Key Points
- ඕස්ට්‍රේලියානු ස්වදේශික ජනයා සඳහා, සෞඛ්‍යය යනු පරිපූර්ණ සංකල්පයක් වන අතර එය ශාරීරික, මානසික, සමාජීය සහ අධ්‍යාත්මික යහපැවැත්මේ සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයකි.
- සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව යනු භෞතිකමය සහ අධ්‍යාත්මික මිශ්‍රණයකි.
- පාරම්පරික වෛද්‍යවරුන්ට පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන්ගේ දැනුම සහ සුව කිරීමේ හැකියාව උරුම වේ.
- සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවට සහ නවීන වෛද්‍ය විද්‍යාවට එක්ව ගැටලුවලට වඩා සංස්කෘතිකමය වශයෙන් සංවේදී වූ ප්‍රතිකාර ලබා දිය හැකිය.
ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ ජනයා සඳහා, සෞඛ්‍යය යනු රෝග හෝ අසනීප නොමැතිකමට වඩා වැඩි යමක් වේ. එය යහපැවැත්මේ භෞතිකමය, මනසිකමය, සමාජීය සහ අධ්‍යාත්මික අංශවල සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වය මගින් පරිපූර්ණ සංකල්පයකි.
මේ අනුව, දේශීය සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව කායික රෝග සඳහා ප්‍රතිකාර කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු නොකරයි, එය යහපැවැතම සඳහාත් උපකාරී වේ.
Lutruwita හි ඊසානදිග වෙරළ තීරයේ Truwulway කාන්තාවක් වන වෛද්‍ය Alana Gall කුඩා කල සිටම සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව කෙරෙහි දැඩි ඇල්මක් දක්වා තිබේ.
සෑම විටම විවිධ ස්වභාවික ඖෂධ භාවිත කල බවත් මේ හේතුවෙන් විවිධ සංස්කෘතිකමය උත්සව සහ අධ්‍යාත්මිකත්වය තම ජිවිතයේ කොටසක් වන බවත් වෛද්‍ය Alana පවසයි.

Dr Alana Gall
සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සමඟ බොහෝ විට භාවිතා වන "bush medicine" ඔස්සේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව යනු කුමක්ද යන්න පිළිබඳ මිනිසුන්ගේ අවබෝධය සීමා කළ හැකි බව ඇය පවසයි.
සෑම විටම මෙවැනි දේ භෞතිකමය සහ ශරීරගත කළහැකි ඖෂධ පමණක් වන බවට පුද්ගලයින් සිතන බවත් ඇය පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ස්වදේශික ප්‍රජාවේ ඖෂධය ඊට වඩා බෙහෙවින් වෙනස් වන බවත් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවට healing ceremonies සහ විවිධ අධ්‍යාත්මික වෛද්‍ය ක්‍රම ඇතුලත් වන බවත් වෛද්‍ය Alana කියා සිටී.
පාරම්පරික සුව කරන්නන් (Traditional healers)
Debbie Watson යනු දකුණු ඕස්ට්‍රේලියාවේ Aṉangu Pitjantjatjara Yankunytjatjara (APY) ඉඩම්වල Pipalyatjara හි ngangkari හෝ සම්ප්‍රදායික ආදිවාසී සුව කරන්නියකි.
Ngangkari සුව කරන්නන් මිනිස් සිරුරේ මූලික අංගය ලෙස දකින "ආත්මය" යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ.
තමා මිනිසුන් බොහෝ පිරිසක් සුව කොට තිබෙන බවත්, ඔවුන්ගේ ශක්තිය සහ ඔවුන් තුළ ඇති දේ තමාට දැනෙන බවත් Debbie පවසයි.
එමෙන්ම Debbie කියා සිටින්නේ යමකුගේ ආත්මය අතරමංව හෝ අවහිර ව ඇත්නම්, එය වේදනාව, කාංසාව සහ වෙනත් රෝග ලක්ෂණ ඇති කළ හැකි බවයි.
ආත්මයට කිසි විටෙකත් රිදවිය නොහැකි බවත් ඇය කියා සිටී.
මිනිසුන් සුව කිරීමේ හැකියාව පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්රේෂණය වේ.
Debbie දීර්ඝකාලීනවපැවත එන සුව කරන්නන්ගේ පරම්පරාවකින් පැමිණෙන අතර ඇය තරුණ වියේදී තම පියාගෙන් ශිල්පය ඉගෙන ගෙන තිබේ.
තම පියා සෑම විටම තමාව ශක්තිමත් සුව කරන්නෙකු වීමට ඉගැන්වූ බව ඇය කියා සිටී.

