නත්තල් නිවාඩුවට සිඩ්නි සහ මෙල්බර්න් වාසීන්ට බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංචාරයට මං සැලසෙන ලකුණු : ප්‍රාන්ත දේශ සීමා විවෘත වන්නේ මෙසේයි (SBS සිංහල / වාර්තා)

Western Australia Premier Mark McGowan has confirmed his state will reopen its borders to Victoria and NSW on Tuesday.

Western Australia Premier Mark McGowan has confirmed his state will reopen its borders to Victoria and NSW on Tuesday. Source: AAP

බටහිර ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය Mark McGowan මෙම දේශසීමා විවෘත කිරීම නිවේදනය කොට තිබේ. මාස 9ක පමණ කාලයක් තිස්සේ මෙම ප්‍රාන්ත සහ බටහිර ඕස්ට්‍රේලියා දේශසීමා අතර දැඩි නීති පැවති අතර මේ අනුව මින් ඉදිරියට නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත වැසියන් බටහිර ඕස්ට්‍රේලියාවට අතුලුවීමේදී අනිවාර්ය දින 14ක නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතු නොවේ.

මේ අනුව දකුණු ඔස්ට්‍රේලියාවට හැර සෙසු සියලුම ප්‍රාන්ත සඳහා බටහිර ඕස්ට්‍රේලියාව ලබන 8 වැනිදා සිට විවෘත වේ.

කෙසේ නමුත් බටහිර ඔස්ට්‍රේලියාවට ඇතුළුවන නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත වැසියන් ගුවන් තොටුපලේදී සෞඛ්‍ය පරීක්ෂාවකට හා උෂ්ණත්ව පරීක්ෂාවකට භාජනය විය යුතු වේ. එමෙන්ම G2G pass ලෙස හැඳින්වෙන, අදාළ පුද්ගලයින් මෑතකදී ගමන් කල විස්තර ඇතුලත් පත්‍රිකාවක්ද සම්පුර්ණ කලයුතු අතර අවශ්‍ය නම් COVID-19 පරීක්ෂණයක් සඳහාද මුහුණ දිය යුතු වේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -

SBS Radio APP එකෙන් (Free download)


දේශසීමා විවෘත කිරීම නිවේදනය කරමින් බටහිර ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය Mark McGowan, ඉවසිලිවන්තව සිටීම සම්බන්ධයෙන් සියලු දෙනාට ස්තුතිය පලකල අතර මේ වනවිට ඕස්ට්‍රේලියානුවන්ගේ කැපවීම ඔස්සේ, ඕස්ට්‍රේලියාව රටක් වශයෙන් ඉදිරියට පැමිණ ඇති බව සඳහන් කළේය.

මේ වනවිට කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා නොවී වික්ටෝරියා ප්‍රාන්තය දින 28ක කාලයක් ගත කොට ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය දින 24ක් ගත කොට තිබේ.

කෙසේ නමුත් දකුණු ඕස්ට්‍රේලියාවේ සිට බටහිර ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නන් තවමත් දින 14ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතු අතර නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ පවතින Nullarbor හරහා පැමිනේන්නන්ද දකුණු ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන පුද්ගලයින් ලෙස සැලකේ.

දකුණු ඔස්ට්‍රේලියාව සඳහා පවතින දේශසීමා නීති පිළිබඳව ලබන සතියේදී සමාලෝචනය කිරීමට නියමිත අතර මෙම දේශසීමා නීති අවම වශයෙන් දෙසැම්බර් 11වනදා දක්වාවත් ක්‍රියාත්මක වන බව බටහිර ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය Mark McGowan පවසයි.

එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිටින තම දෙමාපියන් බැලීමට බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන් කල ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පසුගිය මාස 9ක කාලය අපහසු කාලසීමාවක් වූ බවයි. ප්‍රාන්තය තුල පුජනීය ස්ථාන සඳහා එක් පුද්ගලයකුට වර්ග මීටර 2ක් වන නීතිය ඉවත් කරන අතර මෙම ස්ථාන සඳහා සියයට 60ක ධාරිතාවයක් ලෙස පුද්ගල රැස්වීම සඳහා ඉඩකඩ ලබාදෙන බව ඔහු පවසයි.

බටහිර ඕස්ට්‍රේලියාවෙන් නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හමු වී ඇති අතර ඔවුන් සියලු දෙනා හෝටල් නිරෝධායනයේ පසුවූවන් වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා සීමා තව දුරටත් ලිහිල් වේ
මේ වනවිට කිසිදු ප්‍රජා සම්ප්‍රේෂණයක් වාර්තා නොවී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය දින 24ක කාලයක් ගතකොට ඇති අතර මේ හේතුවෙන් ප්‍රාන්ත රජය මෙම තීරණය ගෙන තිබේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය දේශසීමා විවෘත කිරීමත් සමග Virgin Australia ගුවන් සමාගමේ ගුවන් ටිකට් පත් විශාල සංක්‍යාවක් අලෙවි වී ඇති අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට යාම සඳහා දහස් ගණනක් ගුවන් ටිකට්පත් වෙන් කොට ඇති බව එම ගුවන් සමගම පවසයි. එමෙන්ම Jetstar සහ Qantas ගුවන් සමාගම්හි ටිකට්පත් දහස් ගණනක් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය වෙත යාම සඳහා පුද්ගලයින් වෙන් කොට ඇති බවද වාර්තා වේ.

