ඔක්තෝබර් 21: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් නොමැතිව ආසාදිතයින් 3 ක්

維州的一間病理學實驗室出現技術故障,令當地有一萬人要等待他們的新冠測試結果。

維州的一間病理學實驗室出現技術故障,令當地有一萬人要等待他們的新冠測試結果。 Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් නොමැතිව ආසාදිතයින් 3 ක් වාර්තා වේ.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 6.2 ක් දක්වා යළි පහත වැටී තිබේ.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 0.4 ක් ලෙස සටහන් වේ.

එමෙන්ම කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් ආසාදිතයින් 10 දෙනෙකු මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් වාර්තා වන බවද සඳහන්.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 817 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 905 කි.


Share
Published 21 October 2020 12:54pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends