ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපති ධුරයට පළමු වරට පත් වන කාන්තාව "ගමේ කෙල්ල" Michele Bullock

Philip Lowe ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුවේ ප්‍රධානියා ලෙස සිය තනතුරෙන් ඉවත් වන අතර ඔස්ට්‍රේලියාවේ මහ බැංකුවට නායකත්වය දෙන පළමු කාන්තාව ලෙස Michael Bullock පත් වනු ඇත.

A street with houses.

Reserve bank governor Michele Bullock said the bank is conscious of Australians doing it tough and noted that household consumption is very low. Source: AAP / Brendan Esposito

Key Points
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති ධූරයට Philip Lowe වෙනුවට Michael Bullock පත් කිරීමට නියමිතයි.
  • ඔස්ට්‍රේලියාවේ එම ධූරයට පත් වන පළමු කාන්තාව ලෙස ඇය ඉතිහාසගත වනු ඇත.
  • Bullock මහත්මිය 1985 දී ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ (RBA)හි රැකියාව ආරම්භ කළ අතර එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු ගණනාවක් දැරීය.
Michele Bullock තමන්ව විස්තර කරන්නේ වරක් නගරයට යෑමේ අදහස ගැන බියෙන් පසු වූ ගම්බද ගැහැණු ළමයෙකු ලෙසයි.

නමුත් එළඹෙන සැප්තැම්බර් 18 වැනිදා ඔස්ට්‍රේලියානු සංචිත බැංකුවේ (RBA) අධිපතිනිය ලෙස 'නගරයේ' විශාලතම රැකියාවක් භාර ගන්නා ඇය ඉතිහාසගත වනු ඇත.

බුලොක් මහත්මිය 1985 දී RBA හි සිය රැකියාව ආරම්භ කළ අතර ඇය විසින් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු ගණනාවක් හෙබවීය.

පසුගිය වසරේ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධූරයට පත්වීමෙන් නව මාවතකට පිවිසි ඇය මෙම ඔස්ට්‍රේලියාවේ මහ බැංකු අධිපති තනතුර හොබවන පළමු කාන්තාව වීමට නියමිතයි.

ඇය Alma mater මාධ්‍ය ආයතනය සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී, මහ බැංකුවේ වසර 40 කට ආසන්න ඇයගේ වෘත්තීය ජීවිතය බෙහෙවින් වෙනස් මාවතක් වූ ආකාරය ගැන ඇය පැවසුවාය.
වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයට යාමට වරම් ලැබූ එවකට 17 හැවිරිදි ඇය, ඒ සඳහා තමා කැපවී සිටින්නේදැයි හරියටම දැන සිටියේ නැත.

මේ අතර University of New England හි පරිපාලකවරයෙකු සහ දත්ත සකසන්නෙකු වූ ඇගේ පියා විසින්, ඇය පාසැලේදී කැමැත්තෙන් හැදෑරූ ආර්ථික විද්‍යා පාඨමාලාව ගැන මිනිසුන් සමඟ කතා කරන ලෙස ඇයට යෝජනා කළේය.

"ගමේ ගැහැණු ළමයෙකු වූ , මට විශාල වූ නගරයට යාමේ අදහස තරමක් භයානක එකක් බව දැනුණා. ඒ නිසා ගමේ ගෙදරම ඉන්න එක හොඳ විකල්පයක් විදියට මට පෙනුනා" බුලොක් පැවසීය.

එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව යෙදෙන සහ ප්‍රයෝජනවත් වන මාතෘකාවක් නිසා ඇයට ආර්ථික විද්‍යාව රසවත් බව පෙනී ගොස් තිබේ.

ඇයගේ රැකියාව රාජ්‍ය සේවා අංශයේ රැකියාවක් වීම ඇයගේ මුළු වෘත්තීය ජීවිතයම RBA හි ගත කිරීමට හේතු වූ බව ඇය පැවසුවාය.
මහ බැංකුවේදී විශාල පරාසයක වැඩ කටයුතු රැසක් සඳහා දායක වීමට ඇයට හැකියාව ලැබුණු අතර ඒ සියල්ලටම වඩා එම දායකත්වය මහජන යහපත සඳහා වීම ගැන ඇය සතුටට පත් වූවාය.

