා ඔබට ගැටළු පවතීනම් නීති උපදෙස් ලබා ගැනීම් වැදගත් වේ. එමෙන්ම ඔබට මේ සඳහා සහභාගී වීමට අවශය නොවේ නම්, කිසිදු ගැටලුවකින් තොරව මෙයට සහභාගි නොවී සිටිය හැකි අතර ඔබේ සහභාගීත්වයෙන් තොරව එහි අවසන් තීරණය පැමිණේ.

Family Court හෙවත් පවුල් අධිකරණය

ජ්‍යෙෂ්ඨ අධිකරණ රෙජිස්ට්‍රාර් Anne-Marie සඳහන් කොට සිටින්නේ දෙපාර්ශවයම එකඟතාවයකට නොපැමිණ සිටින විට, උසාවියට ගියත් එය විනිසුරුවරයෙකු ඉදිරියේ නඩු විභාගයකින් අවසන් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවයි.

මෙහිදී බොහෝ දුරට ඔබ සහ ඔබේ දරුවන් සඳහා සාර්ථක ගිවිසුමක් ආරක්ෂිතව සාකච්ඡා කිරීමට මාර්ග සොයා ගැනීමට උසාවිය ඔබට උපකාර කරයි.

ඔස්ට්‍රේලියාවේ Federal Circuit සහ Family Court යන ආයතන සඳහා, දෙමාපියන්ට හැකිතාක් කාර්යක්ෂමව සිය ආරවුල් විසඳීමට උපකාර කිරීමේ වගකීමක් පවතී.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ අධිකරණ රෙජිස්ට්‍රාර් Anne-Marie පවසන්නේ, උසාවිය අවසන් ඉලක්කය විය යුතු අතර, හදිසි සහ ඉහළ අවදානම් අවස්ථාවන්හිදී හැර - උසාවියට අයදුම් කිරීමට පෙර අනෙක් පාර්ශවය සමඟ එකඟතාවකට පැමිණීමට උත්සාහ කිරීම වැදගත් වන බවයි.

මේ හේතුවෙන් ඔවුන් FDRP සේවා ලබාගැනීමට යොමුවීම වැදගත් බවත් කිසිදු එකඟතාවකට එළඹීමට නොහැකි වූ බවට තහවුරු කිරීමට පවුල් සහතිකයක් ලබා ගත යුතු බවත් Anne-Marie පෙන්වා දෙයි.

'උසාවි නියෝගයක්' යනු, දරුවන් සම්බන්ධයෙන් හෝ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් දෙමාපියන් විසින් කළ යුතු දේ දැක්වෙන විධිමත්, ලිඛිත ලියවිල්ලක් වේ. දෙමව්පියන් ගේ කැමැත්ත මත රෙජිස්ටාර් හෝ විනිසුරුවරයෙකු මගින් මෙම නියෝග ලබාදිය හැක. මෙය දරුවාට වයස අවුරුදු 18 වන තෙක් බලපැවැත්වේ.

උසාවිය මගින් මෙම නියෝග ඉතා බැරෑරුම් ලෙස සලකන අතර නියෝගයක් කඩ කිරීම සැලකිය යුතු ප්‍රතිවිපාක ඇති කළ හැක.

ලේඛනගත කිරීම සම්බන්ධයෙන් ඔබට උපකාර අවශ්‍ය නම් ඒ සඳහා යන අධිකරණ වෙබ් අඩවියේ සම්පත් පවතී.
Father packing daughters backpacks for school
When planning to move overseas or interstate with your child, consent from the other parent is required unless you are seeking a court order. Credit: MoMo Productions/Getty Images

ඔබේ දරුවා සමඟ නැවත ජීවිතය ඇරඹීම

ඔබට උසාවි නියෝගයක් නොමැති නම්, ඔබේ දරුවා සමඟ විදේශයකට හෝ වෙනත් ප්‍රාන්තයකට යාමට අනෙක් පාර්ශවයේ කැමැත්ත අවශ්‍ය වේ.

ජ්‍යෙෂ්ඨ සොලිසිටර්වරියක වන Shireen කියා සිටින්නේ, දරුවා සමග නැවත ජීවිතය ආරම්භ කිරීමේදී උසාවිය මගින් මූල්‍යමය කරුණු සලකා බැලීම සහ ආරක්ෂාව තහවුරු කිරීම වැනි දෑ සලකා බලන අතර ඒ පිළිබඳව ඔබ නීතිඥයෙකු සමඟ කතා කළ යුතු බවයි.

නීතිමය උපදෙස්

මෙම කාර්යභාරය තරමක් අපහසු වන නමුත් පුද්ගලයින්ට ඒ සම්බන්ධයෙන් බොහෝ ලෙස සහය ලබාගත හැකි බව වික්ටෝරියා ප්‍රාන්ත නීති ආධාර ආයතනයේ වැඩ බලන වැඩසටහන් කළමනාකරු Bernadette පෙන්වා දෙයි.

Bernadette වැඩිදුරටත් කියා සිටින්නේ ඔබ දික්කසාද වී ඇත්නම්, කුමක් කළ යුතු දැයි ඔබට විශ්වාස නැතිනම් හෝ මාපිය විධිවිධානවලට එකඟ වීමට ඔබට පීඩනයක් පවතීනම් ඔබ විධිවිධාන සඳහා එකඟ වීමට පෙර නීති උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වන බවයි.

Share