ඔක්තෝබර් 16: මාස හතරකට පසුව වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඩුම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වෙයි

General view of a discarded single use mask face in Carlton Gardens, Melbourne, Wednesday, August 19, 2020. Victoria has recorded 216 new cases of coronavirus and 12 deaths in the past 24 hours (AAP Image/James Ross) NO ARCHIVING

A discarded single use mask face lies in Carlton Gardens, Melbourne. Source: AAP

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වන නමුත් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොවෙයි.

පසුගිය ජුනි 09 වන දිනෙන් පසුව වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ අඩුම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද මෙය හැඳින්වේ.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 8.7 ක් දක්වා යළි පහත වැටී තිබේ.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 0.6 ක් ලෙස සටහන් වේ.

එමෙන්ම කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් ආසාදිතයින් 17 දෙනෙකු මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් වාර්තා වන බවද සඳහන්.

අද (16/10) වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 816 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 904 කි.


Share
Published 16 October 2020 9:10am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends