නොවැම්බර් 05: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හමු නොවූ හයවන දිනය වාර්තා වේ

General view of coronavirus inspired street art in Black Rock, Melbourne, Wednesday, August 26, 2020.

General view of coronavirus inspired street art in Black Rock, Melbourne Source: AAP Image/James Ross

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හෝ වාර්තා නොවේ.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 1.4 දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 0 ක් ලෙස සටහන් වේ.

එමෙන්ම කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් ආසාදිතයන් දෙදෙනෙකු මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් වාර්තා වන බවද සඳහන්.

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් මේ දක්වා කොරෝනා මරණ 819 ක් වාර්තා වී ඇති අතර සමස්ත ඔස්ට්‍රේලියාවේම කොරෝනා මරණ සංඛ්‍යාව 907 කි.


Share
Published 5 November 2020 9:12am
By Madhura Seneviratne

Share this with family and friends