ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා මරණ 4 ක් සමග ආසාදිතයින් 45 ක් වාර්තා වේ.
ඒ සමග මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 749 කි.
එමෙන්ම සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම අද (18/09) වන විට වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 836 කි.
මේ අතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 50 ට වඩා පහත බැස ඇති බවත් එය සුබදායී තත්ත්වයක් බවත් වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.
මේ වන විට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ එම සාමාන්‍ය අගය 44.4 ක් ලෙස සටහන් වේ.