අද දින පමණක් ගුවන් මගීන් 9,000ක් පමණ ප්‍රාන්ත අතර සංචාරයේ නිරත වන අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය දේශසීමා විවෘත කිරීම හේතුවෙන් Jetstar සහ Qantas ගුවන් සමාගම් හි කාර්යමණ්ඩල සාමාජිකයින් 1,200 දෙනෙකු පමණ නැවත සේවයට පැමිණෙනු ඇති බව එම සමාගම් පවසයි.

අඟහරුවාදා දින සිට ක්වීන්ස්ලන්තය, නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත අතර සතියකට ගුවන් ගමන් වාර 420ක් පමණ සිදුකිරීමට මෙම ගුවන් සමාගම් බලාපොරොත්තු වේ.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල එක් නිවසකට පැමිණිය හැකි පුද්ගලයින් සංක්‍යාව, ගෘහස්ත ස්ථානයන්හි 30 දෙනෙකු දක්වාත් එළිමහන් ස්ථානයන්හි 50 දෙනෙකු දක්වාත් ඉහල දමා තිබේ.

පොදු ස්ථාන වල පුද්ගලයින් 50 දෙනෙකුට රැස්වීමේ හැකියාව හිමිවේ.

ආගන්තුක සත්කාරක සේවා ස්ථාන තුල එක් පුද්ගලයකුට වර්ග මීටර දෙකක් වන ලෙස සිටීමට අවසර හිමි වන අතර ආගමික සේවා සඳහා පුද්ගලයින් 500 දෙනෙකුට රැස්වීමේ හැකියාව පවතී.

පබ් සහ කුඩා ප්‍රමානයේ මත්පැන් හල් පරිශ්‍ර තුල එළිමහනේ අහාර ගැනීමට අවසර ලැබේ.

මේ අනුව සමස්ත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරාම ක්‍රියාත්මක වන පරිදි Alfresco dining ක්‍රමයට අනුව එළිමහනේ අහාර ගැනීම සඳහා පුද්ගලයින්ට අවසර හිමිවේ.

පසුගිය පැය 24ක කාලය තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් සියලු දෙනා හෝටල් නිරෝධායනයේ පසුවූවන් බව NSW Health හි වෛද්‍ය Jeremy McAnulty පවසයි. පැවති දැඩි උෂ්ණත්වය හේතුවෙන් ප්‍රාන්තය තුල සිදුකෙරෙන පරීක්ෂණ සංක්‍යාව පහත මට්ටමක පවතින අතර දේශසීමා විවෘත කිරීම හේතුවෙන් මෙලෙස පරීක්ෂණ අඩු මට්ටමක පැවතීම යහපත් නොවන බව ඔහු පවසයි.
A woman wearing a face mask as a preventative measure against coronavirus COVID-19 walks in front of the Sydney Harbour Bridge in Sydney.
A woman wearing a face mask as a preventative measure against coronavirus COVID-19 walks in front of the Sydney Harbour Bridge in Sydney. Source: AAP
මේ අතර, ආගමික ස්ථාන සඳහා පවතින එක් පුද්ගලයකු සඳහා වර්ග මීටර 2ක් වන නීතිය සහ පවතින ආගමික ගායනා තහනම ඉවත් කරන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කම්කරු නායක Jodi McKay සඳහන් කරයි. වර්තමානයේ පවතින මෙම නීතීන් අසාධාරණ වන අතර එම නීතීන් ආගම කෙරෙහි විශ්වාසයක් තබන පුද්ගලයින් සඳහා හානියක් වන බව ඇය පෙන්වා දේ.

ඇය පෙන්වා වැඩි දුරටත් පවසන්නේ Footy grand final සඳහා පුද්ගලයින් 40,000කට සහ Everest තුරඟ තරඟ සඳහා පුද්ගලයින් 11,000කට සහභාගී වීමට අවසර ලබාදෙන අතරතුර ආගමික ස්ථාන සඳහා පුද්ගලයින් 300 දෙනෙකු සඳහා පමණක් අවසර ලබාදීම තේරුමක් නොමැති තත්වයක් බවයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


එමෙන්ම karaoke සඳහා පුද්ගලයින් වැඩි පිරිසකට අවසර ලබාදෙන අතරතුර කැරොල් ගායනා සඳහා පුද්ගලයින් 5 දෙනෙකුට පමණක් අවසර ලබාදීමද හාස්‍යජනක බව Jodi McKay පවසයි.


එළිමහන් ස්ථාන වල පුද්ගලයින් 30 දෙනෙකුට ගායනා කිරීමේ හැකියව පවතින අතර ගායනා සඳහා සහභාගී වන වයස අවුරුදු 12 ට වැඩි සෑම අයකුම මුහුණු ආවරණ පැළඳිය යුතු වේ.

එළිමහන් ප්‍රසංග සඳහා පුද්ගලයින් 3,000කට අවසර පවතින අතර අවමංගල්‍ය උත්සව සඳහා පුද්ගලයින් 300 දෙනෙකුට සහභාගී වීමට අවසර හිමි වේ.





 


Share
Published 1 December 2020 6:21pm
Updated 1 December 2020 6:45pm
Source: AAP, SBS


Share this with family and friends