ඕස්ට්‍රේලියාවේ අවසන් වරට එල්ලා මැරුවේ කවුද? මරණ දණ්ඩනය නැවත්වීමට හේතු වූයේ කුමක්ද? (SBS සිංහල - වාර්තා)

ඔස්ට්‍රේලියාවේ දී අවසාන වරට පුද්ගලයෙකු මරණ දණ්ඩනය මගින් මරණයට පත් කොට දැනට වසර 55ක් ගතවී ඇතත්, Amnesty International හෙවත් ජාත්‍යන්තර සමාව දීම පිළිබඳ සංවිධානයේ නවතම වාර්තාවකට අනුව ලොව පුරා මරණ දණ්ඩනය වැඩිවෙමින් පවතින බව අනාවරණය වේ.

The wooden doors of three prison cells.

Victoria's Pentridge Prison was the site of the last execution in Australia in 1967. It has now been decommissioned. Source: AAP / Supplied

Key Points
  • 1967 දී ඔස්ට්‍රේලියාවේ අවසන් වරට රොනල්ඩ් රයන් නම් පුද්ගලයා එල්ලා මරා දමන ලදී.
  • එතැන් සිට ඔස්ට්‍රේලියාවේ මරණ දඬුවම අහෝසි කර තිබේ.
  • 2022 වසරේදී රටවල් 20 ක, පුද්ගලයන් 883 දෙනෙකුට මරණ දණ්ඩනය ලබා දී ඇති අතර එය 2017 වසරෙන් පසු වාර්තා වන ඉහළම අගය වේ.
1967 පෙබරවාරි 3 වෙනිදා, ඔස්ට්‍රේලියාව තුළ මරණ දණ්ඩනය ලැබූ අවසාන පුද්ගලයා වූයේ රොනල්ඩ් රයන් නැමැති පුද්ගලයෙකි.

ඔස්ට්‍රේලියාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අවසන් කර වසර 55ක් පමණ ගත වී ඇතත්, Amnesty International සංවිධානයේ නව වාර්තාවකට අනුව මරණ දණ්ඩනය ලොව පුරා වර්ධනය වෙමින් පවතින බව අනාවරණය වේ.

*************************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙ. ව. 11 සිට

*************************************************************************
එම වාර්තාවට අනුව, 2022 වසරේදී රටවල් 20 ක පුද්ගලයින් 883 දෙනෙකුට මරණ දණ්ඩනය ලබා දී ඇති අතර එය 2017 වසරෙන් පසුව වාර්තා වන ඉහළම අගය වේ.

මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ රටවල් 2022 වසරේදී මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන විට, ජාත්‍යන්තර නීතිය පවා උල්ලංඝණය කළ අතර, එමගින් මිනිස් ජීවිතය කෙරෙහි දක්වන දැඩි නොසැලකිල්ල පිළිඹිබු වන බව Amnesty International හි මහලේකම් ඇග්නස් කැලමාර්ඩ් පැවසීය.
මෑතක දී, ඉරානය, ජනතාව විසින් හුදෙක් සිය විරෝධතා දැක්වීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව මරණ දණ්ඩනය ලබා දීමට කටයුතු කළ බවද, එය මහජනතාවගේ නැගි සිටීම අවසන් කිරීමට ගන්නා ලද අසාර්ථක උත්සාහයක් වන බවද ඇය පැවසුවාය.

මරණ දණ්ඩනයට ලක්වූ අවසන් ඔස්ට්‍රේලියානුවා වන රොනල්ඩ් රයන් යනු කවුරුන්ද?

1965 වසරේදී බන්ධනාගාර නියාමකයෙකුට වෙඩි තබා පලා යාමේ වරදට රොනල්ඩ් රයන්ට මරණ දඬුවම නියම විය.

කල්ලියකට සම්බන්ධව සිදු කළ අපරාධ සඳහා සිරදඬුවමක් විඳීමෙන් පසු, ඔහු 1964 දී මංකොල්ලකෑම් හේතුවෙන් නැවතත් සිරගත කර තිබුණි.

දෙසැම්බර් මාසයේ බන්ධනාගාර නියාමකයින් සඳහා නත්තල් සාදයක් පැවැත් වූ සවස් යාමයක , රයන් මහතා පීටර් වෝකර් නම් පුද්ගලයෙකු සමඟ බන්ධනාගාරයෙන් පලා ගියේය. එහිදී ගැටුමක් ඇති වූ අතර, ඔවුන් විසින් බන්ධනාගාර නියාමකයෙකු වූ ජෝර්ජ් හොඩ්සන්ව වෙඩි තබා ඝාතනය කොට තිබේ.

