ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක සහ අවිශ්වාසම රැකියා මෙන්න (SBS සිංහල/ වාර්තා)

2022 ආචාරධර්ම දර්ශකයට අනුව විශ්වාසනීය වෘත්තීන් පිළිබඳ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ හෙදියන් වන අතර පසුව ගිනි නිවන භටයින් සහ පරිපූරක වෛද්‍යවරුන් වේ.

NSW Premier Dominic Perrottet, a real estate agent putting a sold sticker on a for sale sign, and a nurse in PPE

Only one of these occupations tops the list of trusted occupations in Australia. Source: AAP

නවතම Ethics Index හෙවත් ආචාරධර්ම දර්ශකයට අනුව, ප්‍රාන්ත දේශපාලනඥයන් ෆෙඩරල් දේශපාලනඥයන්ට සහ දේපළ වෙළඳාම් නියෝජිතයින්ට වඩා විශ්වාසදායක බැවින් අඩු බව හෙළිවී තිබේ.

2022 ආචාරධර්ම දර්ශකයට අනුව විශ්වාසනීය වෘත්තීන් පිළිබඳ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ හෙදියන් වන අතර පසුව ගිනි නිවන භටයින් සහ පරිපූරක වෛද්‍යවරුන් වේ.


ඔස්ට්‍රේලියාවේ පාලන ආයතනය විසින් සම්පාදනය කරන ලද තොරතුරු වලට අනුව මෙම වාර්ෂික සමීක්ෂණය මගින් හෙළිවී ඇත්තේ මෙවර සමස්ත ලකුණු ප්‍රමාණය 42 ක් බවත් එය පසුගිය වසරේ ලකුණු 45 ක් වූ බවත්ය.

2020 වසරේදී එම අගය ලකුණු 52 ක් වැනි ඉහළම අගයක් ගත්තේය.

සමාජ මාධ්‍ය දැවැන්තයකු වන TikTok වෙත මෙවර -32 ක ලකුණු අගයක් ලැබී ඇති අතර එය අවම සදාචාරාත්මක සංවිධානයක් ලෙස සැලකේ.

Facebook ආයතනයට මෙවර -28 ක ලකුණු අගයක් ලැබී තිබේ.

ජනමාධ්‍ය වෙත -15 ක්ද විශාල සමාගම් වෙත -3 ක්ද සම්පත් සපයන සමාගම් වෙත -1 ක්ද ලෙස මෙවර ලකුණු ලැබී තිබේ.

ඔස්ට්‍රේලියාවේ විශ්වාසනීය අතින් ඉහළම වෘත්තීන් ලැයිස්තුව

A table of the most trustworthy jobs in Australia
Frontline workers are among the most trusted in Australia. Credit: SBS

පැහැදිලි කඩා වැටීමක්

විශ්වාසය සහ ආචාර ධර්මවල පැහැදිලි පහත වැටීමක් අපි දැන් දකින බව ආයතන ප්‍රධානී Megan Motto පැවසුවාය.

මේ මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයට පෙර වික්ටෝරියා ප්‍රාන්තයේ ඡන්ද ප්‍රචාරකයින්ට සහ මාර්තු මාසයේ ඡන්ද පොළට යන NSW හි ඡන්ද ප්‍රචාරකයින්ට අයහපත් ආරංචියක් තිබේ.

ප්‍රාන්ත දේශපාලනය විශ්වාසය සහ ආචාර ධර්ම අතින් පහළම රැකියාව වූ අතර ලැබුණු ශුද්ධ ලකුණු ප්‍රමාණය -22 කි.

එය 2021 දී -10 ක් විය.

LISTEN TO
SINHALA INT VIC ELECTION FEATURE 15/11 image

2022 වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පත්වන අලුත් ආණ්ඩුවෙන් ශ්‍රී ලාංකේය ප්‍රජාව අපේක්ෂා කරන්නේ මොනවාද?

