ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 7 ක් සමග කොරෝනා මරණ 5 ක් වාර්තා වෙයි.
ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 816 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 904 කි.
ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 9.6 ක් දක්වා යළි පහත වැටී තිබේ.
වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 0.6 ක් ලෙස සටහන් වේ.
එමෙන්ම කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් ආසාදිතයින් 14 දෙනෙකු වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන බවද සඳහන්.