Debbie Watson
ලාභ නොලබන සංවිධානයක් වන මෙය ස්වදේශික සහ ස්වදේශික නොවන ජනයාට සුව කිරීමේ සේවා සපයන අතරම ශතවර්ෂ ගණනාවක් පැරණි වෛද්‍ය ක්‍රම ඔස්සේ සහය දක්වයි.
ආචාර්ය Francesca Panzironi යනු ANTAC හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වේ, Francesca ගේ පසුබිම වන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් නීතියයි.
ස්වදේශික ඔස්ට්‍රේලියනුවන්ගේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඇගේ කුතුහලය හේතුවෙන් ඉතාලි ජාතික ආචාර්ය Francesca මේ හා සම්බන්ධ වී තිබේ.
දකුණු ඕස්ට්‍රේලියාවේ ngangkaris සමඟ සම්බන්ධ වීමෙන් සහ ප්‍රජාව සමඟ සම්බන්ධ වීමෙන් පසු ආචාර්ය Francesca එවැනි සේවාවන් සඳහා ප්‍රජාව වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමේ අවශ්‍යතාවය අවබෝධ කර ගෙන තිබේ.

From left, Dr Francesca Panzironi and Debbie Watson
ආචාර්ය Francesca Panzironi, මේ වනවිට ANTAC මගින් සිදු කරන සෞඛ්‍ය සේවාවල සිට, නිවැරදි කිරීමේ සේවා දක්වා සහ එය ඉගෙනීමට සහ අත්විඳීමට උනන්දුවක් දක්වන වෙනත් ඕනෑම ආයතනයක් දක්වා සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සඳහා මහජනයාට ප්‍රවේශ විය හැකි බවට පත් කරමින් සිටී.
සාම්ප්‍රදායික සුවකිරීම් මගින් වර්තමාන ජෛව වෛද්‍ය ආකෘතියට බලපෑමක් සිදු නොකරන බවත්, ඒ දෙකම එක්ව ක්‍රියා කල හැකි බවත් ආචාර්ය Francesca සඳහන් කරයි.
සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සහ නවීන වෛද්‍ය විද්‍යාව
Brett Rowling, Bungoree and Matora ජනයාගෙන් පැවත එන්නෙක් වන අතර විශ්ලේෂණාත්මක රසායනඥයෙකි.
සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සහ නවීන වෛද්‍ය විද්‍යාව, බැලූ බැල්මට ප්‍රතිවිරුද්ධ ලෙස පෙනුනත් ඒවා එකිනෙකට අනුපූරක වියහැකි බව Brett පවසයි.

Brett Rowling
මෙය අතීත ක්‍රම නැවත මිනිසුන්ට දැකීමට ලෝකයට හඳුන්වාදීමට කාලය වන බවත් මෙම දැනුමෙන් ලෝකයට බොහෝ ප්‍රයෝජන ගත හැකි බවත් Brett පවසයි.
එමෙන්ම Brett කියා සිටින්නේ ඕස්ට්‍රේලියාවේ, ස්වදේශික ප්‍රජාව මේ පෘථිවියේ පැරණිතම අඛණ්ඩ සංස්කෘතියයි. මේ හේතුවෙන් පෘථිවිය රැකබලාගන්නා අයුරු සහ සදාකාලිකවම කරන ක්‍රමවලින් බෙහෙත් කරන අයුරු පිළිබඳව ස්වදේශික ප්‍රජාවට ප්‍රඥාව තිබෙන බවයි.
එම දැනුම ප්‍රයෝජනයට ගන්නේ නම්, ප්‍රතිජීවක-ප්‍රතිරෝධී ක්ෂුද්‍ර ජීවීන් හා සම්බන්ධ වර්තමාන ගැටලුවලදී අපට වෙනසක් කළ හැකි බව ආචාර්ය Brett සඳහන් කරයි.
සාම්ප්‍රදායික ඖෂධවල ආරක්ෂාව පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය දත්ත සහ විශ්ලේෂණයන් ද නවීන විද්‍යාවට සැපයිය හැක.
දැනුම ආරක්ෂා කිරීම
කෙසේ වෙතත්, මෙම දැනුම සඳහා නිසි ආරක්ෂාවක් නොමැතිව, ඇතැම් ප්‍රජා ඔවුන්ගේ දැනුම බෙදා ගැනීමට අකමැති වන අතර, ඇතැම් අවස්ථාවන්හිදී, එම දැනුම ඔවුන් සමඟ රැගෙන ස්වදේශික වැඩිහිටියන් මිය යන බව වෛද්‍ය Alana පැහැදිලි කරයි.
මේ ඔස්සේ දැනුම ආරක්ෂා නොවීම සිදුවන බවත් ඖෂධ, රූපලාවණ්‍ය හා කෘෂිකාර්මික සමාගම්වලට එම දැනුම උදුරා ගෙන වාණිජකරණය කර සැලකිය යුතු ලාභයක් ලැබිය හැකි බවත් වෛද්‍ය Alana කියා සිටී.
මේ හේතුවෙන් වෛද්‍ය Alana ගේ ගුකාලීන ඉලක්කය වන්නේ, සියලුම මානව ප්‍රයෝජනය සඳහා මෙම දැනුම බෙදා ගත හැකි වන පරිදි නිසි පද්ධතියක් සැකසීමයි.