ඔස්ට්‍රේලියාවේ මෙන්ම ලෝකයේ අනෙක් රටවලද කොවිඩ් වයිරසය තවමත් පැතිරෙමින් පවතින නමුත් වසර දෙකකට ආසන්න කාලයක් වසා දැමූ ජාත්‍යන්තර දේශසීමා විවෘත කිරීම නිසා ඔස්ට්‍රේලියානුවාසීන්ට විදේශගත වීමට දැන් හැකියාව තිබේ.
නමුත් ලෝකයේ ඇතැම් කලාපවල Omicron කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය මෙන්ම දේශපාලන අස්ථාවරත්වය සමඟ මේ වන විට ඇතැම් ගමනාන්තයන් අනෙක් ඒවාට වඩා සංචාරය කිරීම අවදානම් සහිතය.
Highlights
- ඔස්ට්‍රේලියාවේ සිට ගමනාන්ත 150 කට වඩා වැඩි ගණනක් සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සංචාරක උපදෙස් ලබා දී තිබේ.
- එම උපදෙස්, මට්ටම් 4 කින් දක්වා තිබේ.
- ඉහළ උපදෙස් මට්ටමක් යනු ඔස්ට්‍රේලියාවේ සිට පැමිණෙන සාමාන්‍ය සංචාරකයින් සඳහා එම ගමනාන්තය ඉහළ අවදානමක් මතුකරන බවය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය රටවල් 177ක් සඳහා සංචාරක උපදේශන ලබාදෙමින් සිටියි.
ඒ අනුව ඒ සෑම රටකටම 1, 2, 3 හෝ 4 වැනි Smartraveller උපදෙස් මට්ටමක් පවරා ඇත.
ඉහළ උපදෙස් මට්ටමක් යනු ඔස්ට්‍රේලියාවේ සිට පැමිණෙන සාමාන්‍ය සංචාරකයින් සඳහා එම ගමනාන්තය ඉහළ අවදානමක් මතුකරන බවය.
මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
Smartraveller මට්ටම් යනු මොනවාද?
Smartraveller උපදෙස් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව විසින් සපයනු ලැබේ.
ඔස්ට්‍රේලියානු විදේශ දූත මණ්ඩල, සෞඛ්‍ය ආයතන, විදේශීය කොන්සල් හවුල්කරුවන්ගේ බුද්ධි තොරතුරු, මාධ්‍ය සහ සංචාරකයින්ගේ ප්‍රතිචාර ඇතුළු මූලාශ්‍ර රාශියකින් එයට තොරතුරු පැමිණේ.
ඒ ඒ මට්ටම්වල Smartraveller උපදෙස් පහත පරිදි වේ.
Level 1
ඔස්ට්‍රේලියාවේ විශාල නගරයකට සමාන ආරක්‍ෂක පරිසරයක් ලෙස විනිශ්චය කර ඇති බැවින් සාමාන්‍ය ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස උපදෙස් දෙනු ලැබේ.
Level 2
ඉහළ ලෙස ප්‍රවේශම් වීම සහ වත්මන් ආරක්‍ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ඔබ එම ස්ථානයට නොයා යුතු බව එයින් අදහස් නොවේ, නමුත් ඔබ යම් තොරතුරු සොයා බැලීමක් සිදුකර අමතර පූර්වාරක්ෂාවන් ගත යුතුය.
Level 3
මෙම මට්ටමට අයත්වන්නේ තරමක් බරපතල වන ස්ථානය. එනිසා තමාගේ සංචාරයේ අවශ්‍යතාවය පිළිබඳ නැවත සලකා බලන ලෙස මේ හරහා ඉල්ලා සිටියි. මෙම මට්ටමේ රටවල බරපතල සහ ජීවිතයට තර්ජනයක් විය හැකි අවදානම් පවතින අතර, එනිසා ඒවාට සංචාරය කරන අත්‍යවශ්‍ය නොවන ගමන් මඟ හැරිය යුතු බව මෙයින් උපදෙස් දෙයි.
Level 4
සංචාරය නොරන ලෙස මෙයින් උපදෙස් දෙයි.
මෙම මට්ටමේ රටවලට ගමන් කරන්නේ නම් සංචාරකයින් මරණයට පත්වීම, සිරගත කිරීම, පැහැරගෙන යාම හෝ බරපතල තුවාල සිදුවීමේ ඉහළ අවදානමක් ඇති බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් විනිශ්චය කර ඇති අතර, ඔස්ට්‍රේලියානුවන් දැනටමත් එම රටවල ඇත්නම් නම් ඉවත්ව යාම ගැන සලකා බැලිය යුතු අතර එසේ කිරීම ආරක්ෂිත බව අවධාරණය කරයි.
ඔබ සංචාරය කිරීමට අපේක්ෂා කරන රට සම්බන්ධව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලබා දී ඇති උපදෙස් පිළිබඳව දැනගැනීමට පහත රුපයේ අග කොටසේ ඇති ලැයිස්තුවෙන් අදාළ රට තෝරන්න.
ඔස්ට්‍රේලියාවෙන් පිටවී යළි ඇතුළු විය හැක්කේ කාටද?
ඔස්ට්‍රේලියාවේ දේශ සීමා යළි විවෘත කළද සෑම අයෙකුටම ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර නොලැබේ.
ඒ අනුව සංචාරක නිදහස් කිරීමකට අයදුම් නොකර ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටවී යළි ඇතුළු විය හැකිය.
එමෙන්ම ඇතැම් නිපුනතා සංක්‍රමණිකයින්ට මෙන්ම ජාත්‍යන්තර සිසුන්ට ද ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර ලැබේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
මේ අතර ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිලාභීන්ගේ සමීපතම පවුල් සමාජිකයින් සඳහා ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට සංචාරක නිදහස් කිරීමකට අයදුම් කළ යුතුවේ.
නමුත් බොහෝ තාවකාලික ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රලාභීන්ට තවමත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර නොමැත.
ජාත්‍යන්තර සංචාර පිළිබඳ නවතම තොරතුරු සඳහා, ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.