වික්ටෝරියානු ප්‍රාන්තවාසීන්ට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් ලබාදීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
මෙහි අත්හදා බැලීම් කටයුතු එළඹෙන ජූලි මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.
LISTEN TO

ඔබට වාසි රැසක් ගෙනෙන, ඕස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රයක් ලබාගන්නේ කෙසේද?
SBS Sinhala
13:47
වික්ටෝරියානු ප්‍රාන්තවාසීන්ට 2024 දී ඩිජිටල් රියදුරු බලපත්‍රයක්
වික්ටෝරියානු ප්‍රාන්තවාසීන්ට වසර 2024 දී ඩිජිටල් රියදුරු බලපත්‍රයක් භාවිත කිරීමට හැකිවනු ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කරයි.
වික්ටෝරියා ප්‍රාන්තය පුරා මෙය ව්‍යාප්ත කිරීමට පෙර 2023 ජූලි මාසයේදී සම්පූර්ණ රියදුරු බලපත්‍රලාභීන් (full licence holders) සඳහා Ballarat ප්‍රදේශයේදී මෙය තාක්ෂණික වශයෙන් අත්හදා බැලීම් ආරම්භ වේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඩිජිටල් රියදුරු බලපත්‍රය Service Victoria app එක හරහා ලබා ගත හැකි අතර එය අවලංගු කර හෝ අත්හිටුවා තිබේද යන්න ද එසැණින් තහවුරු කරගත හැකිවේ.
රියදුරන්ට ඔවුන්ගේ භෞතික රියදුරු බලපත්‍රය භාවිතා කිරීමට තවමත් අවස්ථාව තිබෙන බවද වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.
LISTEN TO

වික්ටෝරියානු ප්‍රාන්තයේ power saving වැඩසටහන් ගැන ඔබ දැනුවත්ද?
SBS Sinhala
07:24
ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයක් භාවිතා කරන සිව්වන ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වනු ඇත.
ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයක් භාවිතා කිරීම ආරම්භ කළ පළමු ප්‍රාන්තය බවට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වසර 2017 දී පත් වූ අතර 2019 දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය එම පියවර අනුගමනය කළේය.
පසුගිය මාසයේදී Townsville කලාපයට පළමුව හඳුන්වාදෙමින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය ද මෙම ඩිජිටල් රියදුරු බලපත්‍රයක් සිය ප්‍රාන්ත වැසියන්ට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ PR ගන්න නම් ජූලි 1 සිට වාර්ෂික වැටුප වසරකට $70,000 තෙක් වැඩිවිය යුතු තාවකාලික වීසාලාභීන් මෙන්න
SBS Sinhala
03:25
ඩිජිටල් රියදුරු බලපත්‍රයේ භාවිතය සහ දත්ත
මෙම ඩිජිටල් රියදුරු බලපත්‍රය අනන්‍යතා සාක්ෂියක් ලෙස ද භාවිත කළ හැකි බව වික්ටෝරියා ප්‍රාන්ත රජය තහවුරු කර ඇත.
පොලිස්, ව්‍යාපාර සහ අනෙකුත් බලධාරීන්ට QR කේතයක් හරහා එහි සත්‍යතාව තහවුරු කිරීමට හැකි වනු ඇතැයි ප්‍රාන්ත රජය පවසයි.
පුද්ගලිකත්ව හේතූන් මත ඇතැම් පුද්ගලික තොරතුරු පමණක් තම ඩිජිටල් රියදුරු බලපත්‍රයේ පෙන්වීමට පරිශීලකයින්ට අවස්ථාව ලැබේ.
LISTEN TO

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවන්ව හදන්න ඉතිහාසයේ පළමු වරට වරම් ලැබූ ශ්‍රී ලාංකිකයා SBS සිංහලට කතා කරයි
SBS Sinhala
17:01
රාත්‍රී සමාජ ශාලාවකට වැනි ස්ථානයකට ඇතුළු වන කෙනෙකුට රියදුරු බලපත්‍රයේ ඇති තම ලිපිනය එහි සිටින ආරක්ෂක නිලධාරීන්ට පෙන්වීමට අවශ්‍ය නොවන්නේ නම්, ඔවුන්ට ඔවුන් 18 ට වැඩි බවට වන සාක්ෂි පමණක් මෙම රියදුරු බලපත්‍රයේ පෙන්විය හැකි බව රාජ්‍ය සේවා අමාත්‍ය Danny Pearson පැවසුවේය.
පුද්ගලයෙකු මහ මගදී නැවැත්වුවහොත් මෙම ඩිජිටල් රියදුරු බලපත්‍රය scan කර අදාළ රියදුරුගේ රිය පැදවීමේ ඉතිහාසයට ප්‍රවේශ වීමට ද පොලිසියට හැකි වනු ඇතැයි ඔහු පැවසීය.
"අපට අවශ්‍ය වන්නේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දත්ත පාලනය කරන්නේ කෙසේද, ඔවුන් දත්ත භාවිතා කරන්නේ කෙසේද සහ ඔවුන් පෙන්වීමට හෝ නොපෙන්වීමට සූදානම් වන්නේ කුමන දත්ත ද යන්න තීරණය කිරීමට හැකි තේරීමක් ලබා දීමටයි," රාජ්‍ය සේවා අමාත්‍ය Danny Pearson පැවසීය.