Key Points
- Bush tucker යන නාමය ඕස්ට්‍රේලියාවට ආවේණික ආහාර සඳහා යොදාගනී, ඒවා බොහෝ විට පෝෂ්‍යදායී සහ ප්‍රෝටීන් සහ තන්තු වලින් පිරී ඇත.
- දේශීය ආහාර වර්ග පිළිබඳව අවධානයක් යොමු කිරීම ඕස්ට්‍රේලියාවේ පළමු ජාතීන්ට උපහාර දැක්වීමේද එක් ක්‍රමයකි.
Bush tucker යන නාමය ඕස්ට්‍රේලියාවට ආවේණික ආහාර සඳහා යොදාගනී. ඒවා ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් පරිභෝජනය කරනු ලබන අතර බොහෝ දෙනා රස විඳී.
Bush tucker අහාර පෝෂ්‍යදායී වන අතර ප්‍රෝටීන් සහ තන්තු වලින් පිරී තිබේ.
මෙම අහාර සඳහා විවිධ පලතුරු, ශාක, සත්ත්ව මස් සහ බීජ ඇතුළත් විය හැක.
Bush tucker වැනි මෙරටට අවේනික අහාර, ඕස්ට්‍රේලියානු ප්‍රජාවගේ වැඩි අවධානයක් මේ වනවිට දිනා ගෙන තිබේ.
මේ හේතුවෙන් ගෘහස්තව සිදු කරන අහාර පිසීමේදී මෙවැනි අහාර යොදාගන්නා ආකාරය යම් දුරකට අභියෝගාත්මක විය හැක.
Damien Coulthard, Flinders Rangers හි Adnyamathanha සහ Dieri පුද්ගලයකු වන අතර, ඔහු ස්වදේශික අහාර අමුද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක් වන Warndu හි සම-නිර්මාතෘ වේ.

Co-founder of Warndu, Damien Coulthard. Credit: Jiwon Kim Credit: Jiwon Kim
Damien ඕස්ට්‍රේලියානු ප්‍රජාව දිරිමත් කරමින් කියා සිටින්නේ, ස්වදේශික අහාර අමුද්‍රව්‍ය යොදාගනිමින් අහාර සැකසීම අත්හදා බලන ලෙසයි.
මේ සඳහා විවිධ අහාර වර්ග අත්හදා බලන උත්සව සමය වඩාත් යෝග්‍ය වන බවත් Damien කියා සිටී.
උත්සව සමයේදී ඔබේ අහාර වේලට Bush tucker ඇතුළත් කිරීමට කළ හැකි ආකාර පහක් පහත දැක්වේ.
1. සලාද සඳහා දේශීය අහාර අමුද්‍රව්‍ය එකතු කරගන්න
දේශීය අහාර අමුද්‍රව්‍ය භාවිතයෙන් වට්ටෝරුවක් සැකසීමට පෙර ඔබ ඔබේ සාමාන්‍ය අහාර අමුද්‍රව්‍ය මගින් අහාර පිසීම සිදු කරන ලෙස Coulthard උපදෙස් දෙයි.
ඒ ඔස්සේ විවිධ රසයන් අහාර වලට එක් කිරීම අරමුණයි.
උදාහරණයක් ලෙස, Warrigal greens යන නිවිති සඳහා ආදේශකයක් වශයෙන් යොදාගත හැක, Samphire යන ශාක වර්ගය Asparagus සඳහා ආදේශකයක් වශයෙන් යොදාගත හැක, එමෙන්ම Lemon myrtle ලෙමන් වලට සමාන පැඟිරි රසයක් ලබා දෙයි, නමුත් එම රසය ඊට වඩා ශක්තිමත් වේ.
2. දේශීය අහාර අමුද්‍රව්‍ය සමඟ අහාර Seasoning සහ Marinate කරගන්න
කළුකුම් මස්, කුකුල් මස්, බැටළු මස් හෝ මාළු සැකසීමට අවශ්‍ය නම්, ලුණු සහිත සහ ඔසු රසයක් සහිත saltbush සහ සෙසු දේශීය අහාර අමුද්‍රව්‍ය ඒ සමග කලවම් කිරීමට සහ ගැඹුරු තෙලේ බැදීමට යොදාගත හැක.
Pepperberry මගින් මස් සඳහා විශේෂිත වූ මිශ්‍රණයක් සකසාගත හැකි අතර, ලෙමන් පයින් රසයක් ඇති Geraldton wax මස් සඳහා පිරවුමක් වශයෙන් ගත හැක. එමෙන්ම මෙය Seafood සමගත් වඩාත් සුදුසු වේ.
3. Seafood
Minyungbal කාන්තාවක් වන Arabella Douglas, Currie Country හි නිර්මාතෘවරිය වේ. එය ස්වදේශික ප්‍රජාවගේ සංස්කෘතිය හා සම්බන්ධ වීමට පහසුකම් සපයන ප්‍රමුඛ පෙළේ පළමු ජාතීන්ගේ සංවිධානයකි.
දේශීය අහාර අමුද්‍රව්‍ය එක් කිරීමේදී සලකා බැලිය යුතු එක් දෙයක් වශයෙන් ඇය කියා සිටින්නේ, ග්‍රීෂ්ම කාලය සමඟ වඩාත් යහපත් වන්නේ කුමක් ද යන්න සම්බන්ධයෙන් අවධානයක් යොමු කිරීම වැදගත් වන බවයි.
ලොව අප සිටින ස්ථානය සහ දේශගුණය පිලිබඳ මතක තබා ගත යුතු අතර, දකුණු අර්ධගෝලයේ මහාද්වීපයක් වන අප ඒ අනුව ක්‍රියා කළ යුතු බවත් ඇය කියා සිටී.

