කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාව තුළ ව්‍යාප්තවීමත් සමඟ මෙම වසරේ අප්‍රේල් මාසයට යෙදී තිබූ සෞක්‍ය රක්ෂණ වාරිකයන්හි ඉහළ යාම තාවකාලිකව නැවතින. නමුත් මෙලෙස නැවතුනු සෞක්‍ය රක්ෂණ වාරිකයන්, එළඹෙන ඔක්තෝබර් මස 1මු වැනිදා සිට ඉහළ යාම සිදු වේ. එමගින් වාර්ෂිකව එක් පුද්ගලයකුට තම සෞක්‍ය රක්ෂණය සඳහා වාර්ෂිකව $35.36 ක් මුදලක් වැඩි වීම සිදුවන අතර පවුල් සඳහා තම රක්ෂණය අනුව $103.48 සහ ඊට වැඩ වැඩි මුදලක් ගෙවීමට සිදු වේ.
මෙලෙස වාරික වෙනස්කම් සිදුකරන සමාගම් පහත ආකාරයෙන් වෙයි.
HBF
HBF සමාගම 2020 වසරට නියමිත වාරික ඉහල දැමීම සම්පුර්ණයෙන්ම අවලංගු කොට තිබේ.
JobSeeker සහ JobKeeper දීමනා ලබන සුදුසුකම් ලත් සාමාජිකයින්ට අරමුදලේ සෞඛ්‍ය ආවරණ ආරක්ෂණ හරහා මාස නවයක් දක්වා වාරික සහන සඳහා ඉල්ලුම් කළ හැකිය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
HBF සමාගම විසින් Hardship Waiver සහනය ලබා දෙන අතර, එය මාසයකට වැඩි කාලයක් HBF සමඟ සිටි සාමාජිකයෙකුට ඔවුන්ගේ සෞඛ්‍ය ආවරණය මාස හයක් දක්වා අත්හිටුවීමට ඉඩ සලසයි.
NIB
රෝහල් ආවරණය ඇති සාමාජිකයින්ට පමණක් NIB හි සාමාන්‍ය වාරිකය සියයට 2.9 කින් වැඩි වේ. මේ අනුව බොහෝ සාමාජිකයින් ඔවුන්ගේ රක්ෂණය සඳහා සතියකට $3 කට වඩා අඩු මුදලක් පමණක් ගෙවීමට සිදු වේ.
"අමතර ආවරණ" පමණක් දරන්නන් සඳහා, මේ වසරේ වාරික වැඩි කිරීමක් සිදු නොවේ.
ඔබ දැනට JobSeeker සහ JobKeeper දීමනා ලබයි නම්,2020 ඔක්තෝබර් 1 සිට 2021 අප්‍රියෙල් 1 දක්වා ඔබේ වාරික වැඩි කිරීම අත්හැර දැමීම සඳහා ඔබට ඉල්ලුම් කළ හැකිය - නමුත් සුදුසුකම් ලත් සාමාජිකයින් 2020 ඔක්තෝබර් 15 ට පෙර මේ සඳහා ඉල්ලුම් කළ යුතුය.
MEDIBANK

Source: Pixabay
MEDIBANK සෞක්‍ය රක්ෂණය සඳහා වාරික සාමාන්‍යය 3.27% කින් ඉහල දැමේ.
JobSeeker සහ JobKeeper දීමනා ලබන MEDIBANK ගනුදෙනුකරුවන් හට මාස 6 ක් දක්වා වාරිකයෙන් සියයට 50 ක "නිදහස් කිරීමක්" ලබා ගත හැකි අතර එය $800 ක පමණ ඉතිරියකි.
කොරෝනා වෛරසය හේතුවෙන් Lockdown තත්වයක සිටින වික්ටෝරියනුවන් හට වෙනත් දුෂ්කරතා ප්‍රතිපත්ති වට්ටම් නොලැබෙන තෙක්, ඔවුන්ගේ වාරිකයෙන් සියයට 10 ක වට්ටමක් සඳහා මාස තුනක් සඳහා සුදුසුකම් ලැබිය හැකියි.
BUPA
BUPA සෞක්‍ය රක්ෂණය සඳහා වාරික සාමාන්‍යය 3.26% කින් ඉහල දැමේ.
JobSeeker සහ JobKeeper දීමනා ලබන ගනුදෙනුකරුවන් සඳහා වාරික වැඩි කිරීම තවත් මාස හයක කාලයක් සඳහා කල් දැමේ.
ඕස්ට්‍රේලියානු රජයේ සහාය නොමැති සෙසු සාමාජිකයින් හට මාස තුනක වාරික අත්හිටුවීමක් ද ඇතුළලුව මූල්‍ය දුෂ්කරතා සඳහා ඉල්ලුම් කළ හැකිය.
