Voice to Parliament ජනමත විචාරණය පැවැත්වීම සඳහා වූ පනත් කෙටුම්පත ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවේදී ඡන්ද 52 ට 19 ක් ලෙස සම්මත වීමෙන් පසු ඉදිරි මාස හය ඇතුළත ඔස්ට්‍රේලියානුවන්ට නිල වශයෙන් Voice to Parliament ජනමත විචාරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය ලැබෙනු ඇත.
2017 Uluru ප්‍රකාශයේ ප්‍රධාන කුළුණක් වන Voice හෙවත් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ හඬ ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුද යන්න පිළිබඳ සමස්ත ඔස්ට්‍රේලියානුවන් දැන් මෙම ජනමත විචාරණයේදී තීරණය කරනු ඇත.
සෙනට් සභාවේ වැඩි ඡන්දයෙන් සම්මත වූ නිසා එයට පාර්ලිමේන්තුවේ තිබුණු අවසාන බාධාවත් නිල වශයෙන් ජය ගත්තේය.
මෙම ජනමත විචාරණයේ "ඔව්" සඳහා ඡන්දය භාවිත කිරීම ප්‍රවර්ධනය කරන ව්‍යාපාරය දැන් "පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අවසන්" බව ප්‍රකාශ කර ඇති බවත් දැන් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ව්‍යවස්ථාපිත වෙනසක් ලබා දීම සඳහා බිම් මට්ටමේ ව්‍යාපාරය සාර්ථක කරගනීමට අවශ්‍ය බවත් පැවසීය.
මෙම වර්ධනය ඔස්ට්‍රේලියාව ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගැනීමට සහ "ශ්‍රේෂ්ඨ රටක් තවත් ශ්‍රේෂ්ඨ" කිරීමට "එක් පියවරක් සමීප කර" ඇති බව ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ කටයුතු පිළිබඳ අමාත්‍ය Linda Burney පැවසුවාය.
අගමැති Albanese ගේ ස්ථාවරය
Voice තනිකරම උපදේශන ආයතනයක් වන අතර, විශේෂයෙන්ම ඔවුන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සහ රජයට උපදෙස් දීමට ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ඒ හරහා අවස්ථාව ලබා දෙන බව කම්කරු පක්ෂ රජය අවධාරණය කරයි.
නමුත් මෙම යෝජනාව අවදානම් සහගත බවත් මේ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ප්‍රමාණවත් බලයක් ලබා නොදෙන බවටත් ඇතැම්හු තර්ක කරති.
වසර 25 කට පමණ පසුව ඔස්ට්‍රේලියාවේ ජනමත විචාරණයක් පැවැත්වෙන අතර මෙම Voice to Parliament ජනමත විචාරණය ඉදිරි මාස 2කත් 6 ත් අතර කාලයේ දී පැවැත්විය යුතු බවට තීරණය කර තිබේ.
මේ අතර මෙම ජනමත විචාරණය මේ වසරේ පැවැත්වෙනු ඇති බව අග්‍රාමාත්‍ය Anthony Albanese සඳහන් කළේය.
"මෙය අපගේ ශ්‍රේෂ්ඨ ජාතිය තවත් ඉහලට ඔසවා තැබීමට ජීවිතයේ එක් වරක් ලැබෙන අවස්ථාවක්" ලෙසද ඔහු ප්‍රකාශ කළේය.
මෙය ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සඳහා දේවල් කරනවා වෙනුවට, ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සමඟ වෙනසක් කිරීමට, වඩා හොඳ දේවල් කිරීමට අවස්ථාවක් බවත් අගමැතිවරයා පැහැදිලි කළේය.

Ms Burney, seated left, was present for the debate. Source: AAP / Lukas Coch
ලිබරල් සන්ධානයේ බහුතරය Voice to Parliament ජනමත විචාරණය පැවත්වීමේ පනතට පක්ෂව ඡන්දය දුන් නමුත් Voice to Parliament. පිහිටුවීමට ඔවුන් එකඟ වූ නිසා එසේ ඡන්දය නොදුන් බව ලිබරල් පක්ෂයේ සෙනට් සභික Michaelia Cash පැවසුවාය.
ජනමත විචාරණය සාර්ථක වුවහොත් එය "අපගේ මූලික වටිනාකම්වලින් එකක් වන පුරවැසිභාවයේ සමානාත්මතාවය විනාශ කරනු ඇති" බව ඇය පැවසුවාය.
මෙහිදී බලය "බෙදී යන" ආයතනය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රමාණවත් විස්තර සැපයීමට කම්කරු පක්ෂය අපොහොසත් වූ බව ද ඇය ප්‍රකාශ කළාය.
නමුත් මෙම ජාතියේ ජනතාව සහ මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ඔවුන්ට ඇති අයිතිය පිළිබඳ විශ්වාස කරන බවද ඇය පැවසුවාය,
ජනමත විචාරණයෙන් පසු පාර්ලිමේන්තුවෙන් පිටව යාම නීතිමය අවදානමෙන් පිරී ඇති බව Warlpiri/Celtic කාන්තාවක් වන ලිබරල් සන්ධානයේ ස්වදේශික ඔස්ට්‍රේලියානු කටයුතු පිළිබඳ ප්‍රකාශිකා Jacinta Price තර්ක කළාය.
ලිබරල් සන්ධානයේ සෙනට් සභිකයින් අතලොස්සක් මෙම පනතට විරුද්ධව ඡන්දය දුන් අතර, ඔවුන් මෙහිදී බොහෝ විට "No" ව්‍යාපාරය සඳහා දායක වනු ඇත.

Minister for Indigenous Australians Linda Burney poses for a photo with 40 members of Jawun at Parliament House in Canberra. Source: AAP / Mick Tsikas
ඓතිහාසික දිනය ග්‍රීන්ස් පක්ෂය සාදරයෙන් පිළිගනියි
Voice සංවිධානය ගෙන ඒමට පෙර එම ගිවිසුම සහ එහි සත්‍යය කරුණු හෙළිදරව් කළ යුතුය පිළිබඳ සම්මුතියක් ඇති කර ගත් ග්‍රීන්ස් පක්ෂයේ ස්වදේශික ඔස්ට්‍රේලියානු කටයුතු පිළිබඳ ප්‍රකාශිකා Dorinda Cox, ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට මෙය සැබවින්ම ඓතිහාසික දිනයක් ලෙස ප්‍රකාශ කළාය.
"පාර්ලිමේන්තුවේ වැඩ නිමයි. බිම් මට්ටමේ "ඔව්" ව්‍යාපාරය ප්‍රජාව අතරට ගොස් මෙම ජනමත විචාරණය එතරම් වැදගත් වන්නේ ඇයිද යන්න සහ Voice to Parliament එතරම් වැදගත් වන්නේ මන්දැයි සියලු ඔස්ට්‍රේලියානුවන් සමඟ බෙදා ගැනීමට දැන් කාලය එළඹී තිබෙනවා," ඇය පැවසුවාය.
Voice ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ ස්වෛරීභාවයට බාධාවක් නොවන බව සෙනෙට් සභික කොක්ස් අවධාරණය කළ අතර, ස්වාධීන සෙනෙට් සභික Lidia Thorpe විසින් ඇයට එහිදී දිගින් දිගටම බාධා කරන ලදී.
සෙනෙට් සභික Lidia Thorpe, Voice සඳහා නිදහස් ව්‍යාපාරයක් පැවැත්වීමේ අරමුණින් ග්‍රීන්ස් පක්ෂයෙන් මීට පෙර ඉවත් වුවාය.
"එය ඔප්පු කරන්න!" සෙනෙට් සභික Thorpe නැවත නැවතත් එහිදී කීවාය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
Voice හි 'ව්‍යාජ සහ මවාපෑමේ' ස්වභාවය Lidia Thorpe හෙළිකරයි
DjabWurrung, Gunnai සහ Gunditjmara කාන්තාවක වන සෙනෙට් සභික Thorpe, පසුගිය සඳුදා (ජුනි 19 වනදා) "assimilation day" හෙවත් "විවිධ ජනවාර්ගික උරුමයන් සහිත පුද්ගලයන් හෝ කණ්ඩායම් සමාජයක ප්‍රමුඛ සංස්කෘතියට අවශෝෂණය කිරීමේ දිනය" ලෙස විස්තර කළාය.
මේ අතර Voice to Parliament ජනමත විචාරණය වර්ජනය කරන ලෙස ඇය ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටී.
මෙම ව්‍යවස්ථාව "මිනී පෙට්ටියේ අවසන් ඇණය" ලෙස විස්තර කළ නමුත් ඇය ජනමත විචාරණයේදී ඡන්දය දෙන්නේ කුමන ආකාරයෙන්ද යන්න තවමත් හෙළි කර නොමැත.
"අපිට කිසිම බලයක් ලබා නොදීමේ මෙම විනාශකාරී අදහසට මම "එපා" ලෙස ඡන්දය දෙන්නෙමි," ඇය පැවසුවාය.
"නමුත් මගේ ජනතාවට බලයක් ලබා නොදෙන දෙයකට මට සහාය දිය නොහැකියි, බලයේ සිටින කවුරුන් විසින් හෝ තෝරා ගන්නා දෙයකට මට සහාය දිය නොහැකියි." ලෙසද සෙනෙට් සභික Thorpe ප්‍රකාශ කළාය.
මේ රටේ ස්වදේශික ඔස්ට්‍රේලියානු ජනතා පරමාධිපත්‍යය හඳුනාගැනීමෙන් ඔස්ට්‍රේලියාව දැන් සිටින යටත් විජිත, ප්‍රචණ්ඩකාරී ආයතනය දියකර හරිනු ඇති බවත් තමන් පාර්ලිමේන්තු පැමිණියේ සුදු ආධිපත්‍යය විනාශ කිරීමට බවත් ඇය පැවසුවාය.
විවාදය අතරතුර 'Gammin' යන වචනය යෙදූ ටී ෂර්ට් එකක් ඇඳ සිටි සෙනෙට් සභික Thorpe, අත්අඩංගුවේ පසුවන ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ මරණ සම්බන්ධයෙන් රාජකීය කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියාය.
