වික්ටෝරියා ප්‍රාන්තයේ නව කොරෝනා ප්‍රබේදය ශ්‍රී ලංකාවෙන් පැමිණ ඇති බවට දරුණු සැකයක් (SBS සිංහල/වාර්තා)

පසුගිය පැය 24ක කාලය තුලදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු වාර්තා වූ අතර ඔවුන් සියලු දෙනා මින් පෙර හමු වූ ආසාදිතයින් හා සම්බන්ධ වේ.

A person is seen wearing a face mask in Melbourne, Friday, June 4, 2021. Victoria has recorded four new locally acquired cases of coronavirus in the past 24 hours. (AAP Image/James Ross) NO ARCHIVING

A person is seen wearing a face mask in Melbourne Source: AAP

Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයට ශ්‍රී ලංකාවෙන් පැමිණි අයකුගෙන් නව කොරෝනා ප්‍රබේදය වැළඳී ඇති බවට වන සැකය
  • වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown තත්වයේ ඉදිරිය පිලිබඳ ප්‍රාන්ත බලධාරීන්ගේ මතය

වික්ටෝරියා ප්‍රාන්තයට ශ්‍රී ලංකාවෙන් පැමිණි අයකුගෙන් නව කොරෝනා ප්‍රබේදය වැළඳී ඇති බවට වන සැකය

වික්ටෝරියා ප්‍රාන්තය තුල ශීග්‍ර ලෙස පැතිර ගිය Delta නමින් හඳුන්වන නව කොරෝනා ප්‍රබේදය පසුගිය මස මුලදී ඔස්ට්‍රේලියාවට නැවත පැමිණි සංචාරක පුද්ගලයකු හරහා සිදුව ඇති බවට හෙළිව තිබේ.
මෙල්බර්න් හි Glen Eira ප්‍රදේශ වැසියෙකු වන මෙම පුද්ගලයා පසුගිය මැයි මස 8 වැනිදා ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඇති අතර මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින කොරෝනා ප්‍රබේදයේ ජානමය අනුක්‍රමය එම පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල සමග සැසඳෙන බව වික්ටෝරියානු වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino පවසයි.
Acting Victorian Premier James Merlino speaks to the media.
Acting Victorian Premier James Merlino Source: AAP
මෙම පුද්ගලයා නිරෝධායනය වීම සඳහා Ibis හෝටලයේ මැයි 8 වැනිදා මුලින්ම සිට ඇති අතර පසුව මැයි මස 9 වැනිදා Holiday Inn හෝටලය වෙත මාරු කොට තිබේ. නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරුව මැයි මස 23 වැනිදා ඔහු Holiday Inn හෝටලයෙන් පිටත්ව ගොස් ඇති අතර මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් හඳුනාගත් ආසාදිතයින් හට වෛරසය අසාදනය වී ඇත්තේ මෙම පුද්ගලයා හරහාද යන්න පිළිබඳව බලධාරීන් පරීක්ෂණ අරඹා තිබේ.

ප්‍රාන්ත වැඩබලන පොලිස් හා හදිසි සේවා අමාත්‍ය Danny Pearson සඳහන් කොට සිටියේ මෙම පුද්ගලයා සමග ඔස්ට්‍රේලියාවට පැමිණි සෙසු පිරිසට සිදු කල පරීක්ෂණ වලදී ඔවුන් වෛරසයට සෘණාත්මක ප්‍රතිපල පෙන්වූ බවයි.

එමන්ම සිදු කල පරීක්ෂණ වලට අනුව, මෙම පුද්ගලයා මැයි මස 8 වැනිදා Ibis හෝටලයේ සිටින විට එදින නිරෝධායන කාර්යමණ්ඩල සාමාජිකයින් 268 දෙනෙකු එම හෝටලයේ සිට ඇති අතර මැයි මස 9 වැනිදා Holiday Inn හෝටලයේ නිරෝධායන කාර්යමණ්ඩල සාමාජිකයින් 360 දෙනෙකු සේවයේ නිරතව සිට ඇති හෙළිව තිබේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට 

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


කෙසේ නමුත් මේ වනතෙක් එම කාලය ඇතුලත මෙම හෝටල් තුල නිරෝධායන නීති උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් නොපවතින බව අමාත්‍ය Danny Pearson පවසයි.

කෙසේ නමුත් වික්ටෝරියානු වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino සඳහන් කොට සිටින්නේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 11.59ට මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයන්හි පවතින කොරෝනා සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුම් තවමත් හෙළි කල නොහැකි බවයි.

මේ වනවිට ප්‍රාන්ත Contact tracing කණ්ඩායම් සිය වගකීම සාර්ථක ලෙස සිදු කරන අතර මෙල්බර්න් කොරෝනා පොකුර හා සම්බන්ධ විය හැකි බවට සැක පවතින සියලු දෙනා සම්බන්ධ කරගැනීමට ඔවුන් සමත්ව ඇති බවද වැඩබලන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

ඊයේ (07/06) දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ අතර සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ 22, 814 ක් තුලින් මෙම ආසාදිත සංඛ්‍යාව හමුව තිබේ. එමෙන්ම ඊයේ දිනයේදී වික්ටෝරියානු වැසියන්ට කොරෝනා එන්නත් මාත්‍රා 21,192 ලබා දී ඇතැයිද වාර්තා වේ.
එමන්ම වික්ටෝරියා හි Yarraville, Maribyrnong, Southbank, Port Melbourne, South Melbourne, Flemington, Strathmore, Coburg North, Mickleham, Campbellfield සහ Melbourne නගරය ඇතුළු ප්‍රදේශ රැසක කොරෝනා අවදානමක් සහිත ස්ථාන හඳුනාගෙන තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown තත්වයේ ඉදිරිය පිලිබඳ ප්‍රාන්ත බලධාරීන්ගේ මතය

කොරෝනා අවදානමක් සහිත මෙම නව ස්ථාන හඳුනාගැනීමට පෙර වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton සඳහන් කොට සිටියේ පවතින lockdown තත්වය බ්‍රහස්පතින්දා රාත්‍රී 11.59 ට අවසන් වීමට සැලසුම් කොට ඇති බවයි. කෙසේ නමුත් ප්‍රාන්තය තුල කටයුතු පෙර පැවති තත්වයට ඉතා ඉක්මනින් පත් කිරීමට හැකියාවක් නොමැති වන බවද ඔහු පැවසීය.
Victorian Chief Health Officer Brett Sutton speaks to the media during a press conference in Melbourne on Monday, 31 May.
Victorian Chief Health Officer Brett Sutton Source: AAP
මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටියේ lockdown තත්වයෙන් පසු මෙල්බර්න් හි වැසියන් හටද මේ වනවිට එම ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයන්හි පවතින ආකාරයේ කොරෝනා සීමා පවතිනු ඇති බවයි.

මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තය තුල පුද්ගලයින් 5,800 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමු කොට ඇති අතර දින 13කට පසු ලැබුණු සෘණාත්මක ප්‍රතිපල ඔස්සේ පුද්ගලයින් 1,000ක් පමණ ඊයේ (07/06) සිය නිරෝධායන කාලසීමාව අවසන් කොට තිබේ. එමෙන්ම මීට සති දෙකකට පෙර ඇරඹුණු මෙල්බර්න් කොරෝනා පොකුරත් සමග මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ 570,000ක් පමණ සිදු කොට තිබේ.

 


Share
Published 8 June 2021 1:21pm
Updated 8 June 2021 5:11pm
By Nipuna Dodangoda
Source: AAP, SBS


Share this with family and friends