RBA හි අනෙකුත් කාන්තාවන්ට ආදර්ශයක් වන ලෙස සේවය කිරීම පිළිබඳවද ඇය දැඩි ලෙස අවධානයෙන් සිටි බව ද ඇය මෙහිදී පැවසුවාය.

සියල්ලන්ටම එකසේ දායක විය හැකි, සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නා සම මට්ටමේ රැකියා පරිසරයක් ඇති කිරීමට ඇයට අවශ්‍ය වන බව බුලොක් මහත්මිය පැවසීය.

එමගින් ඇයට රට ඔසවා තැබීමට හැකි වනු ඇතැයි ඇය විශ්වාස කරයි.

ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත සම්බන්ධයෙන් Michele Bullock විසින් Lowe ගේ ප්‍රතිපත්තිම අනුගමනය කරාවිද ?

බුලොක් මහත්මියට RBA හි ප්‍රතිසංස්කරණ මෙහෙයවීමේ අභියෝගාත්මක කාර්යය මෙන්ම රටේ උද්ධමනය නැවත ඉලක්කයට ගෙන ඒමේ නිමා නොවූ කාර්යය ද පැවරී තිබේ.

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය එහි උච්චතම අවස්ථාව පසුකර ඇත. නමුත් පසුගිය මැයි මාසයේදී වාර්ෂික පොලී අනුපාතය සියයට 5.6 ක අගයක වර්ධනය වෙමින් පැවති අතර එය ඉලක්කගත පරාසයට වඩා 2-3%ක බෙහෙවින් ඉහල අගයක් වේ.


ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ සියලුම වත්මන් රැස්වීම්වලට බුලොක් මහත්මිය සම්බන්ධ වී ඇති බැවින් , ණය ගැණුම්කරුවන්ට ඉදිරියේදී ද මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේ අඛණ්ඩ පැවැත්මක් ඇය වෙතින් අපේක්ෂා කළ හැකි බවට බොහෝ ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දේ.

බුලොක් මහත්මිය අද දක්වා සිදු කර ඇති කිසිදු සන්නිවේදනයකින් ඇයගේ අදහස් ඇයට පෙර සිටින මහ බැංකු අධිපතිවරයාග් අදහස්වලින් වෙනස් වනු ඇතැයි නොපෙනෙන බව UNSW Business School හි සහකාර මහාචාර්ය මාර්ක් හම්ෆ්‍රි-ජෙනර් පවසයි.

ඇය මහ බැංකුවේ පාලනය භාර ගන්නා අවස්ථාව වන විට ඔස්ට්‍රේලියානු ආර්ථිකය තුල දැඩි ක්‍රියාමාර්ග අවසන් වී ඇති බවත්, නව නායිකාව ලෙස ඇයගේ පළමු වැඩ පිළිවෙල වන්නේ පොලී අනුපාත අඩු කිරීමට පෙර කොපමණ කාලයක් එය ඉහළ මට්ටමක තබා ගත යුතුද යන්න තීරණය කිරීම වන බවත් මහාචාර්යවරයා විසින් Australian Associated Press වෙත පවසා තිබේ.
බුලොක් මහත්මිය මෙම ධූරය සඳහා හොඳම විකල්පය වන නමුත් යම් වෙනසක් ඇති කිරීමට නම් මෙම තනතුර සඳහා පිටස්තරයෙකු ගෙන ඒම සුදුසු බවට යම් තර්කයක් ඇතැයිද හිටපු භාණ්ඩාගාර නිලධාරිවරයෙකු මෙන්ම ආර්ථික විද්‍යාඥයෙකු වන ස්ටීවන් හැමිල්ටන් පැවසුවේය.

නමුත් කිසිවෙකු කලබල නොකර, යම් කිසි වෙනසක් කිරීමේ හැකියාව ඇති මහ බැංකුව තුළම සිටි කෙනෙක් එහි අධිපති ධූරයට පත් කිරීමට ගත් මෙම තීරණය රටේ අවිනිශ්චිත ආර්ථික පරිසරයට අනුව නිවැරදි තීරණයක් වන බව ඔහු ABC TV මාධ්‍ය වෙත වැඩිදුරටත් කියා සිටියේය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ සමාලෝචනය මගින් සංස්කෘතික හා පාලන වෙනස්කම් කිහිපයක් ඉල්ලා සිටි බවත,් වසර 40 ක් ආයතනයේ සිටි අයෙකු පත් කිරීම "නීත්‍යානුකූල ප්‍රශ්නයක්" මතු කළ බවත් හැමිල්ටන් මහතා වැඩිදුරටත් පැවසීය.

