ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 41 ක් සමග කොරෝනා ආසාදිතයින් 73 ක් වාර්තා වේ.
අදාළ මරණ 41 න් 22 ක් මීට පෙර සිදුවූ ඒවා නමුත් ඒවා නිල වශයෙන් වාර්තා වුයේ ගත වූ පැය 24 තුළ බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
සිව්වන මට්ටමේ lockdown නීති පැනවූ කාලයේ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ අඩුම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද ගතවූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් 73 දෙනා හැඳින්වේ.
ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 565 කි.
ඒ සමග සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (31/08) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 641 ක් දක්වා ඉහළ ගොස් ඇත.