ඔස්ට්‍රේලියාවේ Monkeypox එන්නත ලබා දීම අගෝස්තු 08 වනදායින් ආරම්භ කෙරුණි.
නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත පළමුව මෙම එන්නත ලබා දීමට කටයුතු කරන අතර සෙසු ප්‍රාන්ත සහ ටෙරිටරි මේ සතිය ඇතුළත එන්නත ලබාදීම ආරම්භ කරනු ඇත.
Monkeypox රෝගය වැළඳීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට මෙහිදී ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
Jynneos වසූරිය එන්නතෙහි මාත්‍රා ලක්ෂ 5 කට ආසන්න ප්‍රමාණයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මේ වන විට ඇණවුම් කර ඇති අතර, පළමු තොගය ලෙස මාත්‍රා 22,000 ක් ලබා දී ඇත.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි ලිංගික සෞඛ්‍ය සායන හරහා බොහෝ දුරට ඒවා ලබා ගත හැකිය.
Monkeypox එන්නත
මෙම එන්නත monkeypox වයිරසය සම්ප්‍රේෂණය වීම වැලැක්වීමට හෝ වයිරසයට පසුව නිරාවරණය වුවහොත් ඊට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කළ හැකි අතර එමඟින් මිනිසුන්ට වයිරසයට නිරාවරණය වීමෙන් පසු යම් ආරක්ෂාවක් ලබා ගත හැකිය.
Monkeypox එන්නත ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව තුළ සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳ මාර්ගෝපදේශ, ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම (ATAGI) විසින් සකස් කර ඇත.
ATAGI ට අනුව සමීප සහකරුවන් සහ වයිරසය ඇති බවට තහවුරු වූ හෝ ආසාදිත පුද්ගලයෙකු සමඟ සමීප ශාරීරික සම්බන්ධතා පැවැත්වූ අයෙකු සමඟ ජීවත් වන අය monkeypox එන්නත පළමුවෙන්ම ලබාගත හැකි අය අතර වේ.
ඕස්ට්‍රේලියාවේ දැනට පැතිර යන monkeypox වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇති අයගෙන් 98% ක් සමලිංගික හෝ ද්වීලිංගික පිරිමින් වන බැවින්, මෙම කණ්ඩායම් monkeypox උවදුරට නිරාවරණය වීමේ වැඩි අවදානමක් ඇති බව වටහාගෙන ඇති අතර monkeypox එන්නත් ලබා දීමේදී ද ඔවුන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.———————————————————————————
ඔස්ට්‍රේලියාවේ monkeypox රෝග වාර්තා වන ප්‍රමාණය
ඔස්ට්‍රේලියාවේ දැනට monkeypox ආසාදිතයින් 60ක් පමණ සිටින අතර ඉන් 33ක් NSW ප්‍රාන්තයේ සහ 22ක් වික්ටෝරියා ප්‍රාන්තයේ සිටී.
මේ අතර monkeypox එන්නත ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි අතර බෙදා හරින ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වන විට සපයා නැත.
නමුත්, ඇනවුම් කර ලැබෙන පළමු එන්නත් මාත්‍රා තොගයෙන් 5,500 ක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ලබාදීමට සූදානමක් ඇති බව වාර්තා වේ.
Monkeypox රෝගයට එන්නතක් ඔස්ට්‍රේලියාව තුළ නැතිද?
Monkeypox රෝගයෙන් ආරක්ෂා වන වසූරිය එන්නතක් (ACAM2000) දැනටමත් ඔස්ට්‍රේලියාවේ තිබේ.
නමුත් එහි දුර්ලභ නමුත් බරපතල අතුරු ආබාධ නිසා එය මහා පරිමාණයේ එන්නත් වැඩසටහන් සඳහා නිර්දේශ කර නොතිබුණි.
එමෙන්ම ACAM2000 හි සජීවී වයිරසය භාවිතා කිරීම ප්‍රතිශක්ති ඌනතාවයෙන් පෙළෙන අයගේ අවදානම වැඩි කරයි.

Australia has secured access to 450,000 doses of the 'third generation' monkeypox vaccine. Source: Getty / SyhinStas
මෙය සමලිංගික රෝගයක්ද?
Monkeypox වයිරසය වටා අපකීර්තියක් පමණක් නොව, සමලිංගික ප්‍රජාව තුළ එය පැතිරීම ද ඇතැමුන්ට මාතෘකාවක් විය හැකි බව ACON Health හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනි Karen Price පැවසුවාය.
“අපි වැඩිය නොදන්නා වයිරසයක් තියෙනවා, ඒකට සමේ තුවාල ඇතිවෙනවා, යම්තාක් දුරකට ඒක පැතිරෙනවා. ඒ වගේම ලිංගික සම්බන්ධකම් හරහා වයිරසය සම්ප්‍රේෂණය වී තිබෙනවා,” යනුවෙන් ඇය පැවසුවාය.
මෙම වයිරසයේ විද්‍යාත්මක නාමය භාවිතා කිරීමට මාරුවීම වයිරසය වටා ඇති අපකීර්තිය අවම කර ගත හැකි බව Karen Price යෝජනා කළාය.
"මෙය සමලිංගික රෝගයක් නොවේ, ඕනෑම කෙනෙකුට මෙය වැළඳිය හැකියි.ACON Health හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනි Karen Price
"
Monkeypox යනු තරමක් භයානක නමක් බවත් එය අසහනකාරී ලෙස පෙනෙන බවත් ඇය පැහැදිලි කළාය.
ඇතැම්විට Monkeypox යන වචනයෙන් මෙය MPX හෝ MPX-V ලෙස මාරු කිරීමෙන් ඒ තත්ත්වය මගහරවාගත හැකි වනු ඇතැයි ද ඇය යෝජනා කළාය.