ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සිටි පවුලකට ඇමතිගේ මැදිහත්වීමකින් ස්ථිර පදිංචිය: මාර්තු 09 SBS සිංහල පුවත්

Krishnadevi Aneesh and Aneesh Kollikkara, pictured with their two children, face deportation.

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 09 වන දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
  • ණය හිමියන්ට සහනයක් දීමේ අරමුණින් පොලී අනුපාත ඉහළ දැමීමට විරාමයක් තැබීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව සලකා බලයි.
  • ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට නියමිතව සිටි පර්ත් හි පවුලකට ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ පෞද්ගලික මැදිහත්වීමකින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිවේ.
  • ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ධනාත්මක බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරිය පවසයි.
  • වනවාටුහි සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැපයීමට දහස් ගණනකින් යුත් ඔස්ට්‍රේලියානු සහන සේවා කණ්ඩායම් පිටත් වේ.
  • ක්‍රිකට් ක්‍රීඩාවේ දී කාන්තාවන්ගේ විශිෂ්ටත්වයට ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරයි.

Share