HCF
HCF සෞක්‍ය රක්ෂණය සඳහා වාරික සාමාන්‍යය 3.26% කින් ඉහල දැමේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
2020 මාර්තු 31 ට පෙර සිට HCF සෞක්‍ය රක්ෂණයක් පැවති සහ මේ වන විට රැකියා විරහිතව සිටින සාමාජිකයින් සඳහා වන වාරික, මාස 6 කාලයක් දක්වා ආවරණය කළ හැකි වේ.
2020 මාර්තු 31 ට පසු HCF සෞක්‍ය රක්ෂණයක් අරඹා ඇති සාමාජිකයින් සඳහා මාස 12ක කාලයක් සිටීමට සිදු වේ.
ඔබ සෞක්‍ය රක්ෂණය වෙනස් කල යුතුද?
තමාට දැනට පවතින සෞක්‍ය රක්ෂණ අවරණයන්ට සමාන ආවරණයන් ලබාදෙන, ලාභදායි රක්ෂණ සමාගමක් සමග සම්බන්ධ වුවහොත් වසරකට $700ක් පමණ ඉතිරි කල හැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රක්ෂණ විශේෂඥ Sophie Walsh පෙන්වා දී තිබේ.
සෞක්‍ය රක්ෂණ සමාගම් සිය වාරිකයන් ඉහළ දැමීමට පෙර, තම වාර්ෂික වාරිකය කලින් ගෙවීම සිදු කිරීම මගින් ද මුදල් ඉතිරි කල හැකි බව ඇය සඳහන් කර සිටී.
විශේෂයෙන්ම තමා හට අවශ්‍ය ප්‍රමාණයේ සෞක්‍ය ආවරණයක් ගැනීම මගින්ද අතිරේක මුදලක් ඉතිරි කරගැනීමට හැකිවන බව සඳහන් කරන රක්ෂණ විශේෂඥ Sophie Walsh පෙන්වා දෙන්නේ උදාහරණයක් ලෙස, සෞක්‍ය සම්පන්න තරුණ පද්ගලයකු "Gold Cover" වැනි ඉහල පෙලේ සෞක්‍ය රක්ෂණයක් සඳහා මුදල් ගෙවීම අනවශ්‍ය වන බවයි.
වාරික ප්‍රතිශතයේ වෙනස්කම් සිදුකරන සෙසු රක්ෂණ සමාගම්
AHM: 3.27% න් ඉහල දැමේ.
Australian Unity: 2.79 % න් ඉහල දැමේ.
Frank: 3.34 % න් ඉහල දැමේ.
GMHBA: 3.34 % න් ඉහල දැමේ.
HBF: 2021 මාර්තු 21 දින දක්වා වාරික ප්‍රතිශතය ඉහල දැමීමක් සිදු නොවේ.
AIA: වාරික ප්‍රතිශතය ඉහල දැමීමක් සිදු නොවේ.
Health.com.au: 2020 දෙසැම්බර් 31 දින දක්වා වාරික ප්‍රතිශතය ඉහල දැමීමක් සිදු නොවේ.
TUH: 2020 දෙසැම්බර් 31 දින දක්වා වාරික ප්‍රතිශතය ඉහල දැමීමක් සිදු නොවේ.
ACA Health Benefits Fund: 3.94% න් ඉහල දැමේ.
CBHS Corporate Health: 2.37% න් ඉහල දැමේ.
CBHS: 3.91% න් ඉහල දැමේ.
Hunter Health Insurance: 3.96% න් ඉහල දැමේ.
CUA: 3.99% න් ඉහල දැමේ.
Defence Health: 3.49% න් ඉහල දැමේ.
Doctors' Health Fund: 3.29% න් ඉහල දැමේ.
Health Care Insurance: 3.75% න් ඉහල දැමේ.
HIF: 5.58% න් ඉහල දැමේ.
Health Partners: 2.77% න් ඉහල දැමේ.
Latrobe Health Services: 3.49% න් ඉහල දැමේ.
Mildura Health Fund: 4.68% න් ඉහල දැමේ.
MyOwn Health Insurance: 5.63% න් ඉහල දැමේ.
Onemedifund: 2.99% න් ඉහල දැමේ.
Navy Health: 3.49% න් ඉහල දැමේ.
Nurses & Midwives Health: 3.74% න් ඉහල දැමේ.
Peoplecare: 3.48% න් ඉහල දැමේ.
Phoenix Health Fund: 3.10% න් ඉහල දැමේ.
Police Health: 3.14% න් ඉහල දැමේ.
Queensland Country Health Fund: 3.56% න් ඉහල දැමේ.
RT Health: 2.91% න් ඉහල දැමේ.
Reserve Bank Health Society: 3.08% න් ඉහල දැමේ.
St Luke's Health: 2.90% න් ඉහල දැමේ.
Teachers Health: 3.24% න් ඉහල දැමේ.
Transport Health: 2.59% න් ඉහල දැමේ.
Westfund Health Insurance: 4.32% න් ඉහල දැමේ.

Source: SBS News