SBS Sinhala

11:32

කොවිඩ් වසංගතයේ ආරම්භයේ දී “අපි සියල්ලෝම එකට සිටිමු” යන ප්‍රබල හැඟීම නිසා සෞඛ්‍ය අංශ ගැන විශ්වාසය ඉහළ ගිය බව Megan Motto පැවසුවාය.

ඔස්ට්‍රේලියානුවන් රජයන් සහ වෛද්‍ය වෘත්තිය කෙරෙහි විශ්වාසය තැබූ අතර ඔවුහු බොහෝ දුරට ප්‍රතිලාභ ලැබූහ.

"නමුත් එතැන් සිට අපි ලිහිල් වීමක් දුටුවා, අපි ටිකක් අඩු විශ්වාසයක් දුටුවා, වඩා නරුම සහ වඩා බෙදී ඇති බවක් පෙනුනා." ඇය පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ විශ්වාසනීය අතින් පහළම වෘත්තීන් ලැයිස්තුව

A table of the least trustworthy jobs in Australia
In bad news for state politicians, they top the list of least trustworthy jobs. Credit: SBS
දූෂණය, බදු ගෙවීම පහර හැරීම සහ නොහොබිනා ප්‍රචාරණය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රමුඛ අවධානයක් යොමු විය.

දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීමට ඉහළම සදාචාරාත්මක වගකීමක් ඇත්තේ ජනතාවට නොව ෆෙඩරල් රජයට සහ විශාල සමාගම්වලට බව Ipsos විසින් කරන ලද සමීක්ෂණයෙන් හෙළි විය.

COVID-19 සමඟ නිවාඩුවක් ගත කිරීම බොහෝ ඔස්ට්‍රේලියානුවන්ට සදාචාරාත්මක ප්‍රශ්නයක් මතු කළ බවද මෙහිදී හෙළිවිය.

Man walking through Sydney airport in PPE.
People wearing PPE arriving at Sydney Airport, as the Omicron variant of COVID-19 began to spread around the country. Source: AAP / James Gourley

යහපත් හැසිරීම් පිළිබඳ අපේක්ෂාවන් වර්ධනය වෙයි

යහපත් හැසිරීම් පිළිබඳ ඔස්ට්‍රෙලියානුවන්ගේ අපේක්ෂාවන් වර්ධනය වී තිබේ.

ආචාර ධර්ම අපේක්ෂා හිඟය එනම් යම් දෙයක් සදාචාරාත්මක විය යුතු ආකාරය සහ සිදුවන්නේ කුමක්ද යන අපේක්ෂාවන් අතර පරතරය මේ වසරේ -37 ක් වූ අතර පසුගිය වසරේදී එය -28 ක් විය.

LISTEN TO
sinhala_171122_AusVisaProcessing_Final.mp3 image

ඔස්ට්‍රේලියාවේ ගොඩගැසුණු වීසා අයදුම්පත් ගැන ආගමන ඇමති ලබාදුන් නවතම පණිවිඩය මෙන්න

SBS Sinhala

02:46

මෙම පරතරය වැඩි වන තරමට සමාජය අවශ්‍ය පරිදි යහපත් ආකාරයට ක්‍රියා නොකරන බවට වන අනතුරු ඇඟවීම් විශාල වන බව ද Megan Motto පැවසුවාය.

එළැඹෙන වසරේ ඔස්ට්‍රේලියාවට ප්‍රමුඛතම සදාචාරාත්මක අභියෝග තුන වන්නේ aged care ක්ෂේත්‍රයේ ගැටලුව විසඳීම, බිඳ වැටුණු සැපයුම් දාමයන් මත යැපීම අවම කිරීම සඳහා දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ දේශගුණික විපර්යාස මැඩලීම සඳහා සාධනීය පාරිසරික ක්‍රියාවන් සිදු කිරීම වේ.

Share
Published 18 November 2022 11:04am
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends