Key Points
- වික්ටෝරියානු ප්‍රාන්ත පොලිස් සංගමයේ සාමාජිකයින් වඩා හොඳ වැටුප් සහ සේවා කොන්දේසි සඳහා වුත්තිය ක්‍රියාමාර්ග අරඹා තිබේ
- ප්‍රාන්තයේ speed camera වලින් ලැබෙන අදායම අඩු කිරීම සඳහා ප්‍රාන්ත පොලිසිය මෙම වුත්තිය ක්‍රියාමාර්ග ගෙන තිබේ
- පොලිස් නිලධාරීන් වාහන 2,000 කට වැඩි සංක්‍යාවක් හරහා ප්‍රජාවට සිය පණිවිඩ යවා තිබේ
වික්ටෝරියා ප්‍රාන්තය තුල කලකිරීමට පත්ව සිටින පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක සේවා නිලධාරීන් වඩා හොඳ වැටුප් සහ සේවා කොන්දේසි සුරක්ෂිත කිරීමේ උත්සාහයක් ලෙස ඔවුන්ගේ සයිරන් සහ headlight දැල්වීම සිදුකොට තිබේ.
වික්ටෝරියානු පොලිස් සංගමයේ (TPAV) සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ ඉදිරි මාස 12 තුළ, ප්‍රාන්තයේ සෑම පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු රැකියාවේ අධික තෙහෙට්ටුව හේතුවෙන් වෘත්තියෙන් ඉවත් වීමට නියමිත බවයි.
වික්ටෝරියානු පොලිස් සංගමය මාස 5ක් කාලයක් පුරා ඔවුන්ගේ ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා සිදුකොට ඇති අතර ඊට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙලෙස වුත්තිය ක්‍රියාමාර්ග දියත්කොට තිබේ.
මෙම වුත්තිය ක්‍රියාමාර්ග වලට අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් speed camera සහ red light camera අසල නවත්වා, රියදුරන්ට වේගය අඩු කරන ලෙසට අනතුරු ඇඟවීම සිදු කරයි.
මේ සඳහා ඔවුන් රියදුරන්ට headlights දැල්වීම සිදු කරයි.
මෙම speed camera සහ red light camera මගින් ප්‍රාන්ත රාජ්‍යයට හිමිවන අදායමට පහත හෙලීම ඔවුන්ගේ අරමුණ බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙය ප්‍රාන්ත පොලිසිය මගින් සිදු කල යුත්තක් නොවන නමුත් ප්‍රාන්ත රජය සහ ප්‍රාන්ත පොලිසිය අතර ඇතිව තිබෙන ගැටලුකාරී තත්වය මත එය සිදු කරන බව වික්ටෝරියානු පොලිස් සංගමයේ ලේකම් Wayne Gatt කියා සිටී.
වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විරෝධතා දක්වන්නේ ඇයි?
තම රැකියාවේ අධික ලෙස කටයුතු කිරීම හේතුවෙන් ප්‍රාන්ත පොලිස් නිලධාරීන් අධික ලෙස වෙහෙසට පත්ව තිබේ.
පසුගිය ඉරිදා පෙරවරු 7 ට ආරම්භ වූ වුත්තිය ක්‍රියාමාර්ග තුල පියවර19 ක් පවතී.
සෙසු ක්‍රියාමාර්ග අතරට පාසල්වල ළමුන්ට පාර හරහා යාමට උපකාර කිරීම, පොලිස් ස්ථාන වල ස්වයංක්‍රීය හඬ පණිවිඩ ඔස්සේ මෙම වුත්තිය ක්‍රියාමාර්ග පිලිබඳ දැනුවත් කිරීම සහ මේ පිළිබඳව දුම්රිය ස්ථානවල පත්‍රිකා බෙදා හැරීම ඇතුළත් වේ.
එමෙන්ම "Wanted: Fair Pay" සහ "We can't turn out if we burn out" වැනි ප්‍රකාශ, ප්‍රාන්තය පුරා පොලිස් නිල රථ 2,000ක පමණ ලියා ඇති බවත් වාර්තා වේ.
මෙය යම්දුරකට නුසුදුසු බව පෙනුනද පොලිස් නිලධාරීන් ජනතාව සමග සෘජු ලෙස සන්නිවේදනය කළ යුතු බව Wayne කියා සිටී.

Victorian police officers have written messages across their vehicles and are distributing information about their industrial action at schools and train stations. Source: AAP / Diego Fedele
වික්ටෝරියා පොලිසිය ඉල්ලා සිටින්නේ කුමක්ද?
වික්ටෝරියානු ප්‍රාන්ත පොලිස් සංගමයේ නිලධාරීන්ට වඩා හොඳින් රැකියාව කිරීමට සහ තම පුද්ගලික ජීවිතය ගත කිරීමට හැකි සමතුලිත තත්වයක් සැලසීම සඳහා 4% ක වැටුප් වැඩිවීමක් සහ පැය 09 වැඩ මුර සඳහා යෝජනා ඉදිරිපත්ව තිබේ.
Wayne පවසන්නේ මේවා අසාධාරණ ඉල්ලීම් නොවන අතර, ඔවුන් අතිශය අභියෝගාත්මක කාර්යයක් සිදු කරන බවයි.
තවදුරටත් මෙම සාකච්චා සිදු කෙරෙන අතර වැටුප් රහිතව අතිකාල සේවා නොකරන ලෙසට අදාළ පොලිස් සහ ආරක්ෂක සේවා නිලධාරීන්ට දන්වා තිබේ.

TPAV Secretary Wayne Gatt said officers felt "undervalued" by the current Labor state government. Source: AAP / Diego Fedele
වෘත්තීය සමිති සහ ප්‍රාන්තයේ Industrial Relations Victoria ආයතනය අතර පවතින ගැටලූ සඳහා රජය මැදිහත් නොවන බව මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත අගමැතිනිය වන Jacinta Allan පවසයි.
කෙසේ නමුත් මෙම සාකච්චා ප්‍රබල ප්‍රතිඵලයක් සමඟින් අවසන් වනු දැකීමට කැමති බවත් ඇය කියා සිටී.
මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිස් සංගමය පවසන්නේ, විසඳුමකට එළැඹෙන්නේ කවදාද යන්න මත පදනම්ව මෙම වුත්තිය ක්‍රියාමාර්ග දින හෝ සති ගණනක් සිදු විය හැකි බවයි.