නමුත් 2022 මැයි මාසයේ සිට RBA විසින් සිදු කරන ලද, ඉහළ උද්ධමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාත වැඩි කිරීම සම්බන්ධයෙන් ආචාර්ය ලෝ විවේචනය නොකළ යුතු බවද ඔහු පැවසීය.

නව මහ බැංකු අධිපතිනිය ඇගේ පූර්වගාමියාට වඩා ප්‍රායෝගික කෙනෙකු වනු ඇතැයි National Australia බැංකුවේ ආර්ථික විද්‍යාඥයෙකු වන Ivan Colhoun විශ්වාස කරයි.

"ඉතා උසස් මට්ටමේ පුද්ගලයෙකු ලෙස, RBA හි සංස්කෘතික වෙනස්කම් සඳහා බොහෝ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඇය සුදුසු බව පෙනේ," යනුවෙන් ඔහු පැවසීය.

මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සඳහා වගකිව යුතු මහ බැංකු ශාඛාවේ බුලොක් මහත්මියගේ කාර්‍යභාරය සැලකීමේදී පොලී අනුපාත තියුණු ලෙස ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියානු පවුල් මුහුණ දෙන අවදානම් ගැන ඇය වඩාත් අවධානයෙන් කටයුතු කරනු ඇතැයි සිතිය හැකි බව Colhoun මහතා වැඩිදුරටත් පැවසීය.

Philip Lowe විසින් මහ බැංකු අධිපති ලෙස තව කොපමණ කාලයක් සේවය කරාවිද ?

බුලොක් මහත්මිය විසින් එළඹෙන සැප්තැම්බර් 18 වැනිදා සිට වසර හතක කාලයක් සඳහා RBA හි නවවැනි අධිපතිනිය ලෙස කටයුතු කරනු ඇත.

මීට පෙර සිටි මහ බැංකු අධිපතිවරුන් අට දෙනාගෙන් පස් දෙනෙකුම සේවය කර ඇත්තේ එක් වාරයක් පමණි.
Close up of Philip Lowe against a black backdrop
Philip Lowe will not be reappointed as governor of the Reserve Bank of Australia. Source: AAP / Darren England
ඔස්ට්‍රේලියාවේ කැළඹිලි සහිත කොවිඩ් වසංගත කාලපරිච්ඡේදය පුරාම සංචිත බැංකුවේ නියමුවා වූ Philip Lowe ගේ නායකත්වය පරීක්ෂාවට ලක්වූයේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වන අවධියකදීය.

වේගයෙන් ඉහළ යන උද්ධමනයට ප්‍රතිචාර වශයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් බොහෝ කලකට පෙර සිට පොලී අනුපාත ඉහළ දැමීය.

ඉන් පසු 2024 දක්වා පොලී අනුපාත අඩු මට්ටමක පවතිනු ඇතැයි Philip Lowe විසින් සිදු කළ අනාවැකිය විවේචනයට ලක් විය.

ඔහුගේ මගපෙන්වීම යටතේ ඇති අනතුරු ඇඟවීම් ප්‍රමාණවත් ලෙස සන්නිවේදනය නොකිරීම ගැන පසුව ඔහු සමාව ඉල්ලා සිටියේය.

Anthony Albanese, Michele Bullock and Jim Chalmers sitting in chairs talking.
On Friday, Prime Minister Anthony Albanese and Treasurer Jim Chalmers announced Michele Bullock would take on the role of RBA Governor in September. Source: Supplied / Prime Minister's Office
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික විසින් විශිෂ්ට ගණයේ පත්වීමක් සිදු කර ඇති බවත් Bullock යටතේ ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවට ඉතා හොඳ නායකත්වයක් ලැබෙනු ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් Michele Bullock වෙත සුබ පතන Philip Lowe පවසයි.


උද්ධමන අභියෝගය සමඟ දැනටමත් කටයුතු කරන එමෙන්ම RBA හි සමාලෝචනයේ නිර්දේශ ක්‍රියාත්මක කරන හොද නායකත්වයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවට ලැබී ඇත.

Share
Published 14 July 2023 7:06pm
Updated 14 July 2023 7:25pm
By Athini Amarasiri, AAP-SBS
Source: SBS, AAP


Share this with family and friends