වික්ටෝරියා ප්‍රාන්තයේ අලුතින් කොරෝනා ආසාදිතයින් 75 ක් අද (29/06) දිනයේ වාර්තා වී තිබේ.
මේ වන විට වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුකදී මේ බව පැවසීය.
ඒ අනුව නොකඩවා 13 වන දිනයටත් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන 10 ට වඩා වැඩිවී තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තයෙන් පසුගිය සෙනසුරාදා (27/06) කොරෝනා ආසාදිතයින් 41 ක්ද ඊයේ (28/06) 49 ක් ද වාර්තා විය.
මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය නැවතත් දෛනිකව ඉහළ යන අයුරු පෙනෙන්නට ඇති බව ප්‍රාන්ත රජය පෙන්වා දෙයි.

Source: SBS Sinhala