ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 331 ක් සමග තවත් කොරෝනා මරණ 19 ක් වාර්තා වී තිබේ.
එමෙන්ම ඊයේ (10/08) පෙරවරුව වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 322 ක් සමග කොරෝනා මරණ 19 ක් වාර්තා විය.
ඊයේ සහ අද දින වල වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව මෙතෙක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයකින් දිනකදී වාර්තා වූ ඉහළම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස සඳහන්.
මේ අතර ඊයේ අලුතින් වාර්තා වූ නව ආසාදිතයින් 322 දෙනාගෙන් 105 දෙනෙකුට වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් හමුවී නොමැත.