වික්ටෝරියානු ප්‍රාන්තයට පනවා ඇති state of emergency හෙවත් හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ග කිරීමට තීරණය කර ඇතැයි වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊයේ (16/08) නිවේදනය කළේය.
මෙය දැනට ප්‍රකාශ කර ඇති "state of disaster" හෙවත් ආපදා තත්ත්වයට අමතරව ක්‍රියාත්මක වේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ආපදා තත්ත්වයක් ප්‍රකාශ කර ඇති විට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කිරීමේ තේරුම කුමක්දැයි මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Victorian Premier Daniel Andrews Source: AAP
State of emergency යනු කුමක්ද?
2020 මාර්තු 16 සිට අගෝස්තු මස 16 තෙක් වික්ටෝරියානු ප්‍රාන්තයේ state of emergency තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.
මෙමගින් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා වන Brett Sutton හට පුළුල් පරාසයක බලයක් හිමි කර දෙයි.
ඒ හරහා ප්‍රාන්තයට කොරෝනා නීති හා සීමාවන් පැනවීමට ඔහුට බලය ලැබේ.
මහජන සෞඛ්‍යයට බරපතල අවදානමක් පැවතීම හේතුවෙන් 2008 මහජන සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ පනත යටතේ state of emergency තත්ත්වය ප්‍රකාශ කර ඇත.
පුද්ගලයින්ව නිරෝධායනයට යොමු කිරීම, විශාල ප්‍රමාණයෙන් ජනයා ඒක රාශී වීම වැළක්වීම සහ ප්‍රාන්ත වැසියන්ගේ අනෙකුත් හැසිරීම් සහ ක්‍රියාකාරකම් මත සීමා පැනවීම වැනි තීරණ ගැනීමට මේ හරහා ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාට බලය හිමිවේ.

Source: AAP
State of emergency තත්ත්වය දීර්ග කළේ ඇයි?
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් තවමත් විශාල ප්‍රමාණ වලින් දෛනිකව හමුවීම නිසා State of emergency තත්ත්වය දීර්ග කිරීමට තීරණය කළ බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
කොරෝනා නීති පැනවීමෙන් ප්‍රාන්ත රජය කිසිදු තෘප්තියක් නොලබන බවද ඔහු ඊයේ මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
State of emergency තත්ත්වය කොපමණ කලක් තිබේද?
State of emergency තත්ත්වය අවලංගු කිරීමට පෙර මාස හයක් දක්වා මෙය ක්‍රියාත්මක කළ හැකිය.
ඒ අනුව ව්‍යවස්ථාව සංශෝධනයක් සිදු නොකළහොත් State of emergency තත්ත්වය සැප්තැම්බර් 13 මධ්‍යම රාත්‍රිය දක්වා පමණක් ක්‍රියාත්මක වේ.
නමුත් මෙය අවශ්‍යනම් දීර්ග කිරීමට අපේක්ෂා කරන බවට ප්‍රාන්ත අගමැතිවරයා ඉඟි පළ කර ඇත.

Professor Brett Sutton, Victoria's Chief Health Officer Source: AAP
State of disaster යනු කුමක්ද?
වික්ටෝරියානු ප්‍රාන්තයට අගෝස්තු 02 සවස 6 සිට මාසයක කාලයක් දක්වා බලාත්මක වන පරිදි 'state of disaster' හෙවත් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණි.
ඒ අනුව State of disaster තත්ත්වය සැප්තැම්බර් 02 වන දින සවස 6 න් අවසන් වේ.
මහජන සෞඛ්‍ය ගැටලුවලින් ඔබ්බට ගිය සිදුවීම් පිළිබඳ State of disaster තත්ත්වය යටතේ ක්‍රියාත්මක විය හැකිය.
ස්වාභාවික විපත්, පිපිරීම්, ත්‍රස්තවාදය හෝ ආක්‍රමණ වැනි හදිසි අවස්ථා සමඟ කටයුතු කිරීමට මේ හරහා බලය ලැබෙන නමුත් “බෝවන රෝගයක් පැතිර යන විට හෝ වසංගතයක්” සමඟ කටයුතු කිරීමට ද මෙය යොදා ගත හැකිය.
State of disaster තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම හරහා සියලු රජයේ ආයතනවල කටයුතු මෙහෙයවීම හා සම්බන්ධීකරණය කිරීමේ වගකීම හා බලය පොලිස් කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට පැවරේ.
ඒ අනුව මේ වන විට මෙල්බර්න් කලාපයට සෑම දිනකම රාත්‍රී 8 සිට පසුදින අලුයම 5 දක්වා ඇඳිරි නීතිය පැනවීමටත් ජනතාවට තම නිවසින් කිලෝ මීටර් 5 කට එහා යාමට අවසර නොදීමටත් මෙම State of disaster තත්ත්වය හරහා පොලීසියට බලය ලැබේ.
ආපදාවට ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය පරිදි සම්පත් පොලිස් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හට වෙන් කළ හැකිය.
මෙහිදී පොලිස් කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට හිමිවන අතිශය ප්‍රබලම බලතලවලින් එකක් වන්නේ ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ නීති අණපනත් කඩ කිරීමාට් හෝ නොසලකා හැරීමට ලැබෙන බලය වේ.

A woman is detained during an anti-lockdown protest in Melbourne, Sunday, August 9, 2020. Source: AAP
මේ ද්විත්වයම එකවර අවශ්‍ය ඇයි?
කොරෝනා වසංගතය හමුවේ වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ගේ ජීවිත සුරැකීමට State of disaster හා State of emergency යන තත්ත්ව දෙකම ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රාන්ත අගමැතිවරයා පැවසීය.
ඒ හරහා කොරෝනා නීති පැනවීමට ප්‍රාන්ත රජයට පහසුව සැලසෙන බවද ඔහු පැහැදිලි කළේය.
State of emergency හරහා ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයාට බලය ලැබෙන අතරේ State of disaster හරහා ප්‍රාන්තයේ පොලිස් හා හදසි සේවා අමාත්‍යවරිය හට බලය ලැබේ.