පලා ගොස් දින 17 කට පසු මෙම රැඳවියන් දෙදෙනා නැවත අල්ලා ගැනීමට හැකි ව තිබේ.
The exterior of Pentridge Prison in Melbourne.
Mr Ryan's family had not been allowed to see him before his death, and nor were they allowed to visit his grave at the prison. Source: AAP / Supplied
රයන් මහතා 1966 වසරේදී මිනීමැරුම් චෝදනාවට වරදකරු වූ අතර වික්ටෝරියානු දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔහුට මරණ දණ්ඩනය නියම විය.

————————————————————————————————————————-

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට

————————————————————————————————————————-

රයන් මහතාගේ එල්ලා මැරීම සම්බන්ධයෙන් මුලසුන හෙබවූ පෙන්ට්‍රිජ් බන්ධනාගාරයේ විනිසුරු ශ්‍රීමත් ජෝන් ස්ටාර්ක් මරණ දඬුවමට විරුද්ධ වූ අතර එකල සාමාන්‍ය සිරිත වූ පරිදි මරණ දඬුවම ලිහිල් කිරීමට කැමත්තෙන් පසු විය.

එහෙත් එවකට වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති ශ්‍රීමත් හෙන්රි බෝල්ට් එම දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට අවධාරණය කළ බව ඔහු පැවසීය.
රයන් මහතාගේ පවුලේ අයට ඔහුගේ මරණයට පෙර ඔහුව දැකීමට ඉඩ ලබා දී නොතිබුණු අතර බන්ධනාගාරයේ ඔහුගේ සොහොන නැරඹීමටද ඔවුන්ට අවසර නොලැබුණි.

මෙම සිදුවීම මරණීය දණ්ඩනයට එරෙහිව පුළුල්ව පැතිරුනු ප්‍රජා විරෝධයක් ගෙන ඒමට සමත් වූ අතර එම විරෝධතා අවසානයේ 1975 වසරේදී මරණ දණ්ඩනය අහෝසි කරන ලදී.

2022 වසරේදී මරණ දණ්ඩනයෙන් ලොව පුරා පුද්ගලයින් කී දෙනෙක් මිය ගියේද?

2021 වසරට සාපේක්ෂව මරණ දණ්ඩනය මගින් මරණ 883 ක් සිදු වූ බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 53 ක වැඩිවීමක් වන බවත් Amnesty international සංවිධානය පවසයි.

මත්ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධ හේතුවෙන් මරණ දණ්ඩනයට ලක් කල වාර්තාගත පුද්ගලයින් සංඛ්‍යාව 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී දෙගුණයකට වඩා වැඩි වී තිබේ.

මත්ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධ හේතුවෙන් මරණ දණ්ඩනය ලබා දීම , ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීමක් වේ. ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුත්තේ හිතාමතා සිදු කළ ඝාතන වැනි වඩාත්ම බරපතල අපරාධ සඳහා පමණක් වන බව Amnesty international සංවිධානය පෙන්වා දෙයි.

මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ රටවල් වල මර්ණ දණ්ඩනය වාර්තාගත ලෙස වැඩි වුණු අතර 2021 වසරේදී 520 ක් වූ මරණ සංඛ්‍යාව 2022 වසර වන විට 825 දක්වා ඉහළ ගොස් තිබේ.
සෞදි අරාබියේ එක් දිනක් තුළ පුද්ගලයන් 81 දෙනෙකුට මරණ දඬුවම ලබාදී ඇති බව එම සංවිධානය ප්‍රකාශ කර තිබේ.

එම සංවිධානයට අනුව, චීනයේ තවත් දහස් ගණනක් මෙසේ මරා දමා ඇතැයි විශ්වාස කෙරෙන නමුත් ඒ පිළිබඳ විශ්වාසදායක දත්ත නොමැත.

වියට්නාමයේ සහ උතුරු කොරියාවේ ද මරණ දණ්ඩනය ඉතා රහසිගතව සිදු කෙරෙමින් පවතී.

ඉරානයේ මරණ දණ්ඩනයෙන් සිදුවූ වාර්තාගත මරණ සංඛ්‍යාව 2021 වසරේදී 314 ක් වූ අතර එය 2022 වසරේදී 576 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර සෞදි අරාබිය ද 2022 වසරේදී වසර 30 කට පසු මරණ දණ්ඩනයෙන් සිදු කළ වැඩිම මරණ සංඛ්‍යාව වන මරණ 196 ක් වාර්තා කොට ඇත.

************************************************************************

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන්

97.7 fm NSW

93.1 fm VIC

93.3 fm QLD

96.9fm WA

105.5 fm ACT

106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

Share
Published 16 May 2023 11:34pm
By Madeleine Wedesweiler, Athini Amarasiri
Source: SBS


Share this with family and friends