ඕස්ට්‍රේලියාවේදී සර්පයකු හෝ මකුළුවකු දෂ්ට කළහොත් කුමක් ඔබ කළ යුතුද? SBS සිංහල වෙතින්

warning sign.jpg

Even for suspected snakebites, you must seek immediate medical attention. Credit: Getty Images/Nigel Killeen

ඕස්ට්‍රේලියාවේ බොහෝ විෂ සහිත සත්ව හා කෘමි විශේෂ සිටී. සර්පයෙකු හෝ මකුළුවෙකු දෂ්ට කළ විට ඔබ කල යුතු දේ සහ එවැනි දෂ්ටන වළක්වා ගත හැකි අයුරු දැන ගැනීම ඔස්සේ ඔබට ජීවිතයක් බේරා ගැනීමට හැකි වේ. ඔබ විෂ සහිත හෝ විෂ නොවන සතකුගේ දෂ්ටනයකට ගොදුරු වුවහොත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ විශේෂඥ උපදෙස් මෙම ලිපිය ඔස්සේ රැගෙන එයි.


Key Points
  • ඕනෑම විශාල කළු මකුළුවෙකුගේ දෂ්ටනයක් වෛද්‍ය හදිසි අවස්ථාවක් ලෙස සැලකිය යුතුය
  • ඕනෑම සර්ප දෂ්ටයක් ජීවිතයට තර්ජනයක් විය හැකි ලෙස සැලකිය යුතු අතර, ප්‍රධාන ප්‍රථමාධාර පියවරක් ලෙස වෙළුම් පටියකින් එම ස්ථානය දැඩි පීඩනයක් දෙමින් බැඳිය යුතුය
  • ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ ඇතුළුව ඔබට ඕස්ට්‍රේලියාවේ ඕනෑම තැනකදී හදිසි වෛද්‍ය ආධාර ලබා ගත හැක
ඕස්ට්‍රේලියාව විෂ සහිත සහ භයානක සතුන් සඳහා කීර්තියක් උසුලයි. කෙසේ නමුත් නමුත් නිව් සවුත් වේල්ස් හි Poisons Information Centre හෙවත් විෂ සම්බන්ධයෙන් වන තොරතුරු මධ්‍යස්ථානයේ වෛද්‍ය අධ්‍යක්ෂ Darren Roberts පවසන්නේ මකුළුවන් සම්බන්ධයෙන් ගත් කල, අප කනස්සල්ලට පත්විය යුත්තේ එක් විශේෂයක් සම්බන්ධයෙන් පමණක් වන බව යි.

ඒ Funnel-web මකුළු විශේෂයයි

විශේෂන්ම Redback මකුළුවන් විෂ සහිත වීම ගැන බොහෝ විට කතා පවතී, එම මකුළු දෂ්ටන ඔබට අසනීප කිරීමට හේතු විය හැකි නමුත් මරණයට පත් කිරීමට හෝ රෝහල් ගත කිරීමට ප්‍රමාණවත් නොවේ. ඕස්ට්‍රේලියාවේ අනෙකුත් සියලුම මකුළුවන් සාමාන්‍යයෙන් අඩු හෝ විෂ නොවන විශේෂ ලෙසද සැලකේ.
redback.jpg
Research has disproved previous concerns about redback spider bites. Although they contain venom, effects take hours to develop and do not require medical treatment, unless there are signs of infection or aggravated symptoms. Credit: Getty Images/Jenny Dettrick
ඕස්ට්‍රේලියාවේදී සර්පයන් දැකීම සාමාන්‍ය දෙයක් වුවත්, ජීවිතයට තර්ජනයක් වන දෂ්ට කිරීම් දුර්ලභ වේ.

ඕස්ට්‍රේලියාවේ සිටින සර්ප විශේෂ 172 න් 100 ක් පමණ විෂ සහිත වේ, ේ ඉන් විශේෂ 12 කට පමණිවලට අනුව සර්ප දෂ්ටන මගින් වසරකට සාමාන්‍යයෙන් මරණ දෙකක් වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ අප ජීවත් වන සෑම ප්‍රදේශයකම සර්පයන් සිටී, එබැවින් අපි ඔවුන් සමඟ ජීවත් වීමට අපට සිදු වේ. නමුත් වාසනාවකට මෙන්, ගැටළු ඇති කරන සර්ප දෂ්ට කිරීම් සාපේක්ෂ වශයෙන් දුර්ලභ වන බව ආචාර්ය Darren පවසයි.
tiger snake.jpg
“Snakes have very little reason to go into people's houses.” Professional snake catcher Gianni Hodgson says 90% of the calls he gets are for snake removals from a backyard. Credit: Getty Images/Andrew Balcombe / EyeEm

මකුළු දෂ්ට කිරීම් සඳහා ප්‍රථමාධාර ලබාදීම

ඕස්ට්‍රේලියාවේ බොහෝ විට සිදු වන මකුළු දෂ්ට කිරීම් අවම හානියක් සිදු කරන අතර, ඔබට හෝ වෙනත් අයෙකුට මකුළුවකු දෂ්ට කළහොත් කුමක් කළ යුතු දැයි දැන ගැනීම වැදගත් වේ.