Gammin, අපි දන්නා පරිදි, ව්‍යාජ සහ මවාපෑමක් ලෙස ඇය පැවසුවාය.

Independent senator Lidia Thorpe reacts during debate on the Voice to Parliament in the Senate chamber at Parliament House. Source: AAP / Lukas Coch
ආන්දෝලනාත්මක Pauline Hanson ගේ මතය
ඔස්ට්‍රේලියාවේ Stolen Generations හෙවත් ස්වදේශික ඔස්ට්‍රේලියානු පවුල්වල දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කළේ ඇයිදැයි අසන ලෙස One Nation පක්ෂයේ සෙනට් සභික Pauline Hanson මෙම විවාදයේදී ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටියාය.
“මෙම විවාදය පුරාවටම හොඳ අවධානයකින් සිට වඩා හොඳ පැත්තට සවන් දෙන ලෙස සහ එය ගෞරවනීය මට්ටමක තබා ගන්නා ලෙස තමන් ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය ප්‍රකාශ කළාය.
"රටක් ලෙස අප කළ යුතු වඩා හොඳ කොටස සොයා ගත හැක්කේ එවිට පමණි." ඇය තවදුරටත් පැවසුවාය.

Senator McCarthy conceded concern over the tenor of the debate, just moments after Pauline Hanson's (pictured) comments. Source: AAP / Lukas Coch
ඔව් ද? නැත ද?
ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් උපදෙස් සැපයීම සඳහා පාර්ලිමේන්තුවට සහ ෆෙඩරල් රජයට ස්ථිර ස්වාධීන ආයතනයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීමට තමන් සහාය දක්වන්නේද යන්න පිළිබඳ මේ වසර අගදී මෙම ජනමත විචාරණයෙන් විමසනු ලබයි.
එහිදී ඔස්ට්‍රේලියානුවන්ට ඒ සඳහා කැමති නම් "ඔව්" ලෙසත් අකමැති නම් "නැත" ලෙසත් ඡන්දය ප්‍රකාශ කිරීමට අයිතිය හිමිවේ.
සාර්ථක ජනමත විචාරණයක් පැවැත්වුවහොත් මෙහි ආකෘතියේ සැලසුම සහ විස්තර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් තීරණය කරනු ලැබේ.
ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වැසියන් අත්විඳින දුප්පත් සෞඛ්‍ය, සමාජ-ආර්ථික සහ අඩු ආයු අපේක්ෂා ප්‍රතිඵල ඉලක්ක කර ගැනීමට අවශ්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙය ඉවහල් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔස්ට්‍රේලියානුවන්ගේ කටයුතු පිළිබඳ අමාත්‍ය Linda Burney පැවසුවාය.
නිලධාරිවාදය ඉවත් කරන්න
තම පක්ෂය Voice to Parliament ජනමත විචාරණයේ "No" යනුවෙන් ඡන්දය දෙන ලෙසට ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරක කටයුතු කරන බව Nationals පක්ෂයේ නායක David Littleproud පසුගිය වසරේ නොවැම්බරයේදී ප්‍රකාශ කළේය.
මෙම යෝජනාව "අව්‍යාජ ලෙස ස්වදේශික ජනතාව සහ ඔස්ට්‍රේලියානු සමාජය අතර ඇති පරතරය වසා දමනු ඇතැයි" තමා නොසිතන බව ද ඔහු එම අවස්ථාවේදී පැවසීය.
තමන් තවමත් එම ස්ථාවරය පිළිගන්නා බවත්, විසඳුම සඳහා ව්‍යවස්ථානුකූලව Voice to Parliament අවශ්‍ය නොවන බව තමා විශ්වාස කරන බවත් ඔහු පැවසීය.
"මෙම ගැටලුව විසඳීමට උත්සාහ කිරීම සඳහා රජයන් ඩොලර් බිලියන ගණනක් වියදම් කර තිබෙනවා, නමුත් අපි එය කර ඇත්තේ වැරදි ආකාරයෙන්," ඔහු ABC ගුවන් විදුලියට පැවසීය.
"සමානාත්මතාවයේ අභිප්‍රාය සැමවිටම පවතී, අවශ්‍යව ඇත්තේ එය ක්‍රියාත්මක කිරීම පමණි," ඔහු පැවසුවේය.
Voice to Parliament නොව ප්‍රජා මට්ටමින් විසඳුමක් මේ සඳහා අවශ්‍ය වන බවද ඔහු පැවසීය.
"ප්‍රාදේශීය මට්ටමින් නොව ප්‍රජාවක වැඩිහිටියන් සමග සම්බන්ධ වී බල ගැන්වීමට අවශ්‍යයි... කැන්බරාවලින් නිලධාරීන් ඉවත් කර නගර ශාලා සහ කඳවුරු බිම්වලට ගෙන ගොස් එම වැඩිහිටියන්ට සවන් දීමට ඔවුන්ව යොමු කළ යුතුයි." Nationals පක්ෂයේ නායක David Littleproud පැවසුවේය.