Arabella Douglas is a founder of Currie Country. Credit: Jiwon Kim
ඉස්සන් සහ වෙනත් Seafood හෙවත් මුහුදු ආහාර පිරිනැමීමට හොඳ විකල්පයන් වන අතර pippies සහ කකුළුවන් ඇගේ ප්‍රියතම අහාර අතර වේ.
දේශීය අහාර අමුද්‍රව්‍ය මෙහිදී වැදගත් වන අතර සාමාන්‍ය අහාර පිසිමකදී දෙශීය අහර අමුද්‍රව්‍ය යොදාගන්නා ආකාරය මෙහිදී වැදගත් වන බවත් Arabella කියා සිටී.
4. Pavlova සඳහා දේශීය අහාර අමුද්‍රව්‍ය එකතු කරන්න

Strawberry gum Pavlova with wattleseed cream. Credit: Josh Geelan and Luisa Brimble
කෙසේ නමුත් මෙම අතුරුපස සඳහා දේශීය අහාර අමුද්‍රව්‍ය ඉතා පහසුවෙන් යොදාගත හැක.
Damien කියා සිටින්නේ සෑම අයකුම Strawberry gum pavlova වලට කැමති අතර Wattleseed වලින් පිරවූ ක්‍රීම් මගින් මෙය සාදන බවයි.
Quondongs, Davidson plums සහ Muntries වැනි දේශීය පලතුරු සමඟ මෙය පිළිගැන්වීම වඩාත් හොඳ බවත් Damien පවසයි.
උත්සව සමයේ දකින Trifle සඳහාත් මෙවැනි දේශීය අහාර අමුද්‍රව්‍ය යොදාගත හැක.
5. ඔබේ බීම වලට දේශීය ආහාර අමුද්‍රව්‍ය එකතු කරන්න
Wattleseed, කෝපි සඳහා හොඳ විකල්පයක් වේ. එමගින්ද කෝපි වලින් ලැබෙන ශක්තියම ලබා දෙන අතර,කෙසේ නමුත් ඒ තුල කැෆේන් අඩංගු නොවේ.
Finger limes සහ Davidson plums සිසිල් බීම සඳහා එකතු කල හැකි අතර Lemon myrtle ටොනික් සමග මිශ්‍ර කල බීම සඳහා සුදුසු වේ.
River mint සහ Ant loose තේ, ඔබට සන්සුන් හැඟීමක් ලබා දෙයි.
දේශීය අහාර අමුද්‍රව්‍ය පැමිණෙන්නේ කොහෙන්ද යන්න සොයා බැලීම සහ සාකච්ඡා කිරීම ඕස්ට්‍රේලියාවේ උරුමය සැමරීමට එක් ක්‍රමයක් විය හැක.
එමෙන්ම මෙම අහාර අමුද්‍රව්‍ය අයත් ස්වදේශික ප්‍රාන්ත නම සහ අමුද්‍රව්‍ය වල ස්වදේශික නම හඳුනා ගැනීමටත් උත්සාහ කරන ලෙසත් Damien පවසයි.