Highlights:
- Welcome to Country චාරිත්‍ර විවිධ ආකාරයෙන් වෙනස් වේ
- යම් ප්‍රදේශ වල සම්ප්‍රදායික භාරකරුවන්ට පමණක් Welcome to Country චාරිත්‍ර සිදු කල හැක
- තමන්ගේ හඬින් Welcome to Country චාරිත්‍ර සිදු කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ සම්පත් පවතී
ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් උත්සවයක් ආරම්භයේදී දේශනයක්, නැටුමක් හෝ දුම් ආශ්රිත අංගයක් ඔස්සේ Welcome to Country චාරිත්‍ර සිදු කරයි. පිළිගැනීමේ චාරිත්‍ර සිදු කරනු ලබන්නේ උත්සවය පැවැත්වෙන භූමියේ සම්ප්‍රදායික භාරකරුවන් විසිනි.
Welcome යන්නෙහි තේරුම
"රටට සාදරයෙන් පිළිගනිමු" යනු අධ්‍යාත්මික ආරක්ෂාව සහතික කිරීම වන බව කැන්බරා ප්‍රදේශයේ න්ගුන්නාවල් (Ngunnawal) වැඩිහිටියෙකු වන Jude Barlow පවසයි.
Jude පවසන්නේ මෙහිදී ඔබ ඔබේ අධ්‍යාත්මික මුතුන් මිත්තන් සමඟ කතා කිරීම සිදු කරන බවයි. මෙහිදී ‘මේ පුද්ගලයාට ඒ හරහා යාමට ඉඩ දෙන්න. ඔවුන් මේ රටට කිසිදු හානියක් නොකරනු ඇතැයි අපි විශ්වාස කරමු, එබැවින් ඔවුන්ට හානියක් නොකරන්න, වශයෙන් මුතුන් මිත්තන්ට පවසන බවත් Jude පෙන්වා දෙයි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
එමෙන්ම තමන් වෙනත් පළමු ජාතීන්ගේ රටකට යන විට, තමන්ව පිළිගැනීමට ලක්වීම බලාපොරොත්තු වන අතර, ඒ ඔස්සේ සෙසු ආත්ම වලට තමන් එම ප්‍රදේශයේ සිටීම පිලිබඳව ගැටලුවක් නොමැති බව හැඟෙන බවත් Jude සඳහන් කරයි.
Country යන්නෙහි තේරුම
'රට' යන යෙදුම සංකීර්ණ අදහස් කිහිපයක් නියෝජනය කරයි. එය ගොඩබිම, ජල මාර්ග සහ අහස සඳහන් කිරීමට භාවිතා කරන අතරම එය ජීවිතය, පවුල සහ සම්බන්ධතාවයන් පිළිබඳ අදහස් කරන බවත් Jude පවසයි.
තමන් රටේ සිටීම තමන්ට ශක්තියක් වශයෙන් දැනෙන අතර තමන් රට තුල නොමැති විට තම ජීවිතයේ යම් දෙයක් නැති වී යන බවට හැඟෙන බවත් Jude සඳහන් කරයි.
ඕනෑම අයෙකුට Welcome to Country චාරිත්‍ර සිදු කල හැකිද?
මෙම පිළිගැනීම සිදු කරනු ලබන්නේ ඔබ හමුවන භූමියේ සම්ප්‍රදායික භාරකරුවන් මගින් පමණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවේ ගුන්නායි (Gunnai) සහ මොනාරෝ (Monaro) පුද්ගලයකු වන සම්ප්‍රදායික හිමිකරු සංස්ථා සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි Paul Paton පෙන්වා දෙන්නේ බොහෝ විට භාරකරුවන් නිශ්චිත ප්‍රදේශයක් සඳහා සම්ප්‍රදායික හිමිකරු කණ්ඩායමක් ලෙස විධිමත් ලෙස පිළිගෙන ඇති බවයි.

Welcome to Country performed at Big Bash League, Perth Source: Paul Kane/Getty Images
එමෙන්ම "සාම්ප්‍රදායික අයිතිකරුවන්" යම් ස්ථානයකට හෝ රටකට සම්බන්ධ වී ඇති අතර එම ඉඩම් සඳහා හෝ එම සංස්කෘතිය සම්බන්ධයෙන් - පරම්පරා දහස් ගණනක කල්පවත්නා සම්බන්ධතාවයට ගරු කිරීම වැදගත් වන බවත් Paul සඳහන් කරයි.
ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල සම්ප්‍රදායික භාරකරුවන් හොඳින් හඳුනන අතර ඇතැම් ප්‍රදේශ වල, භාරකරුවන් හඳුනා ගැනීම සඳහා යම් පර්යේෂණ අවශ්‍ය වේ.
රජයේ ආයතනවලට සහ ප්‍රාදේශීය සභාවලට, බොහෝ විට සාමාන්‍ය පුද්ගලයින්ව සම්ප්‍රදායික හිමිකරුවන් සමඟ සම්බන්ධ කිරීමට හැකියාවක් තිබේ.
ඔබේ ප්‍රදේශයේ "ස්වදේශික ඉඩම් කවුන්සිලය" හෝ "ස්වදේශික සෞඛ්‍ය සංවිධානය" සම්බන්ධ කර ගැනීමෙන් ඔබට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකියාවද පවතී.

Welcome to Country performed before Super Netball, Melbourne 2022 Source: AAP Image/James Ross
Acknowledgement of Country යනු
Acknowledgement of Country ද ඕස්ට්‍රේලියාවේ රැස්වීම් සහ උත්සව ආරම්භයේදී ස්වදේශිකයින් හට ගෞරව දැක්වීම සඳහා සිදු කරයි. නමුත් ඕස්ට්‍රේලියාවේ සම්ප්‍රදායික භාරකරුවෙකු විසින් මෙය සිදු කිරීමට අවශ්‍ය නොවීම මෙහි ඇති වෙනස්කමයි.
SBS හි ස්වදේශික වැඩිහිටියකු වන Rhoda Roberts පෙන්වා දෙන්නේ යම් පුද්ගලයකු කොතැනක සිට පැමිණියද, කළු හෝ සුදු ජාතිකයකු වුවද Acknowledgement of Country සිදු කල හැකි බවයි.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
ඔබ වෙනත් ස්ථානයක මේ වනවිට ජීවත් වන අතර කෙසේ නමුත් ඔබ ස්වදේශික වැඩිහිටියන් හට සහ භාරකරුවන්ට ගරු කිරීම පිළිගන්නා බව මෙමගින් පොරොන්දු වන බවත් Rhoda පෙන්වා දෙයි.
Acknowledgement නොහොත් පිළිගැනීමක් එකක් සකස් කිරීම
Acknowledgement නොහොත් පිළිගැනීමක් සඳහා නිශ්චිත වචන නොමැති අතර, අභිප්‍රාය සහ අවංකභාවය ප්‍රධාන වේ. මෙය ඒ වනවිට පවතින පිටපතක් භාවිත කිරීමට වඩා හදවතින් කතා කිරීමට වන අවස්ථාවකි.
ඔබගේ Acknowledgement එක සකස් කිරීම සඳහා ඔබට උපකාර කිරීමට සබැඳි සම්පත් පවතී.
එමෙන්ම මෙය අවසාන මොහොතේ සඳහන් කිරීමට දෙයක් නොවන අතර එය ගෞරවයේ සලකුණක් වේ.
සම්ප්‍රදායික භාරකරුවන් විධිමත් ලෙස හඳුනාගෙන තිබේ නම්, ඔවුන් නම් කිරීම සිදු කල යුතු අතර පැරණි, වර්තමාන මෙන්ම නැගී එන වැඩිහිටියන්ට ගරු කිරීමද වැදගත් වේ.

Acknowledgement of Country given by Aunty Yvonne Weldon during the First Nations Fashion + Design show, Sydney 2022 Source: Stefan Gosatti/Getty Images
Paul සඳහන් කරන්නේ සාම්ප්‍රදායික හිමිකරුවන් සම්බන්ධයෙන් අපැහැදිලි නම්, 'සාම්ප්‍රදායික හිමිකරුවන්' සඳහා වඩාත් පොදුවේ පිළිගැනීමක් ලබා දීම නුවණට හුරු බවයි.
එමෙන්ම අවසන් වශයෙන් Paul අවධාරණය කොට සිටින්නේ එය තරඟකාරී රටක් නම්, එයද පිළිගත යුතු දෙයක් වන බවයි.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න