Covid-19 එන්නත් අනිවාර්ය කරමින් පැනවූ නීති හකුලා ගැනීමට ප්‍රාන්ත රජයන් කටයුතු කිරීමේ සැබෑ හේතු මෙන්න

Man hanging information sign at door entrance

Young man removing a “proof of vaccination required” sign on the entrance door of a restaurant. Credit: SanyaSM/Getty Images

Covid 19 වසංගත තත්වය ඇති වීමත් සමග 2021 වසරේදී ප්‍රාන්ත සහ ටෙරිටරි රාජ්‍යයන් විසින් Covid 19 එන්නත් ලබා ගැනීම අනිවාර්ය කර තිබිණි. මෙහිදී සමහර රැකියා කිරීම සඳහා එන්නත් මාත්‍රා 2ක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ. මෙහිදී සෞඛය සේවකයින්, වැඩිහිටි නිවාස වල සේවය කරන්නන් මේ ආකාරයෙන් මෙම නීති වලට යටත් වූ මුල්ම පිරිසට අයත් වේ. කෙසේ උවත් වර්තමානයේ එන්නත් අනිවාර්ය කරමින් තිබූ මෙම නීති ඉවත් කිරීමට කටයුතු කරමින් සිටී. විවිද ආයතන සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රාජ්‍යවල පෙර පැවති ස්ථාවරයට හාත්පසින්ම වෙනස් මෙම නව ස්ථාවරය විමසා බැලීම ඉතා වැදගත් වේ.


ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් විසින් Covid 19 එන්නත සම්බන්දයෙන් විවිද නීති ගෙන ඒමට පසුගිය කාලයේ කටයුතු කර තිබිණි. මෙහිදී මෙහිදී ප්‍රසිද්ද ස්ථාන සහ ආයතන වලට ඇතුළුවීමේදී එන්නත් මාත්‍රා දෙකක් ලබා තිබීම අනිවාර්‍ය කිරීමට කටයුතු කර තිබිණි. පුද්ගලික සමාගම් රාශියකට ද ඔවුන්ගේ සේවකයන් රැකියාවේ තබා ගැනීමටනම් මෙම එන්නත් ලබා තිබීම අනිවාර්ය කර තිබිණි. සෞඛය අවධානම් සහිත පුද්ගලයින් ආරක්ෂා කරගැනීම සහ ප්‍රාන්ත අතර පනවා තිබූ සංචාරක තහනම් ඉවත් කිරීමට මේ ආකාරයේ එන්නත් කිරීම අත්‍යවශ්‍ය බව බලධාරීන් පවසා තිබිණි. මේ හේතුවෙන් එම තීරණයට හාත්පසින්ම වෙනස් ආකාරයේ තීරණයක් ගෙන, එන්නත් අනිවාර්යකළ නීති ඉවත් කිරීම පිලිබඳ කරුණු විමසා බැලීම ඉතා වැදගත් වේ.

LISTEN TO
0404_POD_Final image

ඕස්ට්‍රේලියාවේ උද්දමනය නිසා සූක්‍ෂම ලෙස සමහර භාණ්ඩ වල බර අඩු කරලා. Shrinkflation ගැන සම්පූර්ණ විස්තරය මෙන්න

SBS Sinhala

05:50
එන්නත් අනිවාර්ය කරමින් පැවති නියෝග අවසන් වීමට හේතු මොනවාද?

ප්‍රාන්ත රජයන් විසින් Covid 19 තත්වය හදිසි තත්වයක් ලෙස නම් කිරීම නැවැත්වීමත් සමග බොහෝ covid 19 එන්නත් අනිවාර්ය කරමින් පැනවූ නීති අවසන් වී තිබේ. හෙද සේවය වැනි ඉහල සෞඛය අවධානමක් සහිත රැකියාවල නිරත වූ සේවකයින්ට පමණක් ඉන් පසුව මෙම නීති පැවතුනද පසුකාලීනව ඔවුන්ගෙන්ද ක්‍රමක් ක්‍රමයෙන් මෙමනීති ඉවත් වීමක් සිදු වී තිබේ. කුවීන්ස්ලන්ත සහ බටහිර ඕස්ට්‍රේලියාව 2023 දී සෞඛ්‍ය සේවකයින් සඳහා ඔවුන්ගේ COVID-19 එන්නත් අවශ්‍යතා ඉවත් කළ අතර, මේ වනවිට එම තත්වය සම්බන්දයෙන් සලකා බලන බව NSW ප්‍රාන්ත රජය නිවේදනය කර සිටී.
මෙහිදී එන්නත් අනිවාර්ය කරමින් පනවන නීති නිරන්තරයෙන් සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් වේ
මේ ආකාරයට එන්නත් සම්බන්ධ නීති පැනවීමේදී හෝ ඉවත් කිරීමේදී රජයන් විසින් සැලකිල්ලට භාජනය කලයුතු කරුණු මොනවාද ?

මෙහිදී රෝගය පැතිරී යාමෙන් සමාජයට සහ සෞඛය පද්දතියට ඇතිවිය හැකි බලපෑම සලකා බැලීම වැදගත් වේ.

සමාජයේ අවධානම් සෞඛය තත්වයන් ඇති පිරිස් වල අවදානම අවම කිරීමට ප්‍රාන්ත රාජ්‍යයන් කටයුතු කල යුතු වේ. සෞඛය ක්ෂේස්ත්‍රයේ රැකියා සඳහා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීම මෙයට එක් උදාහරණයකි.

රෝගය පැතිරී යාම වැලක්වීමට එන්නතේ ඇති හැකියාව සලකා බැලිය යුතු වේ. මෙහිදී Covid 19 එන්නත වෛරසය පැතිරීම වැලැක්වීම සිදු කිරීමේදී එතරම් සාර්ථකත්වයක් නොදක්වූ අතර මේ හේතුවෙන් එන්නත අනිවාර්ය කිරීමේ තීරණය මතභේධයට තුඩු දීමට හේතු විය.

එසේම එන්නත් දෙකක් ලබා ගැනීම වසංගත කාලයේ ප්‍රතිඵලදායක උවද වසර කට පමණ පසු එන්නතේ ඇති ප්‍රතිපල දායක බව අඩු වී තිබිය හැක. මේ නිසා මෙම නීති යල්පැනගිය ඒවා වන අතර නිරන්තර සමාලෝචනය අත්‍යවශ්‍ය වේ.

මෙම නීති නිරන්තර සමාලෝචනයේ ඇති වැදගත්කම කුමක්ද ?

මෙම නීති සම්බන්දයෙන් සමාජයේ යම් විරෝධයක් ද පැවතිනි. එන්නත් අනිවාර්යකිරීම කිසිදා අවශ්‍ය නොවූ කරුණක් ලෙස හුවා දැක්වීමට යම් පිරිස් කටයුතු කිරීමේ ඉඩක් පවතී. මේ හේතුවෙන් මින් පෙර අනිවාර්යකළ නීති වර්තමානයේ ඉවත්කිරීම මඟින් සෞඛය සේවාව පිලිබඳ සමාජයේ පවතින විශ්වාසය පළුදු විය හැක.

මේ ආකාරයෙන් නීති ගෙන ඒමේදී සහ ඒවා නෙවත ඉවත් කිරීමේදී සමාජයේ අදාළ පාර්ශවයන් සමග සාකච්චා කිරීම සහ දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. මෙහිදී NSW රජය අදාළ සෞඛය අංශ සහ අවධානම් රෝග සහිත රෝගීන් සමග සාකච්චා කිරීමට කටයුතු කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර මෙම නීති පැනවීම සහ ඉවත් කිරීම සම්බන්දයෙන් පුද්ගලික සේවා අංශ දැනුවත් කිරීම සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ලබා දීම ඉතා වැදගත් වේ. තවද ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රාජ්‍යයන් විසින් ස්ව කැමැත්තෙන්ම එන්නත්කරණය සඳහා මහජනතාව උනන්දු කල යුතු අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රචාරණයන් සහ අරමුදල් සැපයීම වැදගත් වේ.


Share