Funnel-web මකුළුවන් හැර වෙනත් ඕනෑම මකුළුවකු දෂ්ට කල අවස්ථාවකදී උපදෙස් වශයෙන් ආචාර්ය Darren පවසන්නේ, "යම් විෂබීජ නාශකයක් සමඟ එම දෂ්ට කල ස්ථානය සේදීම, ඔබේ ටෙටනස් පරීක්ෂාව යාවත්කාලීන දැයි දෙවරක් පරීක්ෂා කිරීම සහ එසේ නොමැති නම්, ටෙටනස් පරීක්ෂාව සිදු කිරීම" සිදු කරන ලෙසයි.

රෝග ලක්ෂණ හෝ ආසාදන අඛණ්ඩව පවතී නම්, වෛද්‍ය ආධාර ලබා ගත යුතු වේ.

සීතල අයිස් පැකට්ටුවක් පිරිසිදු රෙදි කඩකින් ඔතා එම දෂ්ට කළ ස්ථානයට යම් පීඩනයක් සිටින පරිදි මිනිත්තු 15 ක් තැබීමෙන් වේදනාව සමනය කළ හැකිය.

කෙසේ නමුත් Funnel-web මකුළු දෂ්ටනය වේදනාකාරී වන අතර,- ඒ ඔස්සේ ජීවිතයට තර්ජනයක් ගෙන දෙන විෂ වීමක් සිදු විය හැක. එමෙන්ම ඒ සඳහා රෝහල් ප්‍රතිකාරද අවශ්‍ය වේ.

මේ හේතුවෙන් ඕනෑම විශාල කළු මකුළු දෂ්ට කිරීමක් හෝ Funnel-web මකුළු දෂ්ට කිරීමක් වෛද්‍ය හදිසි අවස්ථාවක් ලෙස සැලකිය යුතු වේ. මේ හේතුවෙන් එවැනි අවස්ථාවකදී වහාම ගිලන් රථයක් ඇමතිය යුතුය.

Funnel-web මකුළු දෂ්ටනය මගින්, මුඛය වටා හිරිවැටීම, ඇතැම් විට ඔක්කාරය සහ වමනය, උදරයේ හෝ පපුවේ වේදනාව වැනි රෝගලක්ෂණ මතුවිය හැක.
funnel-web.jpg
Funnel-web spiders are found around Sydney and the east coast. Other big black spiders are found Australia-wide. Credit: Getty Images/Image Created by James van den Broek

ආචාර්ය Darren පවසන්නේ මෙවැනි දෂ්ට කිරීමකදී පහත පරිදි පියවර අනුගමනය කරන ලෙසයි.

  • දෂ්ට කළ ස්ථානය වටා යම් පීඩනයක් සහිතව වෙළුම් පටියක් යෙදීම
  • ගිලන් රථයක් පැමිණෙන තෙක් පුද්ගලයා නිශ්චලව වැතිර සිටිය යුතුය
  • විෂ ශරීරයේ ඉක්මනින් ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා දෂ්ටනය සිදු වූ පුද්ගලයා ඇවිදීම වැළක්විය යුතුය
එමෙන්ම ගිලන් රථය පැමිනෙන තුරු දෂ්ටනය සිදු වූ අත් පා නිශ්චලව තබා ගත යුතුය

ප්‍රාදේශීය ප්‍රදේශ වලදී දෂ්ටනයක් සිදු වුවහොත් කුමක් සිදු වේද?

Shaun Francis ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය සහ දුරස්ථ ප්‍රජා සඳහා පැය 24 පුරා හදිසි සේවා සපයන ලාභ නොලබන, Royal Flying Doctor Service හි ක්වීන්ස්ලන්ත ශාඛාවේ වෛද්‍යවරයෙකි

ඔහු පවසන්නේ ප්‍රාදේශීය ප්‍රදේශ වලදී මකුළු දෂ්ට කිරීම් බහුලව සිදුවන අතර බොහෝ විට දෂ්ට කිරීමට හේතුවන මකුළුවාගේ වර්ගය නොදන්නා බවයි.

මුලදී, එම දෂ්ට කල ස්ථානයේ යම් තරමක වේදනාවක්, රතු පැහැයක් සහ ඉදිමීමක් ඇති වේ.

දෂ්ටනය ලැබූ පුද්ගලයාගේ සමස්ත ශරීරයටම බලපාන අයහපත් දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කරයිනම්, රෝගියා ගුවන් මගින් රෝහල වෙත රැගෙන යාම සිදු කරන බව වෛද්‍ය Shaun පැහැදිලි කරයි.

වේදනාවට වඩා වැඩි අයහපත් තත්වයක් ඇති වූ විට, වෛද්‍යවරුන් වඩාත් සැලකිලිමත් වීමට පටන් ගන්නා අතර එය සාමාන්‍යයෙන් දහඩිය දැමීමෙන් ආරම්භ විය හැකි බවත් වෛද්‍ය Shaun සඳහන් කරයි. නිදසුනක් වශයෙන්, Funnel-web මකුළු දෂ්ටනය මගින්, මුඛය වටා හිරිවැටීම, ඇතැම් විට ඔක්කාරය සහ වමනය, උදරයේ හෝ පපුවේ වේදනාව ඇතිවිය හැක.

වෛද්‍ය Shaun පවසන්නේ රෝග ලක්ෂණ නොමැති විට පවා රෝගියෙකු නිශ්චිත ප්‍රතිකාරයකට මාරු කරන බවයි.
outback.jpg
In the outback, all emergency calls for snakebites trigger a medical response for suspected envenomation. Credit: Getty Images/kristianbell

සර්ප දෂ්ට කිරීම් සඳහා ප්‍රථමාධාර

ඇතැම් සර්ප දෂ්ට කිරීම් වියළි දෂ්ටන වශයෙන් හඳුන්වයි, එනම් සර්පයා දෂ්ට කරන නමුත් විෂ නිකුත් නොවේ.

නමුත් සර්ප දෂ්ඨනය විෂ සහිත නොවන බව උපකල්පනය කිරීම අනතුරුදායක විය හැකි බව වෛද්‍ය Shaun අනතුරු අඟවයි.මේ හේතුවෙන් සෑම සර්ප දෂ්ටනයක්ම ජීවිතයට තර්ජනයක් විය හැකි ලෙස සැලකිය යුතුය.

වෛද්‍ය Shaun මෙහිදී අනුගමනය කලයුතු පියවර ගෙනහැර දක්වයි:

  • Pressure immobilisation වෙළුම් පටියක් යෙදීම
  • දෂ්ටනය කල අතපය නිශ්චලව තැබීම
  • 000 ඇමතීම
වෘත්තීයමය සර්පයින් අල්ලන්නෙකු වන Gianni Hodgson පවසන පරිදි, විෂ සහිත නොවන දෂ්ට කිරීම් පවා ගැටළු ඇති කළ හැක.

මේ සඳහා හේතු වශයෙන් Gianni සඳහන් කොට සිටින්නේ මෙම සතුන් ළමයින්ට දෂ්ට කළ හැකි අතර එම දෂ්ටන විෂ සහිත නොවන නමුත් එම ස්ථාන වල බැක්ටීරියා තිබිය හැකි බවයි.

සර්පයෙකු හමු වූ විට නොකළ යුතු දේ

සර්පයන්ට, තර්ජනයක් හෝ බියක් දැනෙන්නේ නම් මිස ඔවුන් පහර දීමට ඉඩක් නැත.

බොහෝ සර්ප දෂ්ට කිරීම් සිදුවන්නේ මිනිසුන් සර්පයෙකු මරා දැමීමට හෝ අල්ලා ගැනීමට උත්සාහ කරන විටය.

Gianni සඳහන් කොට සිටින්නේ සර්පයෙකු ඔබ පසුපස හඹා යා හැකි යැයි සිතීම සාමාන්‍ය දුර්මතයක් බවයි.

සර්පයෙක් ඔබ දෙසට එන එකම අවස්ථාව ඔවුන් ආරක්ෂිත ස්ථානයකට යාමට උත්සාහ කරන විට සහ ඔබ ඔවුන්ගේ මාර්ගයේ සිටගෙන සිටින විට වේ.

ඔබ සර්පයෙකු දුටු විට නොකළ යුතු දේ පිළිබඳ උපදෙස් කිහිපයක් Gianni සඳහන් කරයි.

  • විශාල ශබ්ද නොකිරීම
  • එහා මෙහා ගොස් එම ස්ථානයෙන් ඉවත් වීම සිදු කිරීම
  • ඔබ අහම්බෙන් සත්වයා මත සිටගෙන සිටින්නේ නම් සත්වයාට චලනය වීමට ඉඩ දීම

සතකු දෂ්ට කළහොත් සම්බන්ධ කරගත යුතු ස්ථාන

  • මකුළු දෂ්ට කිරීමෙන් පසු කුමක් කළ යුතු දැයි නොදන්නේ නම්, 13 11 26 ඔස්සේ Poisons Information Centre හෙවත් විෂ සම්බන්ධයෙන් වන තොරතුරු මධ්‍යස්ථානයේ උපකාරක අංකයට අමතන්න.
  • සියලුම සර්ප දෂ්ට කිරීම් සහ ඕනෑම හදිසි අවස්ථාවකදී, 000 අමතන්න.
  • ඔබ රෝහලකට දුරින් සිටී නම්, ඔබට 1300 My RFDS (1300 69 7337) ඔස්සේ Royal Flying Doctor සේවාව අමතන්න
______________________________________________________________________________________________


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


_______________________________________________________________________________________________


SBS සිංහලගුවන් විදුලි සේවය,


සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට


SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර


  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න
_______________________________________________________________________________________________

Share