ඕස්ට්‍රේලියාවේ "සත්ව සුබසාධනය" සම්බන්ධයෙන් තිබෙන නීති ගැන SBS සිංහල වෙතින්

ඕස්ට්‍රේලියාවේ සියලුම සතුන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීම නිවැරදි දෙයක් පමණක් නොව එය නීතිමය අවශ්‍යතාවයක් වශයෙන් සැලකේ

woman holding chicken

w่oman holding chicken Source: Getty / Getty Images/Mint Images

Key Points
  • ඕස්ට්‍රේලියාවේ සතුන්, ප්‍රාන්ත සහටෙරිටරි නීති මගින් ආරක්ෂා කොට තිබේ
  • සතුන් නොසලකා හැරීම සහ අතහැර දැමීම, සාපරාධී වරදක් වශයෙන් සැලකේ
  • මේ සඳහා දඬුවම්ව වශයෙන් දඩ සහ සිර දඬුවම් ද ඇතුළත් වේ
  • දේශීය සතුන් සඳහා විශේෂ ආරක්ෂාවක් පවතී

සතුන් රැකබලා ගැනීම නීතිමය වශයෙන් වැදගත් වේ

ඕස්ට්‍රේලියාව යනු, සත්ව ලෝලීන්ගෙන් පිරි රටකි, ලොව ඉහළම සුරතල් සතුන් හිමිකාරීත්ව අනුපාතයක්ද ඕස්ට්‍රේලියාවේ පවතී. එමෙන්ම ඔස්ට්‍රේලියාව අද්විතීය දේශීය වන ජීවීන්ගේ නිවහනක් වශයෙන්ද සැලකේ.

ඕස්ට්‍රේලියාවේ සත්ව සුභසාධන නීති ප්‍රාන්ත සහ ටෙරිටරි මගින් නියාමනය කරනු ලබන විවිධ සත්ව සුභසාධන පනත් යටතේ පවතී.

වශයෙන් හැඳින්වෙන, ඕස්ට්‍රේලියාවේ "සතුන්ට හිරිහැර කිරීම වැළැක්වීමේ රාජකීය සංගමයේ" සතුන් සඳහා වන ජ්‍යෙෂ්ඨ විද්‍යා නිලධාරි ආචාර්ය Sarah Zito පවසන්නේ ඕස්ට්‍රේලියාවේ බොහෝ අධිකරණ බලප්‍රදේශ වලට අමතරව සත්ව සුභසාධන නීති පවතින බවයි.

මේ හේතුවෙන් අයිතිකරුවන්ට සතුන්ගේ රැකවරණය පිළිබඳ වගකීමක් පවතී. සත්වයාට සුදුසු ආහාර සහ ජලය ඇති බවටත්, ඔවුන්ට සුදුසු ජීවන තත්වයන් ඇති බවටත්, සත්වයාට සිදුවන ඕනෑම හානියක් වළක්වා ගැනීමට හෝ අවම කිරීමටත් වගකිව යුතු පුද්ගලයා සහතික විය යුතු බව මින් අදහස් වන බව ආචාර්ය Sarah Zito පෙන්වා දෙයි.

එමෙන්ම නීත්‍යානුකුලව, සත්ව හිමිකරුවන් ඉක්මන් සහ සුදුසු පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කල යුතු අතර, සත්වයාට ස්වභාවික චර්යාවන් ප්‍රකාශ කළ හැකි බවත් ඒ ඒ සත්ව විශේෂයට උචිත ආකාරයට ඔවුන් හසුරුවන බවත් අයිතිකරුවන් සහතික කළ යුතු වේ.

සත්ව හිමිකරුවන්, සතුන් භාරව කටයුතු කරන පිරිස හෝ සතුන් අභිජනනය සිදු කරන මධ්‍යස්ථානයක හිමිකරුවන් මේ සඳහා ඇතුලත් වේ.

මේ අනුව තමන් භාරයේ සිටින සතෙකු නොසලකා හැරීම හෝ අතහැර දැමීම ඔස්ට්‍රේලියාව තුල බරපතල වරදක් වශයෙන් සැලකේ.
Puppies in cage
Source: Getty / Getty Images/John McKeen

බලු පැටවුන් සහ පූස් පැටවුන් සම්බන්ධයෙන් වන ගොවිපලවල්

Puppy and kitten farms වශයෙන් හැඳින්වෙන බලු පැටවුන් සහ පූස් පැටවුන් සම්බන්ධයෙන් වන ගොවිපල යනු, විවිධ සැකසුම් වල සතුන් අභිජනනය කිරීමෙන් අනතුරුව ලාභ සඳහා අලෙවි කරන ව්‍යාපාර වේ.

කෙසේ නමුත් flat-faced dogs විශේෂ ලෙස ප්‍රසිද්ධ, විවිධ සුවිශේෂී ලක්ෂණ සහිත බලු පැටවුන් බොහෝ විට ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳී.

මෙවැනි මධ්‍යස්ථාන ඕස්ට්‍රේලියාවේ තහනම් කර ඇති බව බොහෝ දෙනකු සිතුවද සතුන් අභිජනනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත හැක.

වශයෙන් හැඳින්වෙන People for the Ethical Treatment of Animals Australia හි ප්‍රකාශිකා Laura Weyman-Jones පවසන්නේ ඇතැම් ප්‍රාන්ත වල නීති වලට අනුව තනි පරිශ්‍රයක ඇති කළ හැකි සතුන් සංඛ්‍යාව සීමා කොට ඇති බවයි.

මේ නීති සම්බන්ධයෙන් මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තය ඉදිරියෙන් සිටී.

Rescue centres වශයෙන් හැඳින්වෙන මධ්‍යස්ථාන වලින් සතුන් ලබාගැනීම වඩා හොඳ බවත් Laura පවසයි.

දේශීය සතුන්ට අයිතිවාසිකම් තිබේද?

සත්ව ආරක්ෂක කාර්යාලයේ ස්වේච්ඡා විදුහල්පති සොලිසිටර් Tara Ward පෙන්වා දෙන්නේ වන සතුන් සහ ඕස්ට්‍රේලියානු දේශීය සතුන් සමඟ අන්තර් ක්‍රියා කළ හැකි ආකාරය රජය නියාමනය කරන බවයි.

එය, සියලුම සතුන්ට අදාළ වන සාමාන්‍ය සත්ව සුභසාධන නීතිවලට අමතරව සිදු වේ.

රජයෙන් නිකුත් කරන ලද බලපත්‍රයක් නොමැති නම් බොහෝ දේශීය සතුන් රැගෙන යාම හෝ සතුන්ට හානි කිරීම සාපරාධී වරදක් වශයෙන් ඕස්ට්‍රේලියාවේ සැලකෙන අතර Tara පවසන්නේ ඇතැම් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ සඳහා අමතර ආරක්ෂණ ක්‍රියාමාර්ග පවතින බවයි.
Injured wallaby
Injured wallaby at a wildlife hospital Source: Getty / James D. Morgan/Getty Images

දේශීය සතුන් සුරතල් සතුන් ලෙස තබා ගත හැකිද?

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ ආරක්ෂා කිරීමට සහ සුභසාධනය සැලකිල්ලට ගනිමින් දේශීය සතෙකු රැගෙන සුරතල් සතෙකු ලෙස තබා ගැනීමට ඕස්ට්‍රේලියාව තුල අවසර හිමි නොවේ. මිනිසුන් එවැනි සතුන්ව හැසිරවීමෙන් වන සතුන් ආතතියට පත් විය හැකි වීම මීට ප්‍රධානතම හේතුවයි.

කෙසේ නමුත්, , ඔබ බලපත්‍රයක් ලබා ගන්නේ නම්, ඔබට දේශීය සතුන් සුරතල් සතුන් ලෙස තබා ගත හැකි අතර ඇතැම් කුරුල්ලන් සඳහා සහ කටුස්සන් සඳහා බලපත්‍රයක් අවශ්‍ය නොවේ.

ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල නීති මගින් තුවාල වූ දේශීය සතෙකු පශු වෛද්‍යවරයකු හෝ වනජීවී භාරකරුවෙකු වෙත ගෙන යාම අනුමත කරයි.

දඬුවම් මොනවාද?

මෙම නීති ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වන්නා සේම හිතාමතා සතුන්ට සිදු කරන කුරිරු ක්‍රියා සහ නොසැලකිලිමත් ක්‍රියා යන දේ සඳහා පවතී.

මේ අනුව ඕස්ට්‍රේලියාවේ සත්ත්ව සුබසාධනය සහ සත්ව හිංසනය වැලැක්වීමේ පනත යටතේ, වසර හතක් දක්වා සිර දඬුවම් නියම කළ හැක.

එමෙන්ම 'උග්‍ර සත්ව හිංසනය' වශයෙන් හැඳින්වෙන තත්වයක් සඳහා වන දඩ මුදල ඩොලර් 200,000 ක් හෝ ඩොලර් මිලියනයකට වඩා වැඩි විය හැක.

ඕස්ට්‍රේලියාවේ සිදු වන "සත්ව හිංසනයක්" වාර්තා කිරීම

නොසලකා හැරීම හෝ අතහැර දැමීම ඇතුළුව කිසියම් සතෙකුට හානි කරන අයෙකු ඔබ දුටුවහොත්, ඒ සම්බන්ධයෙන් වන අදාළ අධිකාරිය ඇමතීම වැදගත් වේ. බොහෝ අවස්ථාවන්හීදී මෙය එක් එක් ප්‍රාන්ත හෝ ටෙරිටරි වල පවතින ආයතනය වේ.

ඔබගේ විස්තර රහසිගතව පවතී.

දැඩි උණුසුම් දිනයක මෝටර් රථයක් තුල සතකු දමා ගොස් ඇති අවස්ථාවක සහ එම මෝටර් රථය අගුලු දමා ඇති විට ඒ සම්බන්ධයෙන් පොලිසියට ඇමතුමක් දීම සිදු කල යුතු වේ.

අසනීප, තුවාල වූ හෝ අනාථ වූ දේශීය සතුන් දුටුව හොත් 1300 596 457 අංකයෙන් ඕස්ට්‍රේලියාවේ පැය 24 පුරා ක්‍රියාත්මක Wildlife Rescue Australia අමතන්න

තුල ඔස්ට්‍රේලියාව පුරා සත්ව සුබසාධන නීති සහ ඒ සම්බන්ධයෙන් වන සම්පත් ලැයිස්තුගත කොට තිබේ.

_______________________________________________________________________________________________


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


_______________________________________________________________________________________________



SBS සිංහලගුවන් විදුලි සේවය,


සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට


SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර



  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 9 October 2022 2:07pm
By Melissa Compagnoni, Nipuna Dodangoda